Saturday, September 8, 2012

පසේ හෝ හාල්වල හෝ කොතැනක හෝ ඇති ආසනික් හා එවැනි රසායනික හදුනා ගන්නේ කෙසේද?



ආසනික් යනු කාර්මික අපද්‍රව්‍ය, හම් හා ලී පදම් කරන කර්මාන්ත, කෘමි හා වල් නාශක වැනි දේ නිසාවෙන් භූගත ජලයට හා පසට එක් විය හැකි මිනිසාට හානිකර රසායන අතරින් සුප්‍රසිද්ධ රසායනයකි. ආසනික් පමනක් නොව කැඩ්මියම් වැනි තවත් බොහෝදේ මෙවැනි අවදානම් අයුරින් පරිසරයට එක්වේ. ඉහත දැක්වූ අවදානම් පවතින ප්‍රදේශවල අවම තරමින් භූගත හා පරිභෝජනයට ලක්වන ජලය මෙවැනි රසායනිකයන් උදෙසා පරීක්ශා කරයුතුය.

ආසනික් විසවු දියනියක් (බංග්ලාදේශ )


එය කරන්නේ කෙසේද? මේ සදහා ලොව පිලිගත් ක්‍රමවේද රසායන විද්‍යාව සතුය. සාමාන්‍යයෙන් කොටස් බිලියනකට කිහිපයක් පමනක් මෙම රසායනය යම් සාම්පලයක (පස්, හාල්, වතුර ) තිබුනද හදුනාගත හැකි ලෙසින් තියුනු ක්‍රමවේද ලොව සතුව ඇත. 

පලපුරුදු රසායන විද්‍යාඥයින් විසින් සිදුකරන පුර්ව ප්‍රතික්‍රියාවලින් ( උදා: acidic extraction or acidic oxidation digestion) පසුව පරමානුක ප්‍රතිදීප්ත වර්ණාවලීක්ශය (atomic fluorescence spectroscopy (AFS)) හා පහත ඉන්ග්‍රීසි බසින් දැක්වෙන නවීන උපකරන වලින් ආසනික් හෝ එවැනි බොහෝ රසායනික හොදින් හදුනා ගත හැක.මෙහිදී පුර්ව ප්‍රතික්‍රියා වලදී සිදුවන්නේ ඉතා අල්ප වශයෙන් ඇති හා සාම්පලයේ සංගටක අතර සැගව ඇති ආසනික් අයන හදුනා ගැනීම උදෙසා ඇද බැද ගැනීමයි. ඉන් පසු උපකරනයෙන් සිදු කරන්නේ තිබෙන සංගටකය තහවුරු කරගැනීම හා තිබෙන ප්‍රමාණය ගනණය කිරීමයි.

Graphite furnace atomic absorption (GFAA),
Hydride generation atomic absorption spectroscopy (HGAAS),
Inductively coupled plasma-atomic emission spectrometry (ICP-AES)
Inductively coupled plasma-mass spectrometry (ICP-MS)

මෙම ලිපිය ලියන මා හට ICP-MS උපකරණය පිලිබද මනා අවබෝධයක් ඇති අතර එය කොටස් බිලියනයකින් පමණක් නොව කොටස් ට්‍රිලියනයක් අතර සැගවී ඇති එක් පරමාණුවක් උවද හදුනාගත හැකි අති නවීන උපකරණයකි.  මෙවැනි උපකරන වලින් සිදුකරන පර්යේශන වල වාර්තා ජාත්‍යන්තර බසකින් ලොව පිලිගත් විද්‍යා සගරාවලට (peer reviewed journals) ඉදිරිපත් කල හැකි අතර එයින් මෙම ප්‍රශ්නවලට සත්‍යවශයෙන්ම ලෝක අවදානයක් ගත හැක.

මේ ලිපියේ අරමුණ මෙවැනි සියුම් තාක්ශනයක් ලොව ඇතිබව ශ්‍රීලාංකිකයන්ට පෙන්වා දීම මිස රසායන විද්‍යාව ඉගැන්වීම නොවන හෙයින් හා පර්යේශන ලිපියක් ලියා අවසන් වනතුරු මාගේ මහාචාර්ය වරයා මග බලාගෙන සිටින හෙයින් (කාලය සීමිතය ) මෙම ක්‍රමවේදය ඉතා සැකවින් විස්තර කලෙමි.

දැන් ඔබට ඇති ප්‍රශ්න අතර , මෙය මෙසේ කල හැකිනම් මහත් ආන්දෝලනයට තුඩු දී ඇති රජරට ආසනික් සිද්දියේදී මෙම ක්‍රමවේද බාවිත නොකරන්නේ මන්ද යන්නත් විය හැක. එයට පිලිතුරු ගොඩාක් ඇත. නමුත් මෙම බ්ලොග් අඩවියේ මා විසින්ම පනවා ගත් ප්‍රතිපත්තියක් ලෙස මා අනුන් විවේචනය නොකරන නිසාවෙන් පිලිතුරු ගිල දමා ගනිමි.

ඔබට හැකියාවක් ඇතොත් මෙයට comment දමා තවත් දැනුම එක් කරන්න. මම කාර්ය බහුල නිසා මෙය වඩාත් විස්තර කලේ නැත. ඔබ සතුව දැනුම ඇතොත් එක් කරන්න. මෙය facebook wall, linked in, email වලට share කර මෙම දැනුම රටේ වගකිවයුතු තැනක අයෙකුට හෝ එවැන්නෙකුගේ දරුවෙකුට හෝ දන්වන්නට උත්සුක වන්න. 

ස්තුතියි

(මෙම උපකරන ලංකාවේ ඇත් දැයි මා නොදනිමි. නොමැතියැයි කියා පසු බට විය යුතු නොවේ. මක්නිසාද සාම්පල පිටරට යවා මෙම පරීක්ශාව ඉතා පහසුවෙන් කරගත හැකි නිසාවෙනි)




6 comments:

  1. නියම පැත්තක් ගැන ඔයා ලියන්න අරන් තියෙන්නේ.ඔන්න අපෙන් සුභ පැතුම්
    www.mashguru.com

    ReplyDelete
    Replies
    1. ඔයාගේ ස්තූතියි. ඔයාගේ බ්ලොග් එකත් (වෙබ් අඩවියක්ද කියලත් හිතෙනවා) මම කියෙව්වා. මේක ඔයා ඉන්ග්‍රීසියෙන් කලා නම් ඔයාට හොද ගානක් ads වලින් හොයන්න තිබුනා නේ. Mashable ඩොලර් මිලියන ගානකට වටිනාකමක් ගත්තා කියලා දන්නවද? යාලුවෝ කට්ටියක් සෙට් කරගෙන, පටන් ගන්න ඉන්ග්‍රීසි සයිට් එකක්.

      Delete
  2. මමත් මෙන්න මෙහෙම ලිව්වා කාලෙකට ඉහතදී

    http://tinyurl.com/3v6x8dw

    කියවලා බලන්න.....

    දිගටම ලියන්න... අපි මිනිස්සු දැනුවත් කළ යුතුයි.... දිගට විස්තරාත්මකව ලියන්න....

    ජය

    ඇල්

    ReplyDelete
    Replies
    1. මම මේ බ්ලොග් එක නිතර කියවනවනේ. මම බ්ලොග් කලේ නම් ගොඩාක් ඉස්සර ඉදලා. ඒත් සිංහල බ්ලොග් වලට පිවිසෙන්න, ඔයාගේ බ්ලොග් එක හා තවත් බ්ලොග් ගනනාවක් මට උත්පේරකයක් උනා

      Delete
  3. මමත් පොඩියට හරි යමක් කියන්න කැමතියි.
    ඔබ සදහන් කල ක්‍රම සියල්ලේම කැපිපෙනෙන දෝෂයක් තියනව. එනම් නියැදියක් ගෙන එය පරික්ෂාවට පෙර අදාළ ලෙස සකසා ගත යුතු (sample preparation) වීමයි. කොටින්ම ultra pure acid වලත් අපද්‍රව්‍ය ppb හෝ ppt මට්ටමින් ඇත. හුළං පාරක් වැදුනත් කචල් බව ඔබට වැටහෙනවා ඇති.
    එසේ නම් අඩුම රසායන යොදා නියැදි සකසා ගත යුතු ක්‍රමයක් වඩා සුදුසුය. XRF සහ t-XRF වඩාත් සුදුසු යැයි හැගේ. නමුත් මෙහිදී අදාළ මුලද්‍රව්‍යයේ මුළු සංයුතිය ලබාදේ. +3, +2 ආදිය නැතුව ආසනික් නම් ඔක්කොම ආසනික්.
    ස්තුතියි.
    t-XRF සදහා නියැදිය ද්‍රව වීම අනිවාර්ය නොඌවද, බොහෝ විට ද්‍රවයක් ලෙස ගැනීමට සිදුවේ. එක් එක් පහසුකම් ඇති උපකරණ පිළිබද ගැඹුරු කතා මෙතෙන්ට ඕනි නැහැ නේද.
    .........
    ලංකාවේ ICP උපකරණ ඇත. XRF,t-XRF ද ඇත. නමුත් ඒවායේ නිරවද්‍යතාවයත් ගැන මම මෙතන සදහන් නොකරමි.

    ReplyDelete
    Replies
    1. මෙන්න මේ වගේ බලාපොරත්තුවෙන් තමයි මම මේ බ්ලොග් එක ලියන්නේ. මගේ දැනුමත් වැඩිවෙනවා, මගේ බ්ලොග් ලිවීමේ උනන්දුවත් වැඩිවෙනවා. බොහොම ස්තූතියි.

      මගේ ලිපියේ බලා පොරත්තුව ආසනික් තිබෙන බව හදුනා ගැනීමට ක්‍රම රසායන විද්‍යාවේ ඇති බව කීම විනා එය සවිස්තරාත්මකව කීම නොවේ. ඒ සදහා පිටු ගන්නාවක් ලිවීමට සිදුවනු ඇත. මම හුදෙක් බලාපොරොත්තු උනේ ක්‍රමයක් ඇතිබව පමණක් කීමයි.

      මම ඔයා කියපු කාරනය හොයලා බලන්නම්. ආයෙ අයෙත් ස්තූතියි.

      Delete