Friday, September 7, 2012

හඬ වෙනස් නොකර එහි වේගය අඩුකර සංගීතය හෝ කථාව අසන්න Play it slowly


ඔබ සංගීතය කරන්නේද? නැතිනම් මාධ්‍යවේදියෙක්ද? එහෙමත් නැතිනම් lectures record කර අසන සිසුවෙක්ද? මෙන්න ඔබට හරියන මෘදුකාංගය. Play it slowly කියන්නේ මේ හැමෝටම භාවිත කරන්න වටින මෘදුකාංගයක්. මෙහි ප්‍රයෝජනය සඳහන් කරන්නේ නම්, ඔබ දන්නවා යම් හඬක් සාමාන්‍ය මෘදුකාංගයක් භාවිත කර වේගය අඩු කර ඇසීමේදී එහි pitch එකත් අඩු වෙනවා. සරළව කිවහොත් ගෑණු කටහඬ පිරිමි වෙනවා. වේගය වැඩි කළහොත් pitch එක වැඩිවෙනවා. ඒ කියන්නේ  ජිප්සීස් අඟහරුලෝකේ කුරුමිට්ටන්ගේ හඬ එනවා (ඒ සින්දුව අහලා නැති බබාලා ඉන්නවානම් අර Alvin and the chipmunksලාගේ කටහඬවල්වත් අහලා ඇතිනේ?) දැන් පැහැදිළියි නේද?

මේක ලොකු කරදරයක් වන්නේ සිංදුවක් අහලා ඒකේ chords සහ introduction & interlude කොටස් හදාරන අයටයි. මොකද වේගය අඩු කළාම pitch එක වෙනස් වෙන එක ලොකු වදයක්. නමුත් මේ මෘදුකාංගය භාවිත කරලා ඉතා වේගයෙන් වාදනය කරන ගිටාර්, ඕගන් නැත්නම් ඩ්‍රම්ස් වාදනයක් note එකෙන් note එකට හරියටම අහලා අල්ලගන්න පුළුවන්. ඊට පස්සේ වැඩකාරයා වගේ තමන්ට ඒක play කරන්න පුළුවන්. (මොනවා වුනත් හොඳ කනක් තියෙන්නත් සංගීතය කියන එක ඇ ෙඟ් තියෙන්නත් ඕන)

අනිත් කට්ටිය තමයි සරබර සරබර ගාලා අධි වේගෙන් lectures දෙන අයගාවට ඉගෙන ගන්න යන අය සහ එක එක ගොරකයින්ගේ interview ගන්න ජනමාධ්‍යවේදීන්. ඒ අය ඔය දේවල් record කරනවා දෙතුන්පාර අහලා හරි සරබර ගාලා ලිස්සලා ගිය වචන ටික අහුල ගන්න. නැත්නම් අම්මා අප්පා උගන්නන්න වියදම් කරපු සල්ලි අපරාදෙනේ. එහෙම වෙලාවට  මේ වගේ මෘදුකාංගයක් භාවිත කරලා pitch එක වෙනස් නොකර ඇහුවාම කියන වචන එකින් එක පැහැදිළිව අහන්න පුළුවන්. Interview එක දුන්න කෙනාට, ප්‍රොෆාට හෝ ප්‍රොෆීට බණින්න අවශ්‍ය වන්නේ නෑ. බෲස් ලීගේ චිත්‍රපටියක් slow motion බැලුවා වගේ වෙනදේ හොඳට දැනගන්න පුළුවන්.


මේකට මම පුංචි උදාහරණයක් දෙන්නම්, පහත සංගීත ඛන්ඩය සාමාන්‍ය වේගයෙන් තියෙන එකක්.


පහතින් තියෙන්නේ එම ඛන්ඩයම වේගය අඩු කර pitch එක ස්ථාවරව තියාගෙන play it slowly මෘදුකාංගයෙන් ඇසෙන එකක්.



මෙහි ප්‍රධාන පහසුකම්:
1. pitch එක වෙනස් නොකර වේගය වෙනස්කර ඇසීම
2. වේගය වෙනස් නොකර pitch එක වෙනස් කර ඇසීම
3. අවශ්‍ය කොටස පමණක් තෝරාගෙන අඛන්ඩව ඇසීමට ඇති හැකියාව (section repeat)
4. වෙනස්කරගත් ආකාරයට එය save කළ හැකිවීම (මෙහිදී Wav ආකාරයට save කරයි. මේකට කාලය ටිකක් ගතවනු ඇත)
5. mp3, ogg, flv, midi යන formats සඳහා සහය දැක්වීම

විවෘත මූලාශ්‍ර මෘදුකාංගයක් වන මෙය උබුන්ටු Software center එකෙන් ලේසියෙන්ම ස්ථාපනය කරගන්න පුළුවන්. නැතිනම් මේක මෙතනින් බාගෙන භාවිත කරන්න පුළුවන්. ( http://29a.ch/playitslowly) හැබැයි වින්ඩෝස් වලටනම් මේක නෑ. ඒ  අයට Amazing Slow Downer භාවිත කරන්න පුළුවන්. (ඒක ගෙවලා ගන්න ඕන එකක්)



3 comments:

Kushan said...

ගොඩක් ස්තූතියි මට නම් වටිනා මෘදුකාංගයක්.... මෙක කුබුන්‍ටුවලත් වැඩකරනවද දන්නේ නැහැ, මොකද මම පාවිච්චිකරන්නේ කුබුන්‍ටු(උබුන්‍ටු නොවේ)....

Kushan said...

ගොඩක් ස්තූතියි මට නම් වටිනා මෘදුකාංගයක්.... මෙක කුබුන්‍ටුවලත් වැඩකරනවද දන්නේ නැහැ, මොකද මම පාවිච්චිකරන්නේ කුබුන්‍ටු(උබුන්‍ටු නොවේ)....

Unknown said...

@ Kushi,
අනිවාර්යයෙන්ම වැඩ කරන්න ඕන. Software center එකෙන් දාගෙන බලන්න. නැත්නම් ඒකේ සයිට් එකෙන් deb file එක අරගෙන install කරගන්න.