Pages

හොඳ හෝ නරක comment එකක් දාල යන්න අමතක කරන්න එපා.. :)

Friday, November 19, 2010

Adware වලින් ඈත්වෙලා ඉන්න tips 10ක්


Adware, malware, spyware සහ viruses කියන්නෙ හරිම කරදර ගොඩක්. computer එකේ performance බහින්නෙ බලාගෙන ඉද්දි. දැන් මේ කියන්න යන්නෙ මේ කරදර කාරයන්ගෙන් පුලුවන් තරම් ඈත් වෙලා ඉන්න විදිහයි. අපේ හුඟක් අය මේව දන්නව. මීටත් වඩා දන්නව. මේ නොදන්න අයටයි.

1. Firefox use කරන්න.
Internet Explorer කියන්නෙ market එකේ තියෙන ජනප්‍රියම browser එක. ඉතින් virus සහ Adware හදන කට්ටිය මුලින්ම target කරන්නෙ Internet Explorer. එයාල දන්නව ඒ හරහා තමයි එයාලට හොඳම ප්‍රතිපලයක් ලැබෙන්නෙ කියල. ඒ නිසා firefox වලට මාරු වීම තුලින් සමහරක් adware වලින් වැලකී ඉන්න පුලුවන්. (හැබැයි firefox වලත් අඩුපාඩු නැතිවම නෙමෙයි.)

2. ඔයාගෙ PC එක සතියකට පාරක් වත් scan කරන්න.
බොහෝ විට අපි නොදැනුවත්වම අපේ pc එකට හොරෙන් ඇතුලු වෙලා තියෙන adwares තියෙන්න පුලුවන්. එයාල එයාලගෙ program එක ස්ථාපනය කරල run වෙමින් පවතින්න පුලුවන්. මේ වගේ bugs අයින් කරන්න නම් සතියකට පාරක් වත් scan කරන්න.

3. දන්න කියන site වලින්ම download කරගන්න ඒව කරගන්න.
බොහොමයක් අපිට අලුතින් හම්බ වෙන site වල ඔයාල දැකල ඇති ඒකට ගිය වෙලේ ඉඳන් pop-ups ඇවිත් පිස්සු කෙලිනව. ඔයාලට මේ වගේ site එකකට යන්න වුනොත් හරි මොකක් හරි download කරගන්නම වුනොත් හරි scan පාරක් දාල බලන්න.

4. Ad-aware install කරගන්න.
Ad-aware කියන්නෙ හුගක් ජනප්‍රිය adwre removal program එකක්.

5. නොදන්න e-mail එක්ක එන links click නොකර ඉන්න.
ඔයාලගෙ e-mail එකට නිතර මේවගේ mails එනව ඇති. Offers කියයි අරව කියයි මේව කියයි..
මේ තියෙන්නෙ ඔයවගේ එකක්.



















ඕවා click කරන්න එපා.

6. Install Antivirus/ Internet Security Software.
Antivirus program එකක් සහ adware protection program එකක් යන දෙකම install කරල තියාගන්න එක තමයි හොඳම විසඳුම.

7. එක එක toolbars install කරන්න යන්න එපා.
මේ හුඟක් toolbars වලින් ඔයාල surf කරන්නෙ මොන වගේ දේවල්ද කියල හොයල බලන එකයි කරන්නෙ. ඒ වගෙම system එකත් slow වෙනව.

8. ඔයාලගෙ task manager එකත් පොඩ්ඩක් බලන්න.
ඔයාට හිතෙනව නම් මොකක් හරි program එකක් නිතර run වෙනවයි කියල task manager එක open කරල බලන්න. දැනට pc එකේ run වෙන programs & processes මෙතනින් බලාගන්න පුලුවන්. එහෙම දෙයක් තියෙනව නම් ඒ process එක end කරල ඒක අයින් කරන්න හොඳම ක්‍රමයක් web search කරල හොයාගන්න පුලුවන්.

9. Popups click කරන්න එපා.
ඔයාල ඕනෙතරම් දැකල ඇති සමහර websites වලට ගිය වෙලේ ඉඳන් මේ වගේ popups lot එකක් එනව. මේව click කරනවයි කියන්නෙ virus, adware වලට දොර ඇරල පිලිගන්නව වගේ වැඩක් තමයි.

10. අනතුරුදායකයි කියල හිතෙන site එකක් නම් නොයාම ඉන්න.
ඔයාලට ඒ site එකට යද්දි internet security program එකෙන් warnings එනවනම් ඒවට නොයා ඉන්නව වගෙම හුගක් site වල layout එක දැක්ක ගමන් හිතෙනව මේක එච්චර sure නැති එකක් කියල. ඒවට නොයන තරමට තමයි හොඳ.

3 comments:

  1. බොහොම ස්තුතියි.

    ReplyDelete
  2. @හිඟන්නා: ස්තූති මචන්.
    @Sujeewa de Silva: ස්තූතියි ඇවිත් comment කරල ගියාට. ඉංග්‍රීසි පාඩම හුඟක් හොඳයි දිගටම කරන්න. :)

    ReplyDelete