Pages

හොඳ හෝ නරක comment එකක් දාල යන්න අමතක කරන්න එපා.. :)

Thursday, September 6, 2012

යාලුවගෙ keyboard එක පිස්සු වට්ටමුද?



ඔන්න හතර වරං පලවෙනි post එක අරන් ආව. දිග post එකකට එන්න එක පාරට කම්මැලී වගේ. පොඩි fun post එකකින් පටන් ගම්මු.

මෙන්න මෙහෙමයි වැඩේ.





 1. Notepad එකක් දිග ඇරගෙන පහල තියෙන code එක ඒකෙ copy paste කරගන්න.


Set wshShell = wscript.CreateObject("WScript.Shell")
do
wscript.sleep 100
wshshell.sendkeys "You are FOOL"
loop


2. දැන් File -> Save as ගිහින් මේක ඔයා කැමති නමක් දීල .VBS extension එකෙන් save කරගන්න. උදා: anyname.vbs

3. දැන් ඉතින් ඕක යාලුවට යවන්න. යවන්න කලින් ඔයාට ඕක executable file එකකට wrap කරල icon එක change කරල යවන්න පුලුවන්නම් වඩාත් සාර්ථකයි. ඒ ටික කරන හැටි ඉස්සරහට වෙන ලිපියකින් කියන්නම්. දැනට ඔහොම යවන්න.

යාලුව ඕක run කරපු ගමන් mouse pointer එක තියෙන හැම text area එකකම අපි දෙන "You Are FOOL" කියන message එක type වෙනව automatically. ඔයාට මේ message එක ඔයාට කැමති විදිහකට වෙනස් කරගන්න පුලුවන්.

හරි. ඔයාට ඕනෙම නම් මේක test කරල බලන්නත් පුලුවන්. හැබැයි වෙන වැදගත් වැඩක් කර කර හිටියනම් ඒව save කරගෙන close කරගෙන ඉන්න test කරන්න කලින්. ඊට පස්සෙ මේක run කරල බලන්න.

කොහොමද ඉතින් මේක නවත්තන්නෙ?

නවත්තන්න නම් ඔයා Windows Task Manager එක open කරගන්න. Windows Task Manager එක open කරගන්න Ctrl+Shift+Esc keys එකවර press කරන්න. ඊටපස්සෙ Process tab එකට යන්න. එතනින් wscript.exe කියන process එක select කරල right click කරල එන menu එකෙන් End Process select කරන්න.

ඔය විදිහට නවත්ත ගන්න අමාරු නම් තව option එකක් තියෙනව. ඒ තමයි පරිඝණකය restart කරන එක.

ජය වේවා. යාලුවගෙන් ගුටි කන ඒවට මම නෑ ඕං.

No comments:

Post a Comment