Pages

Thursday, August 30, 2012

කැම්පස් වල කොල්ලන්ට කෙල්ලන්ට නිකන් ඉන්නම බැරිද....?

ඊයෙත් මුන් හැමෝම කොටුවේ ස්ටේෂන් එක ගාව පා ගමන් ගියාලු .අන්තිමට හැමදාම වගේ කදුළු ගැස් කැවලු.ඇයි මුන්ට තියෙන දෙයක් ඉගෙන ගෙන පැත්තකට වෙලා ඉන්නේ බැරි.හොද වැඩේ මුන්ට.කාලකන්නි හැමදාමත් මුන් මෙහෙමයි.ඇත්තටම මුන් ඉගෙන ගත්තා කියන්නේ මොනාද...?



         තාමත් මෙහෙමද හිතෙන්නේ.හිතුවේ නැද්ද  මෙච්චර නැහෙන්නේ මෙතන පෙනෙනවට වඩා දෙයක් තියනවා කියල .සමහර ටීවී  චැනල් වල යන කතා පෙන්නන දේවල් විතරක් බලලද මෙහෙම හිතන්නේ.



හිතෙන්නේ නැද්ද  මුන් හැමෝම එන්නේ උන්ගේ හිත්වල තියන පෞද්ගලික මතය නිසා මිසක් ඔය කිසිම දේශපාලනයකට කඩේ යන්න නෙවෙයි කියලා...හිතෙන්නේ නැ තමයි ඔය සමහර ඒවා වල යන කතා  අහගෙන හිටියෝයොත්.අඩුම ගානේ දන්නවද හරියටම ළමයි මෙහෙම පාරට බැස්සේ කියලා.කිසිම දෙයක් විචාරශීලි බුද්ධියකින් බලන්නේ නැතුව කියන්නම් වාලේ තමුන්ගේ පාරම්පරික මත හිතේ  තියාගෙන අදහස් ප්‍රකාශ කරන්නේ නැතුව  දැන්වත් මේ සමාජය දිහා ඇස් ඇරලා බලන්න කාලය නෙවේද මේ....? අපේ කැම්පස් වල වැඩ දැන් මාස ගානක ඉදන් නැවතිලා  රටේ ඉන්න කිසිහම් හෝ මට්ටමක උගත් කමක් ඇති ළමයි දහස් ගානකගේ ජිවිත එක තැන පල් වෙනවා.ඇයි මේ තත්වෙට මේ හැමදෙයක්ම පත් වුනේ කිසිම දෙයක් ගහෙන් ගෙඩි එන්නා වගේ වුනේ නෑ.මේවට හේතු දවසෙන් දවස ගොඩනැගිච්ච ඒවා,ඇස් කන් පියාගෙන ඉදලා මේ දේවල් ගැන තේරුමක් නැතුව ඉදලා ළමයි පාරට බැස්සට පස්සේ හැමදාම වගේ ජෙප්පෝ කියලා කෑ ගහන්න.එකද මේ රටේ වගකිව යුතු රටවැසියන්ගේ යුතුකම ...?

අපේ ආචාර්යවරු දැන් ඉල්ලීම් ගණනාවක් ඉල්ලලා හුගා කාලෙක ඉදලා වැඩ වර්ජනයක නිරත වෙනවා ඉතින් ආචාර්ය වරුන්ගේද වැරැද්ද...? මුලින්ම බලමු ආචාර්යවරු මොනවද ඉල්ලන්නේ කියලා....

කන්නන්ගර දරුවෝ ඇසුරෙනි 

දැනට අධ්‍යාපනය සදහා ලංකාවේ වියදම් කරන්නේ ඉතාමත් සොච්චම් මුදලක් (දල ජාතික නිෂ්පාදනයෙන් 1.8%) ඉතින් මේ දෙයින් තාමා ලක්ෂ ගානක් වන පාසල් සිසුන්ට උගන්නනේ,උගන්නම මිස්ලා සර්ලට පඩි ගෙවන්නේ ඉස්කෝල වල අඩුපාඩු හදන්නේ තව විශ්වවිද්‍යාල වල ඉන්න ළමයින්ට මහපොළ දෙන්නේ ඒවා වල තියන අඩුපාඩු හදන්නේ විශ්වවිද්‍යාල ආචාර්ය වරුන්ට පඩි ගෙවන්නේ ලැබ් වලට බඩු ගන්නේ ඔයවගේ දහසකුත් දේවල කරන්නේ මේ සොච්චම් මුදලින්.ඕනි නැති දේවල් වලට ඕනෑවටත් වඩා සල්ලි වෙනකරලා හොදට කට්ටිය ගසා කනවා ඉතින් අධ්‍යාපනයට 6% ක් වෙන් කරන එක මම  නම් දකින්නේ නෑ කරන්න බැරි වැඩක් කියලා.

   අනික අධ්‍යාපනයට සල්ලි යෙදෙව්වා කියන්නේ පාඩුවක් නෙවේ ඒවා අනාගතය වෙනුවෙන් කරන  ඉතිරි කිරීමක් වගේ එහෙම වුනොත් දවසක මේ ලංකාවේ දුප්පත් පෝසත් භේදයක් නැතුව ළමයි හුගක් ඉහලට ගිහිල්ල තියෙයි තාක්ෂනය පිටරටවල් වලින් එනකම් බලන් ඉන්න ඕනි නැති වෙයි , ලංකාවම දවසක මේ නිසා හොද දියුණුවක් ලබයි.ජපානේ වගේ රටවල් වල පන්ති කාමර එහෙම කොහොමද හදලා තියෙන්නේ එහෙම කියල පොඩ්ඩක් හොයලා බලන්න එතකොට තේරෙයි අනික් රටවල් අධ්‍යාපනයට වියදම් කරන හැටි...
        ආචාර්ය වරු ඉල්ලන අනික් ඉල්ලීම් දිහා බැලුවම මට පෙන්නේ ඒවා වුර්තිමය අතින් සාදාරනයි.ඒ ගැන මම වැඩි දුර කතා කරන්න යන්නේ නැ.මේ වැඩවර්ජනයේ තියන ඉල්ලීම් කරන්නේ ලංකාවේ ඉහලම දැනුමක් තියන කට්ටිය කියන එක නැවතත් හිතාලා බලන්න...


ඉතින් මේ වහේ බාලපොරෝත්තු තියන් ඉන්න කොට ඔක්කොමටම හරියන්න ලංකාවේ තියෙන කැම්පස් වහල දානවා වගේ වැඩ කරහම තේරෙන්නේ මොකද්ද අපිට...මේ දේවල් මෙහෙම බලන් ඉදලා ඉල්ලා අන්තිමට ළමයි පාරට බැහැලා කියනකොට ලංකාවේ මේකයි තත්වය කියලා,පොඩ්ඩක් හිතලා බලන්න මොකද්ද මේ කියලා.සමහරු  ඔයාලට පෙන්නන්න හදන දේ නෙවෙයි, ඇත්ත දකින්න උත්සහ කරන්න.හිතන්න එපා මේ ජෙප්පෝ කියලා හර්දසාක්ෂියට එකග නිසයි මේ ළමයි මෙහෙම යන්නේ කියල තීරුම් ගන්න.නැත්තම් එක තැන පල් වේවි හැමදාමත් කරා වගේ මේ දේශපාලුවන්ගේ පස්සේ හරක් වගේ යන්න හැමදාමත් මෝඩයෝ වගේ එක එකාගේ පදේට නටන්න...

මේ කිසිම දේශපාලන පක්ෂෙකට ගැති වෙලා කියන දෙයක් නෙවේ මේ  හර්දසාක්ෂියට දැනෙන දේ කියන්නේ...

කන්නන්ගර දරුවෝ ඇසුරෙනි 

දවසක හැම ලමයටම එක වගේ ඉගෙන ගන්න ලැබෙයි.වේම මොනවත් නෙවෙයි මේ ඉල්ලන්නේ අපේ අහින්සක ඉගෙන ගන්න තියන අයිතිය.කාට හරි රිද්දන්න ලියපු දෙයක් නෙවෙයි.කට හරි හිතන්න ලියපු දෙයක් මේක.

යදමින් බැඳ විලංගු ලා
මගේ පුතා රැගෙන යන්න,
ඉඳිකටු ඇන ඇඟිලි තලා
දෙතිස් වධය පමුණුවන්න,
අළුත් ලොවක් ගැන සිතීම
දඬුවම් දෙන වරද නම්,
කුමට එරට අධිකරණය
නීතිය සහ විනිසුරන් ..

කකා බිබී නටන අතර
නරුම යහළු යෙහෙළියන්,
පන්දු කෙළින අතර
ඉහළ පාසල් වල අමනයන්,
රට ගිනි ගෙන ඇති වග දුටු
මගේ එකම පුතුනුවන්,
එ ගිනි නිවන මඟ සෙවීම
වරදක් දැයි මට කියන්  ..


ගිනි ගන්නා රටක කෙළින
මීහරකුන් වැනි පුතුන්,
කුමටද මට මහ විරුවෙකි
සිරගෙයි මළ මගෙ පුතුන් ..
කෝටි ගණන් බිහි වේවා
මගෙ පුතු වැනි තව පුතුන්,
කිරි මවු ලෙස මම ඉන්නම්
එවන් පුතුන් ලඟ උතුම් ...





අදහසක් දක්වලා යන්න කියලා කට්ටියගෙන්ම ඉල්ලනව...

නිදහස් අධ්‍යාපනයට ජය...!!!