Monday 27 August 2012

අන්තර් ජාතික න්‍යෂ්ටික තාක්ෂණික සමුළුව ඇරඹෙයි


රටවල් 17ක සහභාගීත්වයෙන් සතියක් පුරා කොළඹ ගලධාරි හෝටලයේදී පාංඝු ඛාදනය හා හායනය පිළිබඳ දත්ත බැංකුවක් ස්ථාපනයට පියවර.

පරමාණුක ශක්ති අධිකාරිය විසින් කෘෂිකාර්මික ප‍්‍රදේශ වල පසේ සාරවත් භාවය ඉහළ නගාසිටුවීම හා භූමි ඵලදායීතාවය වර්ධනය සඳහා භූමි හායනය අඩුකිරීම පිළිබඳ සොයාබැලීම අරමුණු කරගනිමින්, ආසියා ශාන්තිකර සාමාජික රටවල් 17ක  සහභාගිත්වයෙන් අන්තර්ජාතික න්‍යෂ්ඨික තාක්ෂණික සමුළුවක්, 27 දින ගලධාරි හෝටල් පරිශ‍්‍රයේදී ආරම්භ විය
.

මේ සඳහා ඉන්දියාව, පකිස්ථානය, බංග්ලාදේශය, චීනය, නවසීලන්තය, වියට්නාමය, ඉන්දුනීසියා, මැලේසියාව, මියෙන්මාරය, පිලීපීනය, කොරියාව සහ තායිලන්තය ඇතුළු සාමාජික රටවල් 17 ක නියෝජිතයන් සහභාගී වේ. සාමාජික රටවල පවතින වැරදි ඉඩම් පරිහරණ ක‍්‍රම නිසා සිදුවන භූ හායනය අඩුකිරීම උදෙසා ක‍්‍රියාමාර්ග ගැනීමට න්‍යෂ්ටික තාක්ෂණය උපයෝගී කරගැනීම පිළිබඳව සාකච්ඡුා කෙරේ. ඊට අමතරව මෙම සමුළුවේදී ශ‍්‍රී ලංකාවේ මධ්‍යම කඳුකර ප‍්‍රදේශ වල කෘෂිකාර්මික ඉඩම් වල පවතින පාංශු ඛාදනය නිර්ණය කිරීමට න්‍යෂ්ටික තාක්ෂණික ක‍්‍රම භාවිතය පිළිබඳව සාකච්ඡුාවට ගැනීමට නියමිතව ඇත.

මෙම ව්‍යාපෘතිය මඟින් න්‍යෂ්ටික තාක්ෂණ ක‍්‍රම උපයෝගී කරගනිමින් මධ්‍යම කඳුකරයේ විවිධ කෘෂිකාර්මික ඉඩම් වල හා තෝරාගත් පොල් වගාකරන ඉඩම් වල පාංශු ඛාදන ප‍්‍රමාණය පිළිබඳ දත්ත බැංකුවක් සකස්කිරීමට බලාපොරොත්තු වේ. මේ තුළින් දිවයින තුළ පාංශු සංරක්ෂණ පනත ක‍්‍රියාත්මක කිරීමටද ඉඩ සැලසෙන අතර ඒ තුළින් කෘෂිකර්මාන්තයේ ප‍්‍රගමනයට පියවර ගතහැකි වේ.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ අධික්ෂණය යටතේ, පරමාණුක ශක්ති අධිකාරිය මේ සඳහා මූලිකව ක‍්‍රියාකරන අතර කෘෂිකාර්මික දෙපාර්තමේන්තුවේ ස්වාභාවික සම්පත් කළමනාකරණ මධ්‍යස්ථානය හා පොල් පර්යේෂණ ආයතනය මේ සඳහා සහයෝගය දක්වයි.

අද ගලධාරි හෝටලයේදී පැවති මෙම සමාරම්භක අවස්ථාවට පරමාණුක ශක්ති අධිකාරියේ සභාපති ආචාර්ය රංජිත් විජේවර්ධන මහතා ඇතුළු දෙස් විදෙස් නියෝජිතයින් විශාල පිරිසක් සහභාගි වූහ.

No comments:

Post a Comment