Monday 27 August 2012

වවුනියා කිලිනොච්චි අධි සම්පේ‍්‍රෂණ මාර්ගයේ වැඩ අවසන්


 විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ උතුරු පළාත් සංචාරයට සමගාමීව කිලිනොච්චි උපපොලේ කටයුතු අධික්ෂණයට අද 28 උදෑසන එක්විිය. දිස්ත‍්‍රික්කයේ 32% කට සීමාවී ඇති විදුලියනය 100% ක් දක්වා වර්ධනය කිරීමට මෙම ග‍්‍රිඞ් උපපොළ මඟින් විශාල ශක්තියක් ලැබෙන බව අමාත්‍යවරයා අවධාරණය කරයි. ව්‍යාපෘති කාර්ය මණ්ඩලය සමඟ විශේෂ සාකච්ඡුාවක නිරත වූ අමාත්‍යවරයා සියළුම නිලධාරින්ට අවධාරණය කර සිටියේ, ප‍්‍රදේශයේ ජනජීවිතය සහ කර්මාන්ත ක්ෂේත‍්‍රයේ සංවර්ධනය වෙනුවෙන් කිලිනොච්චි ග‍්‍රිඞ් උපපොළට කඩිනමින්
විදුලිය කැවීම අත්‍යාවශ්‍ය බවයි. ඒ අනුව ලබන මාසය වනවිට කිලිනොච්චි ග‍්‍රිඞ් උපපොළට විදුලිය කැවීම සිදුකරන බව ව්‍යාපෘති කළමනාකාර අනුරුද්ධ තිලකරත්න මහතා පවසයි.

කිලිනොච්චි ග‍්‍රිඞ් උපපොළ සක‍්‍රිය වීමත් සමඟ දිස්ත‍්‍රික්කයේ විදුලියනය 100% ක් දක්වා වර්ධනය කරනවා සේම අඛණ්ඩ විදුලි සැපයුමක් තහවුරු කිරීමටත් හැකිවන බව ව්‍යාපෘති කළමනාකාර අනුරුද්ධ මහතා පෙන්වාදෙයි. තවද අඩු වෝල්ටීයතා ගැටළුවට මෙමඟින් ස්ථිර විසඳුමක් ලැබෙන බවද ඒ මහතා පෙන්වාදෙයි.

දේශීය ඉංජිනේරු තාක්ෂණය හා දේශීය නිර්මාණකරණය උපරිම ලෙස යොදාගනිමින් ඉදිකළ, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධානතම ග‍්‍රිඞ් උපපොළක් ලෙස මෙය හැඳින්විය හැකි බව ව්‍යාපෘතියේ ඉංජිනේරු කළමනාකාර එස්.ඒ.ඞී.ඒ. පීරිස් මහතා පෙන්වාදෙයි. මෙම ව්‍යාපෘතිය සඳහා වැයකර ඇති මුදල රු. මිලියන 3085 කි. එය ජපන් රජයෙන් දිගුකාලීන සහන පොළී මත ණය ආධාර ලෙස ලබාගෙන ඇත.

මෙම ව්‍යාපෘතියේ ඊළඟ අදියර ලෙස කිලිනොච්චි ග‍්‍රිඞ් උපපොළේ සිට යාපනය දක්වා අධි බලැති සම්පේ‍්‍රෂණ මාර්ගයක් ඉදිකිරීමට කටයුතු කරන බව අමාත්‍ය චම්පික රණවක මහතා පවසයි. මේ සම්බන්ධව අද (28* උදෑසන පැවති සාකච්ඡුාවේදී අවධානය යොමුකොට තිබේ. යාපනය දිස්ත‍්‍රික්කයට අවශ්‍ය විදුලි සේවා කඩිනමින් සම්පූර්ණ කිරීම මෙමගින් අපේක්ෂා කරන බව අමාත්‍යවරයා පෙන්වාදෙයි.

No comments:

Post a Comment