බල්ලන් මරා හෝ සල්ලි සෙවීය යුතුය, නැති නම් බල්ලෙක් ලෙස මිය යා යුතුය. - මා දුටු ධනවාදය.

Monday, July 16, 2012

සිගරට්, ගල් එක්ක මල්...

                               ලාංකීය සමාජය තුල මත් ද්‍රව්‍ය(මත් පැන්, දුම් වැටි.....) භාවිතය යනු වරදකාරී නැතහොත් නරක භාවිතයක්. ඇත්තටම මත් වීම යනු නරක සිදුවීමක්ද? මොලය මගින් කායික මානසික සියලු දේ පාලනය කරනු ලබන අතර, මත් වීම සම්බන්ධයෙන් මගේ අත්දැකීම නම් මොලය මගින් පාලනය කරන සියලු දේට තාවකාලික නිදහස ලබාදීමක්. ඇඟට ඇතුළුවන මත් ද්‍රව්‍ය ප්‍රමාණයට අනුලෝමව මෙම නිදහස වැඩි වීම දැකිය හැක. කෙසේ වෙතත් මත් ද්‍රව්‍ය භාවිත නොකරන්නා ලාංකීය සමාජය තුල හොඳ පුද්ගලයෙකු ලෙස හඳුන්වා දෙන අවස්ථා ඕනෑ තරම් දැකිය හැක. මා දකිනා ආකාරයට මත් ද්‍රව්‍ය යනු මිනිසාට අවශ්‍ය දෙයකි. මෙය මෙසේ පැවසිය හැක, ජලය හැර වෙන ඕනෑම පානයක් මිනිසාට අවශ්‍ය වන්නේද ඒ ආකාරයටම මත් ද්‍රව්‍ය එය භාවිතා කරන්නට අවශ්‍ය වේ. තවත් ආකාරයකට මෙසේ පැවසිය හැක. අප රටේ බොහෝ මිනිසුන් තේ පානය කරනු ලබයි. තේ පානය නොකරන මිනිසුන්ද ඇත. අවශ්‍යනම් තේ පානය නොකරද සිටිය හැක. ඉහත තේ වෙනුවට මත් පැන් ආදේශ කළහොත් වරදක් නැත. එසේ නම් මත් ද්‍රව්‍ය කෙරෙහි මහා වරදකාරී ස්වභාවයකින් දකින්නට මිනිසුන් පෙළඹ සිටින්නේ මන්ද? සමහර මිනිසුන් එයට හේතු මෙසේ දක්වයි.
                                               මත් ද්‍රව්‍ය භාවිතයෙන් අනතුරුව භාවිතා කල පුද්ගලයා මගින් අනෙක් මිනිසුන්ට සිදුවන කරදරය, මත් ද්‍රව්‍ය භාවිතා කරන්නාට ඇඟිල්ල දික් කිරීමට
හේතුවක් වී ඇත. බොහෝ අවස්ථාවන් හිදී මෙම කරදරකාරයන් මත් ද්‍රව්‍ය භාවිතා නොකරන අවස්ථාවන් වලදීද කරදරකාරයෙකු බව දැකිය හැක. මත් ද්‍රව්‍ය භාවිතයෙන් පසු කරදරකාරී ස්වභාවය වැඩිපුර දැකිය හැක. නමුත් මත් ද්‍රව්‍ය භාවිතා කරන්නන් අතරින් මෙවන් මිනිසුන් සිටින්නේ බොහෝ සුළු ප්‍රමාණයකි.
                     දෙවැනි කාරණය ලෙස දක්වන්නේ මත් ද්‍රව්‍ය භාවිතා කරන්නන් හට සිදුවන කායික හා මානසික හානියයි. මත් ද්‍රව්‍ය භාවිතයෙන් යම් තරමක  යම් මානසික මෙන්ම කායික හානියක්ද ඇත. එය මත් ද්‍රව්‍ය භාවිතා කරන ඕනෑම කෙනෙක් දනී. සාමාන්‍ය භාවිතයේ පවතින ආහාර අතරින් මෙසේ හානි වන එකම  දෙය මත් ද්‍රව්‍ය නොවේ. කෘතීම රසකාරක සහිත ආහාරයක් පමණක් මාස දෙක තුනක් එක දිගට ආහාරයට ගතහොත් එය මගින් එම පුද්ගලයාගේ ශාරීරික හානිය කොපමණ දැයි දැකිය හැක. දිනපතා මත් ද්‍රව්‍ය භාවිතා කරන්නෙකුගේ කායික හානියට වඩා දරුණු විය හැක. නමුත් ඔබ මත් ද්‍රව්‍ය වලට දක්වන විරෝධයට සාපේක්ෂව මෙවැනි
ආහාරයන්ට දක්වන විරෝධය කොපමණ දැයි මදක් සිත බලන්න. බොහෝ මිනිසුන් මත් ද්‍රව්‍ය බාවිතා කරන්නන්ගේ කායික හා මානසික හානිය ගැන දුක් වන්නේ හෝ එයට විරෝදය දක්වන්නේ ඇත්තටමද නැතහොත් වෙනත් දෙයකටද?
                            මත් ද්‍රව්‍ය
භාවිත කරන පුද්ගලයා කේන්ද්‍ර ගතවන අනෙක් කාරණාව නම් ඔව්න් වියදම් කරන මුදල් ප්‍රමාණයයි. කෙනෙකු යම් මුදලක් උපයන්නේ නම් එය තමන්ට කැමති පරිදි වියදම් කිරීමට හැකි විය යුතුය. කෙසේ වෙතත් මේ ආකාරයෙන් මත ද්‍රව්‍ය වලට විරෝධය දක්වන්නා විරෝධය දක්වන්නේ සබැ පදනමක් ඇතුව නොවන බව පැහැදිලිය.

------------------------------------------------------------------------------------------------------------                         හුදෙක් මෙම උත්සාහය මත් ද්‍රව්‍ය භාවිතය සාධාරණය කිරීමට නොවේ. තවත් මිනිසෙකුට කරදරයක් නොවන ආකාරයෙන් මත් ද්‍රව්‍ය බාවිතා බාවිතා කරන්නේ නම් එය සාධාරණ, අසාධාරණ, හරි හෝ වැරදි ලෙස අර්ථ දැක්විය නොහැක මන්දයත් භාවිතා කරන්නාගේ මොනයම් හෝ අවශ්‍යතාවයක් මත ඔහු එය භාවිතා කරයි. දිනපතා මත් ද්‍රව්‍ය බාවිතා කරන්නන් අතරින් බොහොමයක් දෙනා අවුරුදු තිස්පහට වැඩි මිනිසුන් වේ. ජිවිතයේ බොහෝ ඇත දැකීම් ඇති මොවුන් මෙසේ මත් ද්‍රව්‍ය දෙසට යොමු වන්නේ කුමක් සැලකිය යුතු කාරණාවක් නිසා බව පැහැදිලිය. ජීවිතයේ අතෘප්තිකර අසහනකාරී ස්වභාවය රැකියා ස්ථානයේදී ඇතිවන මානසික පීඩනය, බලාපොරොත්තු වන විවාහ ජිවිතයක් නොලැබීම වැනි විවිධ හේතුන් මත බොහොමයක් මිනිසුන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වනවා දැකිය හැක. ජීවිතයේ අවසාන සමය ගෙවන බොහෝ මිනිසුන් කාර්මිකයන් ලෙස සේවය කරන අවස්ථා ලාංකීය සමාජය තුල ඕනෑ තරම් දැකිය හැක. මෙම මිනිසුන් බොහොමයක්  තම කායික වේදනාව අඩු කර ගැනීම සඳහා මත් ද්‍රව්‍ය භාවිතා කරයි. 
------------------------------------------------------------------------------------------------------------
විඳවනවා වෙනුවට විඳිය හැකි මින්සුන් සිටින
සමාජයක් නිර්මාණය කල හැකි නම් මත් ද්‍රව්‍ය භාවිතා කරන මිනිසුන් ප්‍රමාණය වඩා, මත් ද්‍රව්‍ය විවේචනය කරන මිනිසුන් ප්‍රමාණය අඩු කරගත හැක

3 comments:

  1. ඔබේ තර්කය යම් තරමකට සාධාරණ විය හැක. නමුත් සමාජීය වශයෙන් ගත්කල මත්ද්‍රව‍ය භාවිතය පාලනය කිරීමක් අනිවාර්යයෙන්ම තිබිය යුතුය.මක් නිසාදයත් එය අධික ලෙස භාවිතය ශරීරයට අහිතකර අතර ඇබ්බැහිවීමක්ද ඇතිවේ.ශ්‍රී ලංකාව තුල මත්පැන් පිලිබඳව ඇති ආකල්පය යම්තාක් දුරකට මත්පැන් පාලනයට පිටුවහලක් වී ඇතිබව අප නිසැක වශයෙන්ම පිළිගතයුතුය. එමගින් අඩුම වශයෙන් අඩුවයස්වල පුද්ගලයින් මත්පැනට ඇබ්බැහිවීමවත් පාලනය වී ඇත. අවසාන වශයෙන් මගේ මතයනම් මත්පැන් අත්‍යවශ්‍යම නැත නමුත් බීමට කැමති අයෙක් (බේබද්දෙක්) වෙතොත් පාලනයක් අතිව බීවට කම් නැත. බේබද්දාට සමාජීය වගකීමක් ඇති අතර ඔහුගේ මත්පැන් පානයෙන් අන් අයට කරදරයක් නොවිය යුතුය. අන් අයව බලෙන් පෙලඹවීමෙන්ද වැලකිය යුතුය.

    ReplyDelete
    Replies
    1. මත්පැන් බොන පුද්ගලයා ගේ මත්පැන් පානයෙන් වෙනත් කෙනෙකුට කරදරයක් නොවෙන තාක්කල් ඔහුට මත්පැන් කොපමණ බොනවද?, බොන්නේ කොහොමද?, බොන්නේ මොන මත්පැන්ද? ආදී වශයෙන් ඔහුට බලපෑම් කිරීමට කිසිම කෙනෙකුට අයිතියක් නැහැ. මොකද ඒක ඔහුගේ කැමැත්ත වෙනත් කෙනෙක්ගේ නිදහසට බාධා කරන්න අපට බැහැ ඔහු කරන දෙය වෙන කෙනෙකුට බාධාවක් නැත්නම්...

      Delete
  2. මිනිස් ශරීරයට භාහිර මත් ද්‍රව්‍ය අවශ්‍යය නැ මොකද සුලු වශයෙන් ශරීරයේ මධ්‍යසාර නිපදවනවා අවශ්‍යය ප්‍රමාණයට. ඒකයි අදික වෙහෙසකර අවස්ථාවලදි අපිට හොදට නින්ද යන්නේ

    ReplyDelete