Monday, August 20, 2012

From: Sachi To: Nimal



ඔන්න ඉතින් අපේ ඔපීසියට අලුතින් ටික දෙනෙක් වැඩට ගත්ත. ඒ දැන් මාස 6කට විතර කලින්. මුන් ටික ඉතින් වැඩ එහෙම හොදට පුරුදුවෙලා හරියත සෙට් වේගෙන එනකොට දවසක් ආව මෙයින් එක්කෙනෙක්ට රෑ වෙනකම් වැඩ කරන්න වෙච්ච.

අපේ වගේ IT කොම්පැනි වල රෑ වෙනකම් වැඩ සෙට් වෙනව කියන්නෙ රෑ කෑමයි, ගෙදරටම ප්‍රවාහනෙයි නොමිලෙම හම්බ වෙනවයි කියන එකනෙ. ඉතින් අපේ අලුත් බුවත් රෑට හොදට කාල එහෙම 10ට විතර කැබ් එකක් ගෙන්න ගත්තලු බෝඩිමට යන්න.


අපි කැබ් වලට අතින් සල්ලෙ දෙන්නෙ නෑ. ණය පතක් තමයි දෙන්නෙ නැත්නම් ක්‍රෙඩිට් හයර් එකක් කියල තමයි ඕකට කියන්නෙ. ඉතින් ගමන ඉවර වෙලා පොඩි පෝරමයක් තියනව පුරවල ඩ්‍රැයිවර්ට දෙන්න. අපේ බුවත් බෝඩිම ගාවට ගිහින් ඕක පුරවන්න පටන් ගත්තලු.

ටික වෙලාවකින් මේක ඩ්‍රයිවර්ගෙ පැත්තට හැරිල, අයියෙ ඔයාගෙ නම මොකක්ද? මිනිහ ඉන්නවලු ඇහුනෙ නෑ වගේ, මේකට මොකටද මගේ නම කියල

අයියෙ, නම කියන්නකො... ආයිත් සද්දයක් නෑ. මොකක්ද අයියෙ නම කියන්නකො මට මේක පුරවල ඉවරයක් කරල දාන්න.

ඩ්‍රැයිවරයටත් දැන් මල පැනල. මල්ලි වෙනදට මගේ නම ඕන වෙන්නෙ නෑනෙ. හරි එහෙනම් ලියාගන්නවකො නිමල් කියල.අපේ බුවත් ඔන්න පුරවල දීල ආව.

බලනකොට පොර ලියල තියෙන්නෙ:

From: සචී
To: නිමල්

ප.ලි.: ටියුබ් ලයිට් කට්ටිය උඩ තියන පෝරමේ බලන්නකො. ඒත් ටියුබ් ලයිට්නම් කරන්නම දෙයක් නෑ ඉතින්.


විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

1 comment:

  1. සිංහලෙන් හිතලා ඉංග්‍රීසියෙන් වැඩ කරන්න ගියාම ඔහොම වෙනවා

    ReplyDelete

Share/Bookmark

Recent Comments