Monday, August 13, 2012

Stock Market සිංහලෙන් #08 - ඒකක භාර ගැන දැන ගනිමු

ඔන්න අද මම කියලා දෙන්න හදන්නේ ඒකක භාර ගැනයි. කලින් පොස්ට් එකකදී ඒකක භාර එහෙමත් නැත්තම් අරමුදල් ගැන ටිකක් කිව්වනේ. අද ඒ ගැන විස්තර කරන්නයි මම බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම මේ පොස්ට් එක කොටස් වෙළඳපල ගැන කියලා දෙන අවසාන පොස්ට් එකයි. ඒ වුනත් ඔයගොල්ලොන්ට කොටස් වෙළඳපල මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඕනෑම වෙලාවක අහන්න පුළුවන්.


මම මුලින්ම කියල දෙන්නම් ඒකක භාර ගැන. ඒකක භාර එහෙමත් නැත්තම් Unit Trust කියන්නේ තවත් පිලිගත්ත ආයෝජන ක්‍රමයක්. මේකෙදි වෙන්නේ විනිමය සහ සුරැකුම්පත කොමිෂන් සභාවේ (Securities and Exchange Commission) බලපත්‍ර ලාභී කළමනාකරණ සමාගමක් විසින් නිකුත් කරපු ඒකක අපි මිලදී ගන්න එකයි. මේ සමාගම් කොටස් වෙළඳපලේ හොඳ සමාගම් ගැන හොයලා ඒවගේ ආයෝජනය කරනවා. ඒවගේ ප්‍රතිලාභ අපිට ලභා දෙනවා. මෙයාලා ගොඩක් ආයෝජනය කරන්නේ ටිකක් ලොකු සමාගම් වල. ඒ වගේම මේවගේ ආයෝජනය කලොත් අපිට අවධානම අඩුයි. නමුත් ලාභයත් ටිකක් අඩු වෙනවා. හරියට මම පහුගිය පොස්ට් එකෙන් කිව්වේ කුකුළා ගැන. අන්න ඒ වගේ වැඩක් තමයි මේක.

මේ වෙද්දී බලපත්‍ර ලබපු කළමනාකරණ සමාගම් 9ක් තියෙනවා. මම ඒවා ගැන ටිකක් කියන්නම් දැන්.


National Asset Management Ltd
පළවෙනියටම ආරම්භ කරපු සමාගම තමයි මේක. මේ සමාගම දැන් තියෙන්නේ Union Bank of Colombo PLC (යුනියන් බැංකුව) යටතේයි. එයාලා ඒකක භාර වර්ග 7ක් කළමනාකරණ කරනවා.

Ceylon Asset Management Ltd
මේ සමාගමත් ඒකක භාර වර්ග 7ක් කළමනාකරණ කරනවා. මේසමාගම අයත් වෙන්නේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවටත් තවත් සමාගම් කිහිපයක එකතුවකටත්.

Comtrust Asset Management (Pvt) Ltd
මේ සමාගම ඒකක භාර 3ක් කළමනාකරණය කරනවා. මේ සමාගම අයත් වෙන්නේ කාර්ගිල්ස් සිලෝන් සමාගමේ මව් සමාගම වන CT Holdings PLC සමාගමටයි.

Ceybank Asset Management (Pvt) Ltd 
මේක ලංකා බැංකුව යටතේ ක්‍රියාත්මක වන සමාගමක්. මේ සමාගම ඒකක භාර 4ක් කළමනාකරණය කරනවා.

NDB Aviva Wealth Management Ltd
මේ සමාගම අයත් වෙන්නේ NDB බැංකුවට සහා අවිවා NDB රක්ෂණ සමාගමටයි.

First Capital Asset Management Ltd
මේ සමාගම First Capital Holdings PLC සමාගමේ උප සමාගමක්. මේ සමාගම ඒකක භාර 1ක් කළමනාකරණය කරනවා.

Heraymila Capital (Pvt) Ltd
Heraymila Securities සමාගමේ උප සමාගමක්. Heraymila Securities කියන්නේ ඩුබායි රටේ සමාගමක්.


Guardian Investment Trust PLC (Carson Cumberbatch PLC සමාගමේ උප සමාගමක් ) සමාගමේ සහ Acuity Partners (PVT) Ltd (Hatton National Bank and DFCC බැංකුවල හවුල් සමාගමක්) සමාගමේ හවුල් සමාගමක්. ඒකක භාර වර්ග දෙකක් මේගොල්ලෝ කළමනාකරණය කරනවා.

Capital Alliance Investments Ltd
Capital Alliance සමාගමේ උප සමාගමක්.

මේ ගොල්ලොන්ගේ වෙබ් අඩවි වල ඒ ගොල්ලෝ කළමනාකරණය කරන ඒකක භාර වර්ග ගැන විස්තර දාලා තියෙනවා. කැමති කට්ටියට ඒවගේ ආයෝජනය කරන්න පුළුවන්. ඉස්සෙල්ල කිව්වා වගේ. අවධානම අඩුයි ඒ වගේම ලාභයත් අඩුයි.

මම ගොඩක් දේවල් දැන ගත්තේ කොටස් වෙළඳපලට එකතු වුනාට පස්සෙයි. පහුගිය අවුරුදු වල කොටස් වෙළඳපල ගොඩක් සාර්ථක වුනා. ඒත් පස්සේ විවිධ හේතු නිසා ඒක ටිකක් පහල ආවා. ඒත් තව ටික කාලෙකින් කොටස් වෙළඳපල ඉහල යන්න පුළුවන්. ඒ නිසා මේක ගැන දැනුවත්ව ඉන්න එක හොඳයි. එහෙනම් කොටස් වෙළඳපල ගැන කියල දුන්න පොස්ට් පෙළ මෙතනින්ඉවර වෙනවා. :ඩි මොකක් හරි අවුලක් තියෙනවා නම් අහන්න.... :)
Facebook Comments Plugin Bloggerized by උත්පලගේ අඩවිය

2 comments:

  1. ai nawattanne, #08 ma kuwwa ewa hugak watinawa tawa tawe dewal hoyala dna godak istuti .

    ReplyDelete
    Replies
    1. කියලා දෙන්න පුළුවන් ගොඩක් දේවල් කියලා දුන්නා. මට හිතුනා ඒ ටික ඇති වෙයි කියලා ඒකයි නැවැත්තුවේ. ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් අහන්න....

      Delete