Pages

Wednesday, August 8, 2012

කෑම | කන කෑම හිතා ගන්න බැරි වෙයිද..? (Naughty's Favorite Menus)

ඔය එක එක කතා, ජීවන අද්දැකීම් ලියන අතරේ නෝටියාට හිතුනා කෑම ගැන පොස්ට් එකක් ලියන්න. හිතලම බලන්ටකෝ කන කෑම හිතා ගන්න පුලුවන්ද කියලා..


හ්ම්ම්... කෙහෙන්ද පටාන් ගන්නේ. ඔන්න ඔහේ හබුං වලින්ම පටන් ගමු.
(ඔන්න මේක කියවලා "මේකා නම් කන්නම උපන් එකෙක්" කියන්න ඔට්ටු නෑ ඔන්න)
  1. පොල් සම්බෝලයි, සම්බා බතුයි, හාල්මැස්සෝ කරවෙන්න බැදලා.
  2. රට ළූණු කෑල්ලකුයි, අමු මිරිස් කරල් දෙකතුනකුයි, ලුණු දෙහි කෑල්ලක් එක්ක උණු උණුවේ සම්බා බත්
  3. තැම්බුන් හොදි එකක් බීලා, ගොටුකොල සම්බෝලයි, අල බැදුම් එක්ක රතු බත් (මේ කෑම කෑවේ මහියංගනේ යාලුවෙක්ගෙ ගෙදරින්.කියල වැඩක් නෑ මතක් වෙනකොටත් කටට කෙළ එනවා)
  4. රතු හාල් වලින් හදපු කිරි බතුයි,  සැරම සැර කට්ට සම්බෝලයි. කාලා ඉවර වෙලා හොද ප්ලේන්ටි එකක්
  5. රෝස් පානුයි, පොල් සම්බෝලයි, කාලා ඉවර වෙලා වැඩි සීනි ප්ලේන්ටි
  6. මාළු ඇඹුල්තියල් එක්ක පොල් රොටි / ක්‍රීම් ක්‍රැකර්
  7. චිකන් හොදි එක්ක බිත්තර ආප්ප
  8. චිකන් හොදි එක්ක බිත්තර රොටි
  9. තොසේ සාම්බාර් එක්ක උළුදු වඩේ
  10. චිකන් හොදි එක්ක ඉඳි ආප්ප
  11. අඩු සීනි කොපි එකක් එක්ක ගෝල්ඩ්ලිෆ් එකක් (ෆැකල්ටි ලයිෆ් එකේ අවසානය සමග මතට තිත තිබ්බෙහිය)
  12. Extra spicy chicken Pizza with Lime Soda (හවස් වෙලා පොඩ්ඩක් ඇවිදලා කන්න කියාපු මෙනු එක)
  13. Spicy pasta with Pepsi (මේකත් හවස් වරුවකට සුපිරි)
  14. Strawberry berry Ice cream with Coke or Pepsi (අනේ ඉතිං මේ මෙනුව නම් ඕනි වෙලාවක)
  15. Toblerone dark chocolate with Coke (උදේ දවල් රෑ කියලා කිසි වෙනසක් නැතුව ලස්සනට උගුරෙන් පහලට බහින්නේ)
  16. Iced Cappuccino with chocolate chip cookies (හවස් වෙලාවට මරු)
  17. Strawberry cake with Orange Juice (දෙයියනේ කියලා ඕනිම වෙලාවක)
  18. Chocolate chip cookies with Pasteurized milk (මේක නම් ගොඩ වෙලාවට උදේට)
  19. French Fries with tomato ketchup and Lime soda (මේකත් කිසි අවුලක් නැතිව හවස් වෙලාවක ෆිල්ම් එකක් බලන ගමන් කියාපු මෙනු එක)
  20. තව පොඩ්ඩෙන් කියන්න අමතක වෙනවා හොඳම මෙනු එක, මල විකසිත උනාම කන දත් කූරු කෑම.   :D

එහෙනම් මම ගියාවේ.
ඔන්න නොටියගේ බඩජහරි කම. මොකද කියන්නේ. කමෙන්ට් කරමුද ඔයාලගෙත් Favorite Menus...

Lime Soda :)
    හම්මියෝ... බිත්තර රොටි












මාළු ඇඹුල්තියල් :)



 
Coke Pepsi and Strawberry berry Ice cream





30 comments:

  1. අඩෝ කෝක් බීලා අහුවෙන්න එපා ඕනේ නම් කාපන් ලෙමන් පෆ්

    ReplyDelete
    Replies
    1. එහෙනම් පෙප්සි බිව්වට කමක් නැද්ද...?
      ලෙමන්-පෆ් හී හී....

      Delete
  2. mmmmm........mamath oya dala thiyena menu walin godak ewata kamathiy,a wagema kalath tiyenawa.14 weni ekata tama mamanam godakma kamathi.........ayyatath hitena dewal..... :)

    ReplyDelete
  3. මමත් අසා ජාති ගොඩක්ම තියෙන්නෝ... ඒත් මම නම් ආසමa සම්බා බත් මාළු බැදලා පොල් සම්බල් එක්ක
    එදාට මගේ බඩ ඉඩ වැඩි වෙන අතර වේල් ගානද වැඩිවේ.
    ගොටුකොල නම් පොලෙන් හැම සතියෙම ගෙනත් දෙන නිසා තිත්ත වී ඇත.
    අර පස්සේ කියපු ලොකු ලොකු කෑම නම් කල නෑ.. ඒත් අර දත් මිටි නම් ඩෙසර්ට් එකට හැමදාම කනවා

    ReplyDelete
    Replies
    1. මලු බැදලත් මරු, අඩේ ගොටුකොල කෑව කාලයක් මතක නෑ බං.අවුරුද්දකින් විතර කාලා නෑ.
      අඩේ... මොන ලොකු ලොකු කෑමද බං.මෙහෙ ගිලින්න තියන එව්වා තමයි බං

      Delete
  4. Replies
    1. හේ හේ... එහෙනම් ආයෙමත් කමු....

      Delete
  5. yakoo mata badakini dan ube me post eka nisa

    ReplyDelete
    Replies
    1. එහෙනම් ආයෙමත් වළදමු ඇනෝ...

      Delete
  6. බඩගින්න වැඩි උනා බං මෙවුවා දැකලා..
    කාලා එන්නං..
    හරියටම කියවන්න..

    ReplyDelete
    Replies
    1. කාලා වරෙන්කො කිව්වලු.

      Delete
  7. නෝටියා රජ කන්නෙක්නේ :D

    ReplyDelete
    Replies
    1. අන්තිමට එච්චරයි ශුද්ධ ලාභය.
      හිකිස්.

      Delete
  8. මොනාද බං අවුස්සන්නේ අපි වගේ බඩජාරි කොල්ලන්ව !

    ReplyDelete
  9. 1 ඉඳලා 11 වෙනකං කියෙව්වත් බඩ පිරෙනවා අප්පා....තව ටික දවසයි තියෙන්නේ ගෙදර යන්න....

    ReplyDelete
    Replies
    1. අඩේ.... එල එලස්...
      ගෙදර ගියාම කමු පැලෙන්න නෝටියාටත් එක්ක.ගෙදර ගියාම දාමු කෑම ගැන පොස්ට් එකක්

      Delete
  10. කරවල බැදුමයි,අල හොදියි,රතු බතුයි.ඔන්න මගේ රෙසිපිය.ඔයාගෙ අන්තිම රෙසිපි ටිකනම් ගනන්නෙ.

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්.... එව්වත් නරකම නෑ.
      අන්තිම මෙනු වලට හුරු උනේ මෙහෙට අවායින් පස්සේ...

      Delete
  11. කන්දෙකෙන් දුන් දාන සයිස් එකට හදපු කොච්චි සම්බෝලයක් එක්ක බත් කාලා සිනි අඩු වැඩි කහට කෝප්පෙන් තරම් රහක් මට කොහෙවත් නෑ.

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්....මතක් වෙනකොටත් කන් දෙකෙන් දුම් දානවා...

      Delete
  12. කන්දෙකෙන් දුන් දාන සයිස් එකට හදපු කොච්චි සම්බෝලයක් එක්ක බත් කාලා සිනි අඩු වැඩි කහට කෝප්පෙන් තරම් රහක් මට කොහෙවත් නෑ.

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්....මතක් වෙනකොටත් කන් දෙකෙන් දුම් දානවා...

      Delete
  13. ඔය බ්ලොග් ලියන අලුගෝසුවො කරන එක ඇඩක් තමයි මේවගෙ කෑම ජාති පෙන්නලා අපිව torture කරලා. අපිව මානසිකව වට්ටන එක! අපි නම් අහුවෙයි ඕවට!!!:D

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
  14. හ්ම්ම් රස කෑම.....;)
    ඔතන තියෙන මස් මාංස වලට ඇර එළවලු ආහාර ඔක්කොටම ආසයි

    ReplyDelete
    Replies
    1. අඩේ වෙජිටේරියන් වගේ...
      එල එල.එහෙනම් හරක් මෂ් කනවා ඇති.

      Delete
    2. ඔව් මචං වෙජි.
      අහ් නැත්නම් වෙජි උන් හරක් මස් කනවා :P

      Delete
  15. කොච්චි සම්බෝලෙයි වැව් මාළු කරකරලා සුදු කැකුලු බතුයි කොහමද?
    අපෝ අගට යද්දී තියෙන ඒවා ලෙඩ ගොඩාක්!!!!! මගේ පර්ස් 1 ටth no matching!!!!

    ReplyDelete

ඔයාලාට හිතෙන අදහසත් ලියලාම යන්ටකෝ...

Related Posts Plugin for WordPress, Blogger...