Monday, August 6, 2012

මුස්ලිම් මිනිසාගෙන් දික්කසාද වීම ගැනයි..


ෆේස්බුක් එකේ අන්ත ජාතීවාදී ප්‍රකාශන වලට බැචා විරුද්ධයි කියල කලින් දවසකත් කිව්වනෙ. ඉතිං එහෙම උනාට දිවා රෑ එහෙම දේවල් අනන්තවත් බැචාට දකින්න ලැබෙනවා. මේ පෝස්ට් එක දාලා තිබ්බෙ බැචාගෙ පා‍සැල් මිතුරෙක්.

බැලූ බැල්මට මේක ‍ෆේස්බුක් දාන්න ඕන දෙයක් නෙවේනේ. ගෑණුකෙනෙක් මුස්ලිම් මනුස්සයෙක් එක්ක ශරියා නීතිය යටතේ විවාහ වෙලා. ස්වාමියා තවත් විවාහයක් කරගන්න හදන කොට දික්කසාද වෙන්න පුළුවන්ද කියලා පත්තරේක නීති උපදෙස් දෙන කොලමකින් අහනවා.ඉතිං මේකෙ පින්තූරයක් අරන් ෆේස්බුක් දාන්න තරම් වදවෙන්නේ මුස්ලිම් මිනිස්සුන්ව හෙලා දකින්න කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. 

කොමෙන්ට් දාපු අය කතෘ‍ගේ අරමුණ හොදට ඉටුකරලා තියෙනවා. බලමුකො කොමෙන්ට් 

ටිකකුත්.


බැචාට හිතෙන විදිහට මේක සාමාන්‍ය පවුල් ප්‍රශ්නයක්. දෙමව්පිය අකමැත්තට විරැද්ධව විවාහවෙලා අසරණ වුනු කාන්තාවක්. මනුස්සයා ඉන්න බිරිදගේ විරුද්ධතාව මැද තව විවාහයක් කරගන්න හදන එක සාදාචාරාත්මක නැහැ (ශරියා නීතිය යටතේ දෙවෙනි විවාහයකට ඉන්න බිරිදගේ කැමැත්ත තියෙන්න ඕන බැචා දන්න විදිහට. නෛතික කරුණු ගැන ලොකු අවබෝධයක්නම් නෑ).

 ඒත් කොමෙන්ට් කියෙව්වම බැචාට කණගාටු හිතුනා කොමෙන්ට් දාපු අපේ බෞද්ධයෝ ගැන. අසරණ වෙච්ච ගැහැනියකට බැනලා, අවමන් කරලා සිංහල බෞද්ධයෝ අධම සතුටක් ලබන එකම ඛේදයක්.

මේ ප්‍රශ්නෙ මනුස්සයා මුස්ලිම් වෙච්ච සිද්ධ වුනු දෙයක්ද? නැත්තං මනුස්සකමක් නැති හින්ද උන දෙයක්ද? සිංහල මිනිස්සු ඔහොම වැරදි කරන්නෙම නැද්ද ඇත්තට? ඇයි එහෙනං මේකට විතරක් ලොකු අවධානයක්

?මේ කාන්තාව සිංහල මිනිහෙක් එක්ක විවාහ වෙලා ඉදලා, ඒ මනුස්සයා කාන්තාවගේ කැමැත්තෙන් පිටත වෙනත් කාන්තා ඇසුරක් පැතුවනම්, මේක මේ විදිහට  ෆේස්බුක් දාවිද? එහෙම උනානන්, ඒ කාන්තාවට "වේසි,බැල්ලි,.." වශයෙන් පරිභව කරලා කට්ටිය කොමෙන්ට් දාවිද?


මේ අසරණ වෙලා ඉන්නෙ තවත් කාන්තාවක්. ඇයට වෙච්ච දේ "හොද පාඩමක්" කියලා නිවට සතුටක් ලබනවා ගොඩ දෙනෙක්. ඒත් ඇත්තටම ඒ කාන්තාවට අනුකම්පාව නේද හිමිවෙන්න ඕන?

 මුස්ලිම් නොවී සිංහල උනත් මේ ප්‍රශ්න ගැන කතා කරන්න ඕන. ඒ කතා කරන්න ඕන මේ ෆේස්බුක් පෝස්ට් එක දාපු කෙනා කරා වගේ පටු අර්ථෙකින් නෙවේ. කාන්තාවන්ට ආරක්ෂාව සපයන්න ඕන කියන පුළුල් අර්ථයෙන්.

වැරදිකරන්නෙ මුස්ලිම් මිනිස්සු; අපි හරි හොදයි කියලා හිතන් ඉන්න අය, ඉස්සෙල්ලා තමන්ගේ ඇහේ තියෙන පරාල ඇණේ ගලවල දාන්න ට්‍රයි එකක් දෙනවා නං වටිනවා කියලයි බැචා හිතන්නේ!

ආගම්වාද, ජාතිවාචද හින්දා රට අවුරුදු තිහක් දුක්වින්දා. අවුරුදු තුනක් යන්නත් කලින් ඒ දුක අමතක වෙච්ච හින්දද ආයෙත් එතැනට යන්න වලිකන්නෙ ඇත්තට?


* කොමෙන්ට් වල ඇත්ත කතා කරන්න කොන්දක් තිබිච්ච නුවන් චින්තක සොහොයුරාට බැචාගේ ප්‍රණාමය


15 comments:

  1. I agree with you 200% . I dont think there is any better way of dragging Sri Lanka back rather than making this kind of another mess...

    ReplyDelete
  2. එක දෙයක් පැහැදිලියි.. එක කබලක අවුරුදු තිස් ගානක් කබලේ බැදිච්ච රට ලිපට අදාල දාන්න කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා. ත්‍රස්තවාදයට මුහුනදෙනකොට එකට හිටි මිනිස්සු කවදාවත් නොතිබුණු විදිහට ආගම් භේදයක් නිසා භේද කරනවා. මෙවිදිහට හෝ මේවාට ප්‍රසිද්දියක් දීමත් හරි නැහැ..

    ReplyDelete
    Replies
    1. මේ සිද්ධියට ප්‍රසිද්ධියක් දෙන්න නෙවේ අදහස් කරේ සහෝදරයා. මේ වගෙ පහත් තැනකට අපි වැටිල නේද කියන එක අපිම තේරුම් ගන්න ඕන. නැත්තං ආපහු ලේ වගුරවාගන්න තැනකට යන්න වේවි අපිට. මේ පින්තූරේ ෆේස්බුක්, එළකිරි එකේ තුන් හතර තැනකම දාලා තිබ්බා.

      Delete
  3. වැඩක් නැත්තං මේකට මෙහෙමෙ ප්‍රමෝට් ඇයි? බ්ලොග් හිට්ස් ගන්නද? ඔයා ආදරණීය පොරක් කියල ලෝකෙට කියන්නද?

    මෙයාලා ඔය විදියටවත් තර රට ගැන හිතලා කතා කරනවා ඕකෙ ඇත්ත තත්වය කූරගල, දුටුගැමුණු රජ සොහොන වගේ දේවල් වලින් එලියට එනවා...

    ඒවා නො‍පෙනෙන ඔයාලා අයියලා වෙන්න මෙහෙම රුපියල් 2 වැඩ කරනවා. හරි සතුටුයි. ඒත් මෙහෙම කරලා මේ කරන සොහොයුරන් සොයුරියන්ට එපා වුන දවසට උම්බලාව උම්බලාගේ සහෘදයන්ට අවැඩක් වුනදාට,

    කටක් අරින්න මේ එකෙක් එන්නැති වෙයි. අන්න එදාට සතුටු වෙන්න...

    කූරගල, දුටුගැමුණු රජ සොහොන, මුහුදු මහා විහාර, උන්ගෙයි අපට අයිතියක් නැතෙයි කියලත් ඔය මෝඩ මොලෙන් පෝස්ට් එකක් ලියනවා බලන්න කැමතියි.

    කැම්පස් බැචා කියල දාගත්තට කැම්පස් ගියාද කියල දන්නෑ... එහෙම උනත් කැම්පස් ගිය ඔක්කොම බුද්ධිමත්ම නෙවී නෙ!

    පුලුවන්නම් සිංහලයෙක් නම් බෞද්ධයෙන් නම්, පස්පව් ඔක්කොම දවසකට වරුවකට විතරක් නෙවී මුලු ජීවිත කාලෙටම අත්හැරල මේ ලිපිය ආයෙ ලියමු?
    ජය වේවා!

    ReplyDelete
    Replies
    1. මම අහන්නෙ බොහොම සරල ප්‍රශ්නයක්. ඇයි හැමදේම දිහා ජාතිවාදයෙන් බලන්නේ? ගැහැනියෙක්ට තමන් කැමති මිනිහෙක් එක්ක විවාහ වෙන්ඩ බැයිද? ඒ මූලික අයිතිවාසිකමටයි ඔය පෝස්ට් එක දාලා තියෙන පුද්ගලයා අභියෝග කරන්නෙ.

      ඔය කවුරුත් රට ගැන හිතන අය නෙවේ සහෝදරයා. රට ගැන හිතනවනං ජාතිවාදේ අවුස්සන්න ඔය කවුරුත් උඩගෙඩි දෙන්නෙ නෑ.

      මිනිහෙක් කරපු දෙයක් වැරදියි නං, ඒ දේ වැරදියි කියන්න ජාතිය, ආගම බාධාවක් වෙන්න ඕන නෑ. ඇත්ත කතා කරන්නයි - බිම ඉදගන්නයි බය වෙන්න ඕන නෑ කියනවනේ. සහෝදරයා සිංහලනං අහලත් ඇතිනේ.

      අසරණ වෙච්ච ගෑණියෙක්ට බැනල කොමෙන්ට් දාන එකද බං සිංහලකම? ඕව තමයි නියම 2.50 වැඩ

      Delete
    2. මෙහෙම ලියලා ඔයාලා පොරවල් වෙලා... (හිතන් ඉන්නවා) දැනට නම් බැනුම් අහගෙන හරි මෙහෙම කොමෙන්ට් දාන්න ඉන්නවා ඉස්සරහට එහෙම කෙනෙකුත් නැත වේවි.

      අපේ අයමනේ අපේ එවුන්ගේ වල කපන්නෙ. ඒකෙන් සිංහලයට දෙන පණිවිඩය පේන්නෙ නැති තරම් ඔයා අන්ධ වෙලා..

      අනිත් එක තව භයානක දෙයක් කතා කරනවා මේ ලිපියෙන් මේ රටේ නීති දෙකක් ගැන...

      එක රටක නීති දෙකක්? කොටින්ටත් ඊළම නැති වුනේ මේ කාරණා නිසා දැන් මුන්ට ඒකත් හරි... දැන් උන්ට උසාවි දාගන්නත් පුලුවන් වේවි...

      මේවා නොපෙනෙ අපේ ජාතිය පහතටම හෙලන්න හදන්නෙ ඇයි කියල පොඩ්ඩක් මට කියනවද?

      පිදුරු ගොඩේ ඉදිකට්ට හොයන ඔයා ගැන හරි සතුටුයි.

      Delete
    3. අවාසනාවකට ඔබතුමා වගේ හිතන මිනිස්සු ගොඩදෙනෙක් ලංකාවෙ ඉන්නවා. එහෙම නොහිතන අය අඩුවීම ගැන ඇත්තටම දුකයි. ඔබතුමාට රටේ නීතිය ගැන මලපොතේ අකුරක් බැරිබව කොමෙන්ට් එකෙන් පේනවා. රටේ පොදුනීතියට අමතරව පුද්ගල නීතිය කියලා එකක් තියෙනවා. පුද්ගල නීතිය යටතට තමයි උඩරට නීතිය, තේසවලාමේ නීතිය, ශරියා නීතිය කියන ඒවා අඩංගු වෙන්නෙ. ඕවා ටිකක් දැනගෙන එන්ඩ ඊලග පාර වීරකමට කොමෙන්ට් දාන්ඩ එද්දී.

      ඉතිං ඔබතුමාගේ ඊළම් තර්කෙ අදබාල තර්කයක්.

      ඊළග පාර ටිකක් කරුණු හොයල බලල කතා කරන්න මහත්තයෝ.

      Delete
    4. පුද්ගල නීතිය කියන එක උන්නැහේ රටේ නීතියට උඩින් යන්ඩ බෑ. අවුරුදු 12ක කෙල්ලෝ විවාහ කොර ගන්ඩ අවසර දීල තියෙන මුස්ලිම් නීතියෙන් ළමා ප්‍රඥප්තිය කැඩෙනව. රටේ ජන වර්ග අනුව නීති වෙනස් වෙන්ඩ ඕනේ කියල උන්නැහෙල හිටහ්නව නම් උන්නැහේ අනිතුම පජාත ගෝත්‍ර වාදියෙක්. ඔක්කොටම එක නීතියක්, එච්චරයි.

      Delete
    5. පුද්ගල නීතිය රටේ නීතියේ කොටසක් උන්නැහේ. ඕක තේරුම් ගන්න අමාරුද? ලංකා‍වට අනුව ශරියා නීතියේ උනත් ඇතැම් දේවල් පමණයි ක්‍රියාත්මක වෙන්නේ. උදාහරණෙකට මුස්ලිම් මනුස්සයෙක්ට විවාහ හතරක් කරන්න විතරයි ලංකාවේ ඉඩ තියෙන්නේ. කුලප්පු නොවී ටිකක් හොයල බැලුවනං

      Delete
  4. සහතික ඇත්ත... මේ හේතුව හින්ද යාලුවෝ කීයක් මම remove/hide කරලා ඇතිද FB එකේ...

    ReplyDelete
  5. කොහෙ උනත් ගැහැණු කෙනෙක්ට තමා ප්‍රශ්න.

    ReplyDelete
  6. බැචා බලන්න මුලින්ම ආවේ අද... අළුත් මල්ලි නම් ඉතින් කාගෙත් එක්ක වුණත් සහයෝගයෙන් වැඩ...

    ReplyDelete
  7. bachage kathawata mamath ekagai.aththatama bacho buduhamuduruwoth sinhalada? minissu jathiwadiyo wenne eyalata wiwurtha manasak nathi hinda.

    ReplyDelete
  8. ගැහැනියෙක්ට තමන් කැමති මිනිහෙක් එක්ක විවාහ වෙන්ඩ අයිතියක් තියෙනවා. ඒක මූලික මිනිස් අයිතිවාසිකමක්..ඒත් සිංහල කෙල්ලෙක් මුස්ලිම් කොල්ලෙක්ව බඳිනවනම් මුස්ලිම් නීති රීති ගැන හොඳ අවබෝදයක් තිබිය යුතුය. ගොඩක් කෙල්ලො අමාරුවෙ වැටෙන්නෙ මේ ගැන කිසිම අවබෝධයක් නැතුව.මේ ගැන දැනුවත් කරන එක අවශ්‍යම දෙයක්..

    ReplyDelete
    Replies
    1. මිරන්ත ගැහැණියක් විවාහයේ අසරණ වෙන එක ගැහැණියක් වුන හින්ද ඇතිවෙච්ච ප්‍රශ්නයක් මිසක් මුස්ලිම් මිනිහෙක් බැන්ද හින්ද ඇතිවෙච්ච ප්‍රශ්නයක් නෙවේ. හැබැයි අපේ අය ජාතිවාදය පතුරවන්න මේ එක සිද්ධියක් ව්‍යුක්තව අරන් කතා කරනවා. ඔයිට වඩා නින්දිත දේවල් වෙන්නෙම නැද්ද සිංහල පවුල් ඇතුලේ? මමනං කියන්නේ මිනිහෙක්ට තමන් කැමති කෙනෙක් එක්ක ජීවත්වෙන්න අවශ්‍ය නිදහසයි ව්‍යාප්ත කරන්න ඕන. ප්‍රශ්නයක් ආවම ගරහන්නේ නැතුව උදව් කිරීමයි විය යුත්තේ..

      Delete