Saturday, August 4, 2012

නැද්ද කිසි දුකක්??


ආදරේ ඇත්තටමද...
මායාවක් විතරක්මද..
මේ ඇස් දෙක රැවටිලාද..
නැහැ කිසිම තේරුමක්..

මගේ හිත රැවටුනාද..
හිස් වචන පමණක්මද..
දුටුවේ හීන විතරක්මද..
නැතිද හෙට දිනක්??

අයිතියක් මගෙ ඕනේ නැද්ද..
ලඟින් ඉන්න ආසා නැතිද..
ආදරේ මගෙ දැනුනේ නැද්ද..
හිතට නිකමටවත්??

ආදරයක් ඇත්තෙ නැද්ද..
කවදාවත් තිබුනේ නැද්ද..
හැර යන්නට හිතෙනවාද...
නැද්ද කිසි දුකක්??

3 comments:

  1. 'අයිතියක් මගෙ ඕනේ නැද්ද..
    ලඟින් ඉන්න ආසා නැතිද..
    ආදරේ මගෙ දැනුනේ නැද්ද..
    හිතට නිකමටවත්??'

    මම ආසම මේ ටිකට :)
    ලස්සනයි යාලු :)

    ReplyDelete
  2. ඇත්තටම ආදරය කලානම් දුක හිතේවි ......

    ReplyDelete
  3. තියේ ලොකු දුකක්....

    ReplyDelete