Friday, August 3, 2012

කොපුලේ වැහි බිඳුවක රස.....(ක්‍රිශාන්ත එරන්දක)

අදත් ගෙනාව සින්දුවක්. පොඩ්ඩක් හිතල බලන්න අපි ආදරේ කරන කෙනත් එක්ක අපිට තනි වෙන්න තියෙනවානම් අපිට වෙනත් සතුටක් තියෙනවාද ආදරේ කරන අය විදිහට....

මේ සින්දුව තමයි "මන්දාරම් අඳුර මැදින්" ගායනා කරන්නේ "ක්‍රිශාන්ත එරන්දක" මහතා. ඔයත් අහන ගමන් හිතල බලන්න මේවගේ අවස්තාවක් ලැබුනොත්?????

Mandaram Andura madin-Krishan Erandhake by rmcdex




මන්දාරම් අඳුර මැදින්
හිරිපොද වැහි වැටෙන වෙලේ
මා හා ඇවිදන් යන්නට
ඔබ සිටියානම් .....

තනියටවත් යන්නට මදි
කුඩේ යටින් ඔබේ ලඟින්
නොතෙමී තෙමි තෙමි සතුටින්
යන්නට තිබුනා.....

මන්දාරම් අඳුර මැදින්.....

මග යන එන අයට හොරෙන්
ඔබෙ දෑසට එබී බලා
කොපුලේ වැහි බිඳුවක රස
බලන්න තිබුනා....

මන්දාරම් අඳුර මැදින්....



0 අදහස්:

Post a Comment