Pages

Sunday, July 29, 2012

විශ්වයේ බිහිවීම - මහා පිපිපුරුම් වාදය(The Big bang Theory) Part # 02


කලින් ලිපියේ කියලා ඉවර කලේ තැන ඉදලා පටන් ගන්නම්.කලින් ලිපිය බැලුවේ නැත්තම්  >මෙතනින්<  බලන්න.

Big bang එක නිසා දැන් විශ්වයේ මුල්ම  පදාර්ථ ඇති වෙලා ඉවරයි.මේවා තවමත් පවතින්නේ උප පරමාණුක තත්වයේ , ඒ කියන්නේ පරමාණු හැදෙන්න ඕනි මුලික අංශු තත්වයේ.එත් මේවා එක දිගටම  පදාර්ථ තත්වයේ පැවතුනේ නෑ.ඒ කියන්නේ මේවා එක විටක පදාර්ථ බවටත් ක්ෂණික මොහොතකින් නැවතත් ශක්තිය බවටත් පරිවර්තනය වෙමින් අහබු ලෙස චලිත වෙමින් පැවතුනේ.මොකද තවමත් විශ්වය තුල ස්ථායි තත්වයක් පැවතුනේ නැ.කලින් ලිපියේ පැහැදිලි කල ලෙසම මේ ශක්ති පරිවර්තනය අයින්ස්ටයින් ගේ  E= mc2  සමීකරණය මගින් පැහැදිලි කරන්න පුළුවන්.මේ අංශුන්ගේ චලිතය තව දුරටත් පැහැදිලි කරනවා නම්...,කොටුව දුම්රිය නැවතුම්පොලේ පැත්තකට වෙලා බලන් හිටියොත් ,මිනිස්සු එහා මෙහා යන විදිහ මේ චලිතයට අනුරූප කරන්න පුළුවන්.හිතන්නකෝ මේ මිනිස්සු යන ගමන් එක පාරට අතුරුදහන් වෙනවා කියලා ඒ කියන්නේ නිකන් පදාර්ථ යලිත් ශක්තිය බවට පත් වෙනවා වගේ.දැන් තේරුණා නේ :D.




තවත් අමුතු දෙයක්...,පදාර්ථ(Matters) බිහිවෙනකොට ඒවා තනියම බිහි වුනේ නැ මේත් සමගම විශ්වයේ පවතින භයානකම දෙය වන ප්‍රතිපදාර්ථ(Antimatters-සිංහලෙන් මොකක් කියනවද හරියට දන්නේ නැ.) බිහි වුනා.ඒ කියන්නේ මේවට තියෙන්නේ පදාර්ථ වල ප්‍රතිවිරුද්ධ ගති ඒ කියන්නේ පදාර්ථයේ ප්‍රතිබිම්භය තමයි ප්‍රතිපදාර්ථ .එහෙනම් තේරුම් ගන්න පුළුවන්නේ මේවා දෙකක් එකට එකතු වුනොත් මොකද වෙන්නේ කියලා.

මම ම කියන්නම් නිකන් ( + ) සහ ( - ) ආරෝපණ දෙකක් එකතු වුනා වගේම  මේවත් එකිනෙකට නිෂ්ක්‍රිය වෙලා යනවා.මේ නිෂ්ක්‍රිය වීම සිදු වන්නේ ඇති දැවැන්ත න්‍යෂ්ටික පිපුරුමක් ලෙස අති විශාල ශක්තියක් මුදාහරිමින් .මේ ක්‍රියාවලිය කොතරම් වැදගත්ද කියලා කියනවා නම් මේ විශ්වයේ ඉරණම තීරණය වීමට ප්‍රභලම සාධකයක් තමයි big bang එක වෙලාවේ බිහිවුන පදාර්ථයෙත්(Matter)  , ප්‍රතිපදාර්ථ යෙත් අනුපාතය(Antimatter).මොකද කියනවා නම් ප්‍රතිපදාර්ථ වැඩියෙන් හටගත්තා නම් ඒවා නිසා පවතින සියලුම පදාර්ථ නිෂ්ක්‍රිය වීමට හේතුවනවා  නොඅනුමානයි.නමුත් අපේ වාසනාවට මේ නිෂ්ක්‍රිය වීමෙන් ජය ගන්න තරම් පදාර්ථ ඇති වුනා,කොච්චරද කියනවා නම් නිෂ්ක්‍රිය වීමෙන් පසු ඉතිරි වෙච්ච පදාර්ථ මුළු විශ්වයක් බිහි වීමට ප්‍රමාණවත් වුනා.හි හි හිතාගන්න පුළුවන්නේ....:P


මේ ක්‍රියාවලි සියල්ලම වීමටත් ගත වුනේ සුළු Planck තත්පර(කලින් ලිපියේ පැහැදිලි කළා නේ- වැඩිදුර තොරතුරු ) කිහිපයක් විතරයි. කියන්නේ තවමත් විශ්වය අධික උෂ්ණත්වයෙන් යුතුව පුපුරා යමිනුයි පැවතුනේ.එත් කාලයත් සමග උෂ්ණත්වය කෙමින් කෙමින් අඩු වුනා.මේ අඩු වීමත් එක්ක පදාර්ථ-ශක්තිය බවටත් නැවත ශක්තිය-පදාර්ථ බවටත් පත් වීමේ ක්‍රියාවලිය නතර වුනා.දැන් මේ උප පරමාණුක අංශු වල කැලබුම් ස්වභාවය අඩු වෙලා  එකිනෙකට එකතු වෙන්න පටන් ගත්තා.මෙහෙම විශ්වයේ බිහි වුන පළමු පරමාණුව හයිඩ්‍රජන් (H2) බිහි වුනා.

මෙහෙම දිගින් දිගටම උප පරමාණුක අන්ශුන්ගේ එකතුවෙන් මීලග තත්පර 3 පමණ වෙන කොට තවත් පරමාණු දෙකක්  ඒ කියන්නේ හීලියම් (He) සහ ලිතියම් (Li) මේ විශ්වයට බිහි වුනා.මෙලෙස මේ විශ්වයේ පරමාණු හටගැනීම සනිටුවන් වුනා.එත් තවමත් මේ විශ්වය දැන් පෙනෙනවා වගේ පාරදෘශ්‍ය තත්වයේ පවතුන්නේ නැ.ඒ තරම් ඝනත්වයක් තවමත් එහි තිබුනා.මොකද තවමත් මේ පරමාණු බවට පත් වීමේ ක්‍රියාවලිය ඉවර වෙලා තිබුනේ නෑ.මෙහි පැවතුන ඉලෙක්ට්‍රොන වල කැලබිලි සහගත බව අඩු වෙලා ඒවා පරමාණු වලට එකතු වෙන්න විශාල කාලයක් ගත වුනා. Astronomers ලා කරලා තියන ගණනය කිරීම් හැටියට මේ විශ්වයේ පවතින සියලුම  හයිඩ්‍රජන් (H2) , හීලියම් (He) සහ ලිතියම් (Li) පරමාණු සියල්ල  බිහි වෙන්න අවුරුදු 380,000ක් විතර කාලයක් ගත වෙලා තියනවා.

මේ පිළිබඳ සාක්ෂි කියන අත්වැරදීම් සොයාගැනීමක් 1964 දී  Arno Penzias සහ Robert Wilson යන දෙදෙනා සොයාගත්තා.මෙයාලා Radio Signals භාවිතයෙන් galaxies  සිතියම් ගත කරමින් තමයි ඉදලා තියෙන්නේ.එත් හැම වෙලේම බලන හැම තැනකම හදුනා නොගත් අනපේක්ෂිත පසුබිම් ඝෝෂාවක් මෙයාලා භාවිතා කරපු Horn Antenna එකට අසු වුනා .මුලින්ම මෙයාලා හිතුවේ පරවියෝ මේ Antenna ව වැසිකිලියක් කරගත්ත නිසයි මෙහෙම වුනේ කියලා  :D :D.පස්සේ ඒවා අයින් කරලා බැලුවත් ඒ ප්‍රශ්නේ ආයේ ආවා.


Arno Penzias and Robert Wilson
with Horn Antenna


මේ හේතුව මොකද්ද කියලා වැඩි දුර සෙවීමේ ප්‍රතිඵලයක් ලෙස මේගොල්ලෝ හොයා ගත්තා මේකට හේතු වුනේ වෙන මොකවත් නෙවෙයි විශ්වය පරමාණු බිහිවීමෙන් පසු නිකුත් වුන
අන්තරීක්ෂ කිරණ නිසයි මෙහෙම වුනේ කියලා

           
           මිට වඩා හොද ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් 1989 NASA COBE Mission එක දියත් කෙරුනා (වැඩිදුර තොරතුරු ) .මෙමගින් විශ්වය පුරාවට උෂ්නත්වයේ වෙනස් මැනගන්න පුළුවන් වුනා.මේකටත් භාවිතා කරගත්තේ  කලින්  මම කියපු අන්තරීක්ෂ කිරණ තමයි .මේ මෙහෙයුම නිසා ඔවුන්ට හැකි වුනා   විශ්වයේ පළමු සිතියම් ගත කිරීම සිදු කරන්න මේ පින්තුරය හදුන්වන්නේ The Face Of GOD කියල (උඩ රුපය) .එත් මේක සුපැහැදිලි ස්භාවයක් තිබුනේ නෑ ඒ නිසා වැඩිදුර අධ්‍යනය සදහා 2001 NASA WMAP Mission එක දියත් කෙරුණා (වැඩිදුර තොරතුරු ).මෙමගින් පුළුවන් වුනා මෙතෙක් කාලයකට විශ්වයේ පිළබද දත්ත රාශියක් කැටි කරගත් සිතියමක් ගොඩනගන්නට (යට රුපය). ඒ කියන්නේ විශ්වය බිහිවෙලා අවුරුදු 380,000 කට පස්සේ මේ වගේ තමයි විශ්වයේ සංයුතිය ව්‍යාප්ත වෙලා තිබුනේ.


මේ රුපයේ තියන තද රතු හා කහ වර්ණ ඇති ප්‍රදේශ උෂ්ණත්වය වැඩි ප්‍රදේශ .අනික් කොළ හා නිල් වර්ණ ප්‍රදේශ උෂ්ණත්වය අඩු ප්‍රදේශ.ඒ නිසා කියන්න පුළුවන් වුනා රතු හා කහ වර්ණ ප්‍රදේශ වල පදාර්ථ  වැඩි බවත් අනික් ප්‍රදේශ සාපේක්ෂව පදාර්ථ අඩු ප්‍රදේශ බවත් .පදාර්ථ නැති ප්‍රදේශ හිස් අවකාශ බවටත්,පදාර්ථ ඝනත්වය වැඩි ප්‍රදේශ මේ චක්‍රාවාට ,තාරකා සහ ග්‍රහලෝක වල බිහි වීමට හේතු වූ ප්‍රදේශ වුනා.

ඉස්සෙල්ලත් කිව්වා වගේ  විශ්වයේ වයස අවුරුදු 380,000 ගත වෙලා තිබුනා .මේ වනවිට විශ්වය පුරාවට හයිඩ්‍රජන් ,හීලියම්  වලාවන් ගමන් කරමින් තිබුනා,මේ වලාවන් තුල පළමු තාරකාවන්ගේ බිහිවීමට තවත් අවුරුදු මිලියන 200 ක් පමණ ගත වුනා.මේ කාලයේ විශ්වය පුරාවට තාරකා වල බිහිවීම පටන් ගත්තා.මෙලෙස තාරකා විශාල වශයෙන් හටගත්තා.Big bang එකෙන් අවුරුදු බිලියනයකට පස්සේ මුල්ම මන්දාකිනිය (Galaxy)හටගත්තා.මේ ක්‍රියාවලිය නැවතුනේ නෑ මීලග අවුරුදු බිලියන 8 පුරාවට විශ්වය පුරා මෙවන් මන්දාකිනි වලින් පිරුනා.මේ අතර අපේ සෞරග්‍රහමණ්ඩලය පිහිටා තිබෙන ක්ෂිරපතය (Milky way Galaxy) මන්දාකිනියත් හටගත්තා .අදින් වසර බිලියන 5 කට විතර පෙර ක්ෂිරපතයේ නිස්කලංක ප්‍රදේශයක අප වටා ඇති මේ සෑම දෙයකටම ජිවය ලබාදුන් අපගේ සුර්යයාගේ බිහිවීම සිදුවුනා.Big bang එකෙන් අවුරුදු බිලියන 9 කට විතර පසු අපගේ සෞරග්‍රහමණ්ඩලය බිහිවුණා මේ අතර අප හැමගේම නවාතැන වූ පෘතුවියද (The Earth) බිහිවුණා. 


මේ හැමදේකටම මුල් වූ Big Bang එක නිසා මේ විශ්වයේ සිදුවන ප්‍රසාරණය දැනටත් සිදුවෙමින් පවතිනවා.එත් මේ ක්‍රියාවලිය දිගටම වෙමින් පවතීද ...? අන්තිමට මොකක් වෙයිද...? සෑම දෙකම අවසානයක් තියෙන නිසා විශ්වයේ අවසානය මොකක්ද ...? තවමත් මෙවන් ප්‍රශ්න තාර්කික මට්ටමේ පවතින මුත් තවත් ලිපියකින් මේ පිළිබද සොයා යමු...:)


කලින් ලිපියත් හුග දෙනෙක් බලලා තිබුනා එත් ප්‍රතිචාර දක්වලා තිබුනේ ටික දෙනයි..කියවලා යමක් ඉගෙන ගත්තා නම් comment එකක් එහෙම දාලා යන්න...:)