Wednesday, August 1, 2012

නිලූකට කෙලිය බළධාරීන්


අතහැර දැමූ බ්ලොග් කඩමාල්ල යලි එලියට ඇද ගත්තේ නිලූකගේ බැට්මින්ටන් තරඟය නැරඹීමෙන් පසු ඇතිවූ කෝපය පිට කිරීමට වෙන්ත් මගක් නොවූ නිසයි.


වෙනත් රටවල් ඔලිම්පික් සලකන්නේ ක්‍රීඩකයින්ගේ ක්‍රීඩා තරඟයක් ලෙසයි. නමුත් අපට එය නිළධාරීන්ගේ, බළධාරීන්ගේ සහ ඔවුන්ගේ හත්මුතු පරම්පරාවේ කෑදර විදේස්  සවාරි දොළ දුකින් පෙලෙන්නන්ගේ තරඟයකි.


දැනගන්නට ඇති ආකාරයට මෙයට සහභාගීවූ අපේ ක්‍රීඩකයින්ගේ ගණන හතකි. ඒ සුදුසුකම් ලැබූ අය මෙන්ම සහභාගීත්වය උදෙසා ලැබුනු ප්‍රසාද අවස්ථාද සමගිනි. නමුත් සහභාගි වූ නිළධාරීන්ගේ ප්‍රමානය 26 කි. ආසන්න වශයෙන් එක් ක්‍රීඩයෙකුට නිළධාරීන් හතර දෙනෙකි. මෙයනම් ලෝක වාර්ථාවක්ම විය හැකියි. 


ඔලිම්පික් තරඟ සඳහා පරිසාදක මටිටම ඉක්මවා සුදුසුකම් ලැබූ ක්‍රීඩකයන් කීපදෙනා අතර ඉදිරියෙන්ම සිටියේ නිලූක කරැනාරත්නයි.  අපට ඔලිම්පික් ගැන තිබූ ඉහලම බලාපොරොත්තු වූයේ නිලූකයි. නමුත් මේ සහභාගී වූ නිළධාරීන් හැත්ත බුරැත්තට හෝ අඩුම වශයෙන් ඇමතිට හෝ ඒ ගැන වගේ වගක් තිබුනේ නැත. අවසානයේ නිලූකට ඉන්දීය ක්‍රීඩකයා හමුවේ වට දෙකට එකක් ලෙස පරාජය වීමට සිදුවිය.


අප මෙසේ කියන්නේ නිලූකට පුහුනුකරැවෙකු ලඟ සිටියේනම් මෙම තරඟ ප්‍රථිපලය මෙයට වඩා වෙනස්වන බව පැහැදිලිව පෙනීගිය නිසයි. ආරම්භයේ සිටම ආක්‍රමනශීලී  ලෙස ක්‍රීඩාකල ඔහු පරාජය වූයේ අදක්ෂ බව නිසා නොව තරඟය  තුල අවස්ථානෝච්තව ක්‍රීඩා කිරීමට නොහැකිවීම හා දැඩි වෙහෙස නිසයි. ක්‍රීඩකයෙකුට පුහුනුකරැවෙකු අවශ්‍යයවන්නේ මෙවැනි අවස්ථා සඳහා මග පෙන්වීමටයි.


අප දේශපාලනය ගැන කථ‍ා කරන්නේ මහින්ද වෙනුවට රනිල්, ජෙනරාල් හෝ සජිත් ගෙන ඒමට නොවේ. ප්‍රජාතන්ත්‍රවාදය නැතැයි කියන්නේ විරැද්ධවාදීන්ට මර්ධනය කරන,පහරදෙන, මරන නිසා නොව දක්ෂයාට තම දක්ෂකම් දැක්වීමට මෙම රට තුල අවස්ථා සලසා නොදීම නිසයි. 

No comments: