14 වන පාසල් DSI වොලිබෝල් තරග මාලාව මාදම්පේ සේනානායකයන් ආක්‍රමණය කරයි !!!

මේ සති අන්තය ආරම්භ වුනේ ඔලිම්පික් එක්කනේ, ඒත් සිකුරාදා ඉදන් තියෙන තවත් විශේෂ ක්‍රීඩා තරග වට ටිකක් ගැනයි මේ ලියන්න යන්නේ. ඒ තමා DSI වොලිබෝල් තරගාවලිය ගැන. 14 වරටත් පැවැත්වුනු මේ තරගාවලිය තුල සුපුරුදු පරිදි වොලිබෝල් සදහා නම් දරා සිටින සුපිරි පාසල් මෙන්ම නව පාසල් කිහිපයක්ම එක්වී තිබීම ඉතාමත් සාධනීය කරුණක් කියලා බූඩි හිතන්නේ. මෙච්චර කාලයක් අගනුවර සුගතදාස ක්‍රිඩාංගනයේ පැවැත්වුනු මෙම තරග ප්‍රතම වරට අගනුවරින් පිටට ගෙන යන්න හැකිවුනා. ඒ නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගනයට.

සිකුරාදා ආරම්භ වුන තරග අවසන් වුනේ සෙනසුරාදා. අවසන් තරග පමණයි පැවැත්වුනේ.

පිරිමි

  • 12 පහල – විජයභා ජාතික පාසල සමග වලගම්භා මධ්‍යයය මහා විද්‍යාලය
  • 14 පහල – සේනානයක ජාතික පාසල, මාදම්පේ සමග ධවිසමර මධ්‍යයය මහා විද්‍යාලය, සීදුව
  • 16 පහල – ජෝශප් වාස් ජාතික පාසල, වෙන්නප්පුව සමග සේනානයක ජාතික පාසල, මාදම්පේ
  • 18 පහල – සේනානයක ජාතික පාසල, මාදම්පේ සමග ධම්මිස්සර ජාතික පාසල, නාත්තන්ඩිය

ගැහැණු

  • 12 පහල – පුවරසන්කුලම විද්‍යාලය, අනුරාධපුර සමග රත්නාලෝක මධ්‍යයය මහා විද්‍යාලය
  • 14 පහල – කොබේවල කීර්තිරතන මධ්‍යයය මහා විද්‍යාලය සමග පුවරසන්කුලම විද්‍යාලය, අනුරාධපුර
  • 16 පහල – ධර්මපාල මධ්‍යය මහා විද්‍යාලය සමග ශා. අන්තෝනි පාසල, තොඩුවාව
  • 18 පහල – ශා. අන්තෝනි පාසල, තොඩුවාව සමග ආණමඩුව මධ්‍ය විද්‍යාලය

ඔන්න ඔහොම තරග 8 ක් පැවැත්වුනා.

විශේෂම කරූණක් වෙන්නේ මාදම්පේ සේනානායක විද්‍යාලය තුන් වර වරටත් (2010, 2011, 2012) පිට පිටම තුන් වතාවක් 18 න් පහල ශූරතාව දිනා ගැනීමයි. ඔවුන් අවසාන තරගය 3-0 ලෙස (28-26, 25-13, 25-16) ඉතාමත් පහසු ආකාරයෙන් තරගය ජය ගත්තා. අනෙක් තරග වලින් සේනානායකය අත්කරගත්තේ දෙවන ස්ථානයයි. නමුත් තරගාවලියේ අවසාන තරගය සදහා කණ්ඩායම් 3 ක් ඉදිරිපත් කල (12න් පහල ඉදිරිපත් කිරීමට හැකි නොවන්නේ එය කණිෂ්ඨ පාසලක් නිසා, 6 න් ආරම්භ වන) එකම පාසල මාදම්පේ සේනානායක විද්‍යාලයයි. වොලිබෝල් සදහා දිවයිනේ ඇති අතලොස්සක් වූ සුපිරි පාසල් අතරින් මාදම්පේ සේනානායක විද්‍යාලයට හිමි වන්නේ විශේෂ ස්ථානයක්. එහි පුහුණුකරු චාල්ස් තිලකරත්න සර් මෙහිදී ගෞවරයවෙන් මතක් කල යුතුමයි.

තවත් විශේෂ දෙයක් වෙන්නේ වෙන්නප්පුව ජෝශප් වාස් විදුහල ප්‍රතම වරට වොලිබෝල් අවසන් තරගයක් සදහා සහාභාගී වී ප්‍රතම ස්තානය දිනා ගැනීමයි. වෙන්නප්පුව ජෝශප් වාස් විදුහල (මොවුන් 14 න් පහල 4 වන ස්ථානයත් දිනා ගත්තා) හා මාදම්පේ සේනානායක විද්‍යාලය අතර පැවති අවසන් තරගය නම් බූඩිට ඉතාම වැදගත් හා සතුටුතම තරගයක් බව කියන්න ඕනේ.

මාදම්පේ සේනානායක විද්‍යාලයට හා වෙන්නප්පුව ජෝශප් වාස් විදුහලට ජය පතමින්, 15 වන DSI වොලිබෝල් තරගාවලියත් මෙලෙසම රොක් කිරීමට ලැබේවායි පතමින් හෙන කාලෙකට පස්සේ ලිව්ව පෝස්ට් එක අවසන් කරනවා. සදා ජය !!!!!!!

ප්‍රතිචාර 5ක්

මෙම ලිපියට ප්‍රතිචාරයක් ලබාදෙන්න