Thursday, July 19, 2012

ෆැන්ටසි ලෝකයට අපි කැමති ඇයි?


ෆැන්ටසිය ඒ කියන්නේ සිතෙන් මවාගත් දේවල් වලට ඇයි මිනිසුන්  ප්‍රිය කරන්නේ? හොඳ ප්‍රශ්නයක්. මොකද මමත් ෆැන්ටසි දේවල් වලට ආසා කරනවා. සාමන්‍යයෙන් මිනිස්සු වෙන කෙනෙක් නිර්මාණය කරන ෆැන්ටසි දේවල් වලට ආසා කරනවා. සමහරු තමන්ගේම ෆැන්ටසි ලෝකයක් මවාගෙන ඉන්නවා. මිනිස්සු ෆැන්ටසි දේවල් වලට කැමති ඔවුන්ගේ හිතේ තියෙන සමහර ආසාවන් ඉ‍ටුකරගන්න සැබෑ ලෝකෙදී තිබෙන අපහසු කම නිසයි. තව හේතුවක් තමයි මේ තරඟකාරි ලෝකයෙන් මොහොතකට මිදෙන්න අවස්ථාවක් ෆැන්ටසි ලෝකයකින් ලැබෙන නිසා. ෆැන්ටසි ලෝකය මූලිකවම කතාවක්. ඒක පොතක කතාවක් වෙන්න පුලුවන්, චිත්‍රපටියක් වෙන්න පුලුවන්,එහෙම නැත්තම් තමන්ගේම හීනයක් වෙන්නත් පුලුවන්. සමහරු තර්ක කරන්න පුලුවන් මේ ෆැන්ටසි දේවල් මිනිස්සුන් ගේ මනස විකෘති කරනවා කියලා. ඒත් මොහොතක් හිතන්න, මේ ලෝකේ වැඩිම ආදයම් ලබන චිත්‍රපටි, කතාපොත් මොනවද? ඒ ඔක්කොම කවුරු හරි නිර්මානය කරපු ෆැන්ටසි දේවල්. හැරී පොටර් හා මායා ලෝකයේ ඉඳලා ට්වයිලයිට් හි වැම්පයර්වරු ඔක්කොම ෆැන්ටසි දේවල්. මේ දේවල් මේ තාක්ශනයත් එක්ක ගොඩනැගුනු දේවල් නෙමේ. ආදි කාලේ ඉඳන්ම මිනිස්සු ෆැන්ටසි දේවල් වලට ආසකරනවා. ඒක නිසා තමයි, සමහර පුරාවෘත, මකරු , යුනිකෝන් වගේ මායා සතුන්ට මිනිස්සු තාමත් ආසා කරන්නේ.  
මේ ගැන ඔයාලගේ මතය දැන ගන්න මම කැමතියි

15 comments:

  1. ගොඩක් වෙලාවට අපි හැමවෙලේම හිතන දේ අනුවයි අපේ හිත වැඩ කරන්නෙ,,අපි දෙයක් මවාගෙන ජිවත් වෙනකොට ගොඩක් ඒ දේවල් සත්‍ය වශයෙන්ම සිද්ද වෙන්න තියන ඉඩ කඩ වැඩියි..මගේ අදහස නම් එයයි.ගොඩක් ධනාත්මක චින්තනය පිලිබඳ වැඩසටහන් වලදී මේ පිළිබඳව කියා දෙනවා..

    ReplyDelete
  2. කෝ ඔයා Merlin එකේ පොටෝ එකක් දාල නැහැනේ :P

    ReplyDelete
  3. වටින අදහසක්....මම නම් ආසයි ෆැන්ටසි ලෝකයට, මම ෆැන්ටසි ලෝකයේ හිතපු සමහර දෙවල් විවිධ නිර්මාන ක්‍රියාකාරකම් තුලින් සැබැකරගෙන තියෙනව..සමහර දෙවල් ප්‍රායෝගිකව කරන්න අපහසුයි.. නමුත් සැහෙන ප්‍රමානයක් සාර්ථක කරගෙන තියෙනව

    ReplyDelete
  4. මමත් ෆැන්ටසි පිස්සෙක්. ලියන්න වෙලාව නැතිකම සහ කම්මැලි කම නිසා ලියන එක නතර වෙච්ච කතාවක් තියෙනවා. වෙලාවක් තියෙනවනම් කියවල අදහසක් දෙන්න.

    http://virtualpathum.wordpress.com/2007/10/03/3/

    ReplyDelete
    Replies
    1. කමෙන්‍ටුවට ස්තුතියි

      Delete
  5. මම නම් ඇත්තටම ආසයි ෆැන්ටසි ලෝකෙක ජීවත් වෙන්න.

    ReplyDelete
  6. මේ සමාජ ජාල ඒකත් ෆැන්ටසියක් තමයි මම දකින විදිහට , ආරූඩ නම් වලින් බ්ලොග් ලිවීම ඒකත් ෆැන්ටසියක්,
    හැබැයි ෆැන්ටසියකින් බොහෝ වෙලාවට අනිත් අයට කරදරයක් වෙන්නෙ නෑ. බටහිර රටවල් වල ගොඩක් අය තනියම ජීවත් වෙන නිසා ඒ අය ගොඩක් ෆැන්ටසිවල ජීවත් වෙනවා. තරගකාරී ජීවන රටාවත් එක්ක මිනිස්සුන්ට තමන් කැමති විදිහට ජීවත් වෙන්න බැරි උනාම බොහෝවිට ඔවුන් ෆැන්ටසියක් හදාගෙන ඒතුල ජීවත් වෙන්න බලනවා.
    හැබැයි ලංකාවෙ මිනිස්සුන්ට අනුන්ගෙ දේවල් ගැන හොයනවට වඩා වෙන වැඩක් නැතිනිසා ෆැන්ටසි බොහොම වැරදි බයානක දේවල් විදිහට හංවඩු ගැසීමට හැක.

    ReplyDelete
    Replies
    1. ඒකෙත් ඇත්තක් තියෙනවා

      Delete
  7. හැමදාම කනට ඇහෙන අත්විඳින ආදරේ/ විරහව, උද්ධමන, අවපාත, දේශපාලනේ, ආණ්ඩු, පාතාලේ, මේ එකී මෙකි නොකී ගොඩක් දේවල් අස්සේ හිර වෙලා ඉන්න මිනිස්සුන්ගේ හිත ඒ ගෙවන ජීවිතෙන් මිදෙන්න හිතෙන් හරි ෆැන්ටසියක ජීවත් වෙනවා. යතාර්ථවාදී නොවුනත් ඒක ඒ මිනිස්සුන්ට සහනයක්. (මටත්).. ඒවගේ චිත්‍රපටි, වලට මිනිස්සු ගොඩක් කැමතිත් ඒ හේතුවම නිසා වෙන්න ඇති. ලෝකේ හැමදාම වෙන අහන දකින දේවල් වලට වඩා ඒකාකාරී නොවූ වෙනස් දේවල් වලට මිනිස්සු කැමති හින්දත් වෙන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි වෙනස්වීම ලෝක ස්වබාවයනේ...ඉතින් මිනිස්සු වෙනස් දේට කැමතියි

      Delete
  8. බොරු කියන්න එපා වැම්පයිර් ලා ඇත්තටම ඉන්නවා :P
    අපි හැමෝම කැමති නේ එක එක විදියට් හිතන්න..අනික හැම දේම එකම විදියට වෙනවට වඩා වෙනස් වෙනස් විදයට උනාම ඒකේ ගතියක් තියෙනවා..ෆැන්ටසියත් එහෙම තමා..මිනිස්සු ඒවාට ඇදිලා යන්නේ , ඒවයේ තියෙන විවිධත්වය නිසා !!

    ReplyDelete