Wednesday, July 18, 2012

Google Drive ගැන යමක්



ගූගල් සමගම විසින් අලුතෙන්ම හඳුන්වා දෙන තොරතුරු ගබඩා කිරීමේ සේවාව Google Drive වේ. මෙහි ෆයිල් ගබඩා කර තබන්නේ ක්ලවුඩ් (cloud) ක්‍රමයටයි. එම තොරතුරු වෙනත් සේවාවක් හා සම්බන්ඳ වන්නේ සින්ක් (sync) ක්‍රමයටය. මෙහිදී 5GB ධාරිතාවයක් නොමිලේ සැපයෙන අතර ඊට වඩා වැඩි ඉඩක් අවශ්‍ය වේ නම් මුදල් ගෙවා ලබා ගත යුතුය. Google Drive සේවයෙන් ප්‍රයෝජන ගැනීමට පෙර මෙයට අදාල මෘදුකාංගය පරිගනකය තුල ස්ථාපිත කරගත යුතුය.  


මෙයට අදාල වැඩසටහන Download කරගැනීම සඳහා drive.google.com වෙබ් අඩවිය වෙත පිවිසෙන්න. එම වෙබ් අඩවිය වෙත පිවිස එහි ඇති sign in නම් බට්න් එක ක්ලික් කල යුතුය. මෙහිදී  sign  in වීම සඳහා Google Account එකක් තිබීම අනිවාර්ය වේ. එහිදී sing in වීමෙන් අනතුරුව විවෘත වන පිටුවේ Download Google Drive for PC නමින් ඇති button එක මත ක්ලික් කිරීමේන් පසු Google Drive වැඩසටහන පරිගනකයට Download වීම ආරම්භ වේ. එය සම්පූර්ණ වීමෙන් පසු Google Drive වැඩසටහන පරිගනකය තුල ස්ථාපිත කරගත හැකිය. එය ඉන්ස්ට්‍රෝල් කල පසු විවෘත වන්නේ Sign  in to Google Drive නම් බොක්ස් එකයි. මෙයට ඔබ ඉහත ලබා දුන් G-mail ලිපිනය(Google Drive ඩවුන්ලෝඩ් කරන අවස්ථාවේදී) හා Password එක නිවැරදිව ලබා දුන් පසු Google Drive වෙත ඇතුලු විය හැකිය. එහිදී පළමුවෙන්ම විවෘත වන්නේ Getting Started නම් බොක්ස් එකයි. මෙහි ඉදිරි පියවරට යොමුවීම සඳහා ක්ලික් කරීමෙන් අනතුරුව ඊළග පිටුවේ ඇති Start sync නම් බට්න් එක ක්ලික් කිරීමෙන් පසු මෙහෙයුම් පද්ධතියේ ඇති Document ෆෝල්ඩරය තුල Google Drive නමින් ෆෝල්ඩර එකක් සැකසෙනු ඇත. මෙහි Short cut එකක් Desktop එක වෙතද ලැබෙනු ඇත. මෙම ෆෝල්ඩර් එක Sync ෆෝල්ඩර් එකකි. මේ නිසා මේ තුලට ඇතුලත් කරන ෆයිල් ඉන්ටර්නෙට් සබඳතාව ඇතිවිට මෙන්ම නැති විටත් භාවිතා කිරීමට පුළුවන. මෙම Sync ‍‍ෆෝල්ඩර් එක වෙත ෆයිල් එකක් කොපි කළහොත් එය මුලින් ලබා දුන් ගූගල් ලිපිනය හා සබැදි Google Drive එක වෙත Upload වේ. මෙහිදී මෙම ෆයිල් එක සංස්කරණය කරන වාරයක් පාසා, එම තෙරතුරු Google Drive වෙත Upload වේ. මෙම සංස්කරණයන් සිදු කරන්නේ ඕෆ්ලයින් ක්‍රමයට වුවද පරිගනකය අන්තර්ජාලය හා සම්බන්ධ වූ විගසම එම සංස්කරණයන් Google Drive වෙත අප්ලෝඩ් වේ. මෙම සියළු අප්ලෝඩ් වීම් සියල්ල දැකබලාගත හැකි අයිකනයක්ද මේ සමග සපයා තිබේ. ඔබ වෙනත් පරිගනකයක Google Drive ස්ථාපන කර ඔබ ඔබේ Google Drive account එක වෙත ලබා දී ඇති G-mail ලිපිනය භාවිතා කර ලෙග් වූ විට ඔබ Google Drive වෙත මේ තාක් කලක් අප්ලෝඩ් කල සියළුම දත්ත දැන් මෙම පරිගනකය තුලද දැකගත හැක. එමෙන්ම ඒවා Edit කර නැවත Google Drive එක වෙත අප්ලෝඩ් කල හැක. ඔබට ආගන්තුක පරිගනකයක් තුල Google Drive ස්ථාපිත කරගත නොහැකිනම් ඔබට Google Drive වෙත පිවිසිය යුත්තේ අන්තර්ජාලය හරහාය. ඒ සදහා drive.google.com යන වෙබ් ලිපිනයට පිවිස ගූගල් එකවුන්ට් එක වෙත sign  in වීමෙන් තමන්ගේ Google Drive එකවුන්ට් එක තුලට ඇතුලු විය හැක.එවිට ඔබ අප්ලෝඩ් කල ෆයිල් එය තුල දැකගත හැක. එම ෆයිල් ෆෝමැට් එක ගූගල් සහය දක්වයි නම් එය ක්ලික් කර විවෘත කර බැලිය හැකිය. ගූගල් සමාගමේ මෙම නවතම හදුන්වාදීම ඔබත් අත්හදා බලන්න. 5GB අකාරයේ Pen Drive එකක් ලෙස මෙය ඔබට දැනෙනු ඇත.

12 comments:

එල එල හොඳ ලිපියක්.. සමහරක් වෙලාවට වැදගත් වෙනව. :)

ඔව.මචන්...........අපිට දැන් ඕනේ නොවුනට ඕන වෙන වෙලාවක් එනවා......අනික පොස්ට් එක නියමෙට ලියල තියෙන්නේ...........

ලිපියට ස්තුතියි,
මමත් ඔය කියන ගූගල් ඩ්‍රයිව් එක ඩවුන් ලෝඩ් කර ගත්තා.බලන් කොට ඒ ඩ්‍රයිව් එක මගේ පී සී එක පාවිච්චි කරන ඕනෑම කෙනෙකුට නිකන්ම ඕපන් කරන්න පුලුවන්.ලොග් වෙන්න පාස් වර්ඩ් ඉල්ලනෙ නෑ .. අනික ගූගල් එකත් නිකන්ම ලොග් වෙනවා. බලන්කොට කිසිම රහසිගත භාවයක් නෑ. ඒ ගැනත් ලිපියට ඇතුල් කලානම් හොඳයි නේද..

@Anonymous
බොහොම ස්තූතියි එය පිළිබද මතක් කලාට

බොහෝම ස්තුතියි Google Drive ගැන දැනුවත්කලාට.
රහසිගත භාවය ඇතිකරගන්න ක්‍රමයක් නැතිද

ela post akk

add ur blogs http://nimnaya.info/

රහසිගත භාවය ඇතිකරගැනීමට
1.Folder Lock සොෆ්ට්වෙයාර් එකක් භාවිතා කල හැක.
2.Sync Folder එක Dos වලින් Hide කිරීම වැනි දෑ කල හැක.

ස්තූතියි . මට මේක හරි වටිනවා .ලිපිය හොඳට ලියල තියෙනවා .

ස්තූතියි . මට මේක හරි වටිනවා .ලිපිය හොඳට ලියල තියෙනවා .

දිරිමත් කිරීමට බොහොමත්ම ස්තුතීයි.
දිගටම අපත් සමඟ රැඳී සිටින්න

Sky Drive eken 25GB denawa try karala balanna

Comment එකක් දාන්න