twitter
    කසුන්ගේ ඇස් වලින් ලෝකය දකින්න

Wednesday, July 18, 2012

අද හොඳම දවස


 විඩාබර දෙනෙත් මත
සිහිනයක් තවරන්න,
ගිලන් වූ මේ කයට
සැනසුමක් ලැබ දෙන්න,
ඉඩක් ඇත්නම් ඔබට
බිඳක් මා වෙත එන්න,
හොඳම දවස අද
එන්න හැකිනම් ඔබට.

තුරුලට ගෙන මා
හිස පිරිමදින්නට,
සුන්දරම සිහිනයක 
මාව සතපවන්නට,
දහසකුත් වේදනා
ඇසිල්ලක පහව යන්නට,
හොඳම දවස අද
එන්න  හැකිනම් ඔබට.

රාත්‍රිය තව දිගයි
තවම මග බලමි මම
හොඳම දවස අද 
කියන්න, එනවාද ඔබ...


පැයකටත් වැඩිය ඇඳේ පෙරලි පෙරලි ඉඳලා, බැරිම තැන දමල ගහල නැගිටලා, වෙන කරන්නම දෙයක් නැති නිසා නිදි දෙව්දුවට කවියක් ලිව්වා. මේක දැකලවත් නිදි දෙව්දුව ආවොත්... නිදි දෙව්දුව මගේ බ්ලොග් එක කියවනවද මන්ද..:/ ඇයි යකෝ ලෙඩා දුකා වෙච්චි මට මෙහෙම කරන්න වටිනවද නිදි දෙව්දුවට...??

15 comments:

  1. ඇයි උඹ ලෙඩා දුකා ද?

    මොකෝ බං සීන් එක. ගහපං නිදි පෙති..


    ජය !

    ReplyDelete
  2. අම්බෝ ලෙඩ වෙලා ඉන්නැද්දි නින්දත් යන්නේ නැත්නම් හෙනම අවුලක් තමා.
    මෙන්න මේ පින්තූරේ ඉන්න බැටළුවෝ ගාන ගැන්නා නම් ඉබේටම නින්ද යනවා !!!
    අත්දුටුවයි සත්තයි !
    ලස්සන කවි සිතුවිල්ලක් !

    ReplyDelete
    Replies
    1. මේක ගැන්නොත් නිදිමත කෙසේ වෙතත් ඔලුවේ කැක්කුම නම් හැදේවි අප්පා...:D

      Delete
  3. හපොයි මගෙ එක්කනම් නිදි දෙව් දුව හොදටම යාලු වෙලා ඉන්නෙ.යාලු වෙලා කියන්නෙ දැන් ඇණයක් වෙන තරමට ෆිට් එක වැඩි වෙලා.මං කියන්නම්කො මාව පොඩ්ඩක් අමතක කරලා ඔයා ගාවට යන්න කියලා.

    මොකෝ අසනීපෙ. ඉක්මනට සනීප වෙන්න.

    ReplyDelete
  4. අර නිසූට වගේ මගෙත් එක්කත් හොදට යාලුයි නිදි දුව . ඔයාට ඉතින් කියන්න ඕන නෑනෙ හොදට දන්නවනේ මේ ගැන :D

    ReplyDelete
  5. මට ඇරෙන්න අනිත් හැම එකාටම කවි ලියන්න පුලුවන්, විස්ල් ගහන්න පුලුවන්. හුහ්.
    අර මිස්ට බීන් නම් ඔය නින්ද යන්නෙ නැතුවට ක්‍රමවේදයක් අනුගමනය කරනවා...
    henryblogwalker the Dude

    ReplyDelete
  6. හපොයි මෙන්න මෙයා ලගටත් නිදි දෙවුදුව එන්නේ නැති වෙලා...:O
    මේ දෙව්දුවට මොනවා වෙලාද මන්ද.......:( එයාට හැමෝම අමතක වෙනවද කොහෙද දැන්...අපි එයාට විරුද්දව නඩුවක් දාමු..;)
    මේක හරි අසාධාරණයිනේ.....
    ඉක්මනටම අසනීප හොද වෙලා නිදි දෙවුදුවට මේ පැත්ත මතක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා කසුන්...!!!!

    මේක දැක්කම මේකත් මෙතනම දාල යන්න හිතුනනේ...
    //පන්හිද පවා අවැසි නැති රැයක
    අහලකවත් නැති නින්දක් ගැන
    හිස් පත්ඉරුවක් තුල කුමක් අකුරු කරන්නද මා අද
    නුබටත් මා අමතකව ඇති සැටියකි හැගෙනුයේ
    බලාපොරොත්තුවේ දෑස් දල්වාගෙන
    බලාහිදිමි මා තවමත් ඔබ එනතුරා මගේ ලොවට
    .
    .
    .
    .
    .
    .
    .
    නිදිදෙව්දුවේ//

    ReplyDelete
  7. iye re nam mama nidi dewduwawanam hambauna.dawal kaleta mama eyath ekka tharahai.eka nisa dawalta hambawenne ne.ada reta awama mama eyata kiyannam hode ayya lagathath yanna kiyala nisu akki kiwwa wage.nidi dewduwa ayya lagata gihilla anthimata apita kiyaida danne ape lagata enna behai kiyala. :):)

    ReplyDelete
  8. හරිම ලස්සනයි! :)

    ReplyDelete
  9. අයියෝ ඒකත් ලෙඩක්ද කොහෙද? මටත් නින්ද නම් යනවා සැපට... හැබැයි අර සෑම් කියන්නා වගේ නිදි පෙති නම් බොන්න එපෝ... ඔව්ව බොන්න හොඳ නෑ... :(

    ReplyDelete
  10. ලස්සනයි ලස්සනයි අයියා!!!

    ReplyDelete
  11. යමන්කෝ ඔහොම... :)))

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  12. දැන් ඉතින් නින්දයන එකක් නෑ කොහොමත් :ප

    ReplyDelete
  13. පුළුවන්නම් නිදි දෙව්දුවව එළවන්න කවියක් ලියලා දෙන්නකො මට මතුරන්න.... මට වැඩිපුර නින්ද යනවා. ඒකයි...

    ReplyDelete

හිතට එකඟව කියන්න දෙයක් තියනවා නම් කියලම යන්න.