Monday, July 16, 2012

තේරීම් කමිටුවේ අපූරු තේරිල්ල....




කිරිකට් මාමලා නම් හරි අපූරුය
ගැහුවත් නොගැහුවත් ඌ නම් ඇතුලේය
තෝරන උන්ට දැන් නම් අමු කැවිලාය
මේක අපට තේරෙන්නැති රහසක්ය

දන්නා කාලෙකදි දස්කම් දැක්කෙ නැතී
පැරශුට් වලින් හැමදම ඇතුලට පනිතී
අතපත ගගා බිංදුවටම දැවී යතී
ඒ මක් උනත් හැමදම ඇතුලේ රැඳෙතී

ඒ කණ්ඩායමට සිටියා එක්වීලා
බිංදුවටම යනවා මුලදිම දැවිලා
එලෙසට උනත් ලංකාවට ඇවිදිල්ලා
ජාතික කණ්ඩායමේ තැනකුත් හිමිවීලා

එස්.එල්.පී.එලුත් මොහුහට ජයවන්නේ
උතුරට එක්වෙලා තරගෙට සැරසෙන්නේ
වැඩපෙන්නුවොත් නිසිතැන යලි හිමිවන්නේ
ටීම් එකට මොහු නැතිවම බැරිවෙන්නේ

19 comments:

  1. අනේ මන්දා බං මොන මගුලටද මූව ආයේ දාගෙන තියෙන්නේ කියලා.

    ReplyDelete
  2. පොච්චියේ දැක්ක කල්... කොහේද බං මෙච්චර කල් හිටියෙ.....?

    මේ යන විදියටනම් ලංකාවෙ ක්‍රිකට් හිතාගන්න බැරි විදියට එකවරම කඩා වැටෙනවා. දැන් අවුරුදු 19-20 එකෙක්වත් නෑ. එහෙම වුනාම ක්‍රිකට් වලට එන්න ඉන්න උන් අධෛරයට පත්වෙනවා. එතකොට ඉන්න උන්ටම තමයි ඇදගෙන යන්න වෙන්නෙ, වෙස්ට්ඉන්ඩීස්ලටත් මේකම වුනා. විශ්‍රාම අරං තිබුන කාල් හූපර් වයස 47 දි ටීම් එකේ නායකයා වෙනවා. මෙහෙත් එහෙම නොවෙයි කියලා හිතන්න බෑ. සනත්ලට වාස්ලට ආයෙත් චෑන්ස් එකක් හම්බවෙයි.

    ReplyDelete
    Replies
    1. ඉතිහාසය සිදු වූ දේවල් යලි යලිත් සිදු වේ(History repeats itself) කියන්නේ මේවට තමා.

      Delete
  3. මුකුත් කියන්නෙ නැහැ පෝස්ටුව ගැන..
    කොහෙ ඉදලද බොල එකපාරට මතු වුනේ.

    බොලාගෙ නම්බරෙත් මිසිං..

    ජය !

    ReplyDelete
  4. හිතාගන්න බැරි සිද්දියක් බං. ගහන්නෙත් නැහැ ඒත් ඇතුලේ.

    ReplyDelete
  5. රාජ බැල්ම වත් වැටිලද මෑන්ට?

    ReplyDelete
  6. කිරිකොට් ගැන මම නම් කිසිම දෙයක් දන්නෙ නැහැ කිරිපුතේ.....

    ReplyDelete
  7. හෙහ්.. මේ පාරත් ඇතුලෙද.. එහෙනම් ඉතින්.......

    ReplyDelete
  8. මිනිහව ඇතුලය දානව නම් කරන්න තියෙන්නේ තව එකම දෙයයි , මැද පෙල /පසුපෙල හොඳට සෙල්ලම් කරන්න පුලුවන් තරංගව එතනට දාල මිනිහව ඩිලා එක්ක ඕපන් දාන එක , එතකොට නෙලන්න පුලුවන් එකෙන් වත් වැඩක් ගන්න පුලුවන් වෙයි , මිනිහා ඉස්කෝලේ කාලෙත් ඔපනින් ලු සෙල්ලම් කලේ (ඇත්තද මන්ද )

    ReplyDelete
  9. කොහෙද අප්පේ කිරිපුතා ගිහින් උන්නේ. කවි ටික ලස්සනයි කියලා විතරක් කියන්නම්.

    ReplyDelete
  10. මූ එනවා අපේ ලේ කෝප කරනවා යනවා :D

    ReplyDelete
  11. ඇත්තෝ කති බොති සුඛති කීවේ මෙවටය
    පිරිකර(වර ) හොඳ නිසා අත ගැහුවත් ඇතිය
    මේකත් තවත් තරගාවලියක් වී ඇතිය
    පඩිය ලැබේ නම එලියෙන් හිටියත් ඇතිය

    මේ වගෙ තව කෙනෙක් හිටියා මතකයි
    මුබා හරක් කියා කීවා මතකයි
    ගැහුවොත් අනාතයි බිංදුව තිබුනා නියතයි
    අල්ලා ඇවිත් තැන සෙට් කලාද සැකයි

    මොනවා වුනත් කවිටි දැක්කත් සතුටුයි
    ආවා මතකයට උඹ ගැන් ඊයෙත් මතකයි
    අංකය උඹේ ඉල්ලා නොගත්තේ ඇයිදැයි
    දැන් මට හිතේ උඹ කොහි හිටියාද ? දුකයි

    ReplyDelete
  12. මොස්ට් වල් කම් හෑ නෑ නෑ වෙල්කම් ආයි ලියහං

    ReplyDelete
  13. මොකට දැම්මද මන්දා ?

    ReplyDelete
  14. මූwa ආයි දාගෙනද... ගහන්න උං නැතුවටද...

    ReplyDelete
  15. කිරිපුතා කාලෙකට පස්සෙ ඇවිල්ලා........

    ReplyDelete
  16. කිරි පුතේ මේ පාර ගෙට් එක ගම්පහ
    , ගම්පහ ගෙට්ටුව"

    මේකට වරෙන් කොහොම හරි.

    ReplyDelete

ඔයාලගෙ අදහස් මට ගොඩක් වටිනවා.කොමෙන්ට් එකක් නොදැම්ම කියල තුන්හිතකින්වත් අහිතක් හිතන්නෙ නෑ.