Thursday, December 8, 2011

ගුරු උතුමානන් කෙනෙකුට රිද්දපු දා



'සටාස්' සමරනායක සර්ගේ හස්තය එකසිය අසුවට විතර ඇවිදින් මගේ කම්මුල සිපගත්තේය.සර්ගේ මුහුනට මේ වෙලාවෙනම් අබ නෙවෙයි පෙගිච්ච කොත්තමල්ලි දැම්මත් පුපුරන සයිස් එකට අම්බානකට තද වී ඇත. ඇස් දෙකත් රතුවෙලාය.මේ පාර නම් අපේ මදාවි සෙට් එකට ගැලවීමක් නැති පාටය."තොපි.. තොපි.. අද මම තොපිව කම්බස් කරල තමයි නවතින්නෙ. උඹලා ඕන තැනකට පලයල්ලා මගේ රස්සාව නැති වුනත් මම මේ පාර තොපිව මකවල තමයි නවතින්නෙ" සර් වේගයෙන් කිටයාගෙන යයි.සර්ගේ කේන්තිය එක පැත්තකින් බැලුවහම සධාරනය.ඒත් අසරණ අපි......

මේ සිදුවීම වුනේ මම 8 වසරෙ ඉගනන්න කාලෙ.මම කොහොමත් ඒ දවස්වල ටිකක් මදාවි වැඩවලට දක්ෂයි.ඉගෙනගන්නත් බැරි කමක් තිබුනෙ නෑ.ඒත් මම කොල්ලො බජාර් එකත් එක තම්යි වැඩිපුර හිටියේ.මේ සිද්දිය වුනේ අපේ කොල්ලො සෙට් එක අපිට සින්හල උගවන්වපු සර්ට කරපු ගුස්පි වැඩක ප්‍රතිපලයක් විදියට තමා.ඔන්න මම කතාව මුල ඉදලම කියන්නම්කෝ.

අපි 8වසරෙදි අපට සින්හල ඉගැන්නුවෙ සමරනායක කියලා ටිකක් වයසක සර් කෙනෙක්.සර් ඒ දවස්වල අපට සින්හල තිත්ත කරල තිබුනෙ.කවුරුත් දනන්නවනෙ ඒ දවස්වල ඕෆ් පීරියඩ් එකක් කියන්නෙ කොච්චර පිස්සු නටනන්න පුලුවක් වෙලාවක්ද කියලා.ඉතින් අපේ සින්හල සර්ට ඕෆ් පීරියඩ් එකක් පෙන්නන්න බෑ.අපිට ඕෆ් පීරියඩ් එකක් අවෝත් සර් අපේ පන්තියේ,ඒ දවස්වල අපි කිව්වෙ සර්නම් අපේ පන්තියට අරක් ගත්ත බහිරවයෙක්ද කොහේ කියල.කොහොමහරි පිටුපස පේලි නියෝජනය කරන අපටනම් මේක ලොකු වදයක් වෙලයි තිබුනේ.දවසක් ඉස්කෝලෙ ඇරිල ගෙදර යනකොට මේ සම්බන්දයෙන් මුලින්ම කට ඇරියෙ අපේ සෙට් එකේ ඉදපු හොදම වාචාලය වෙච්චි 'ජයා'.ජයා කියන්නෙ උගේ පෙට් නේම් එක."මචන්ලා හරියන්නෙ නෑ බහිරවයට මොකක්හරි ගේමක් දෙන්න ඕන "
"මොකක් ගැනද බන් උඹ කියන්නෙ මොන බහිරවයෙක්ද" ඔන්න සීමත් හොටදැම්ම.
"උඹ දන්නෙම නෑ උඹ බබානෙ. යකෝ බහිරව කියනෙ අපේ සින්හලයට" ජයා කියවගෙන ගියා.
"ඔව් බන් උඹේ කතාවනම් ඇත්ත මෑන්ස් අපට දැන් බෝල්ට් ඇණයක් වීගෙන එන්නෙ" ඔන්න අඩුපාඩුවට ඇටයත් පෝර දාන්න ගත්තා.මම සයිලන්ස් එකේ මේ ඔකොම අහගෙන හිටියා.ඉදලා ඔන්න අන්තිමට මමත් කතවට පැන්නා.
"හරි උඹල කියපන් මොකක්ද අපිට කරන්න පුලුවන් කියලා."
"මම ලග ක්‍රම තියනවා සර් කාරයාට අපේ පන්තිය දිහා බලාගෙන බත් තියා පාන් වත් කන්න බැරිතරමට අපේ පන්තිය එපා කරන්න පුල්වන්" ජයා කියගෙන යනව.
"කියහන්කො බලන්න මොනවද උඹේ මහ ලොකු ක්‍රම කියලා. හැබැයි පුතෝ රෙද්දෙ යවාගන්නෙ වෙන වැඩනම් මට බෑ" මම කිව්වා."නෑ බන් මේව අත්දුටුවයි මම කෙලින්ම කියනම්කො"
දැන් ජයා උගේ ප්ලෑන් එක කියාගෙන යනවා.ඌ කියන විදියට අපි සර්ගේ පුටුවෙ ඇණ බුරුල් කරල සර්ව පුටුවෙන් වට්ටන්න ඕන.සර් වැටෙන්න ඕන පුටුව යටින් තියන පාට වතුර පුරවපු ෂොපින් බෑග් එක උඩට.මේක කරෝතින් අනිවා අපට ඉස්කෝලෙට අයුබෝවන් කියන වෙන බව මගේ පුන්චි මොලේට ක්ෂනිකව තේරුනා.ඒක නිසා මම ඒකට එකහෙලාම විරුද්ද උනා.මම විතරක් නෙවෙයි අපේ අනිත් එවුනුත් වැඩේට බය උනා.

කොහොමහරි ජයාගෙ මුල් ප්ලෑන් එක ප්‍රතික්ෂේප උනා. ඊලග ප්ලෑන් එක ඉදිරිපත් කරේ මෙච්චර වෙලා කට පියාගෙන හිටපු සින්කියා.
"අපි සර්ගේ පුටුවෙ කකුල් වලට රබර් ඇට තියමු"
"උඹට පිස්සුද බන් ඒව අපේ සීයලගේ කාලෙ කරපුවනෙ. ටිකක් මොඩර්න් විදියට හිතපන්කෝ" ජයා ඒකට උදැල්ල දැම්මා.ඔහොම කොහොමින් කොහොම හරි අපේ කට්ටිය එක එක අදහස් දැම්මත් එකක්වත් කරන්න පුලුවන් ඒව නොවන හින්දා අපි ඒව ඒකමතිකව නිශ්ප්‍රභා කරා.
"අඩෝ මට පරක්කු උනා බන් මම ගෙදර යනවා කියලා සින්කියා එතනින් ගියා" මටත් පරක්කු වෙල තිබුන නිසා ඒ කුප්ප වැඩේඒ පස්සට කල් දාල මමත් බස් එකක එල්ලුනා.

ඔන්න C.T.B බස් එක අපිට පිස්සු කෙලින්න නියම රජදහන.ඒකට සෙට් වෙන්න වෙනම ගැන්සියක් හිටියා.නගරේ තිබුන සියලුම පාසල් නියෝජනය කරන උදවිය අපේ බස් ගැන්සියේ හිටියා.ඔන්න ඉතින් මටත් කටපියාගෙන ඉන්න බැරි නිසා මම අපේ බස් ගැන්සියෙ එවුන්ගෙනුත් ඇහුව සින්හල සර්ට මොනවගේ ගේමක්ද දෙන්න ඕන කියලා.එක එක කට්ටිය විවිධ අයිඩියාස් දැම්මත් මගේ හිතට වැදුනේ අපේ සේනයා දීපු අයිඩියා එක.ඒක කරන්නත් එච්චර අමාරුනෑ.අපිව චාටර් වීමේ සම්භාවිතවත් සෑහෙන අඩුයි.

පහුවෙනිද ඉස්කෝලෙ ගිය හැටියෙම මම අපේ සෙට් එකට යෝජනාව දැම්මා.කස්ටියත් එකපයින් කැමති උනා වැඩේකරන්න. අවශ්ය කලමනනා ටික සප්ලයි කරගන්නත් එක්ච්චර අමාරු නැති නිසා පහුවෙනිදම වැඩේ ක්‍රියාවට නගන්න කස්ටිය කතා උනා.

වැඩේ කරනවයි කිව්වට ඔයාලට අපේ ප්ලෑන් එක මොකක්ද කියලා කිව්වෙ නෑනෙ.මෙන්න මෙහෙමයි වැඩේ වෙන්නෙ.මුලින්ම ගුරු පුටුව මාරු කරනවා.අපිට තිබුන පුටුව අලුත් එකක් නිසා ටිකක පරන වැල් කඩුන පුටුවක් ගෙනැල්ල තියනවා.තියලා ඒකෙ වැල් භාගයක් කපනවා.ඒට පස්සෙ පුටුවට යටින් බැලුම් බෝලයක් එල්ලනවා.සර් අවිල්ල පුටුවෙ වාඩි වෙලා පැද්දෙනකොට වැල් කඩාගෙන වැටෙනවා වැටිල සර් පුටුවෙ හිර වෙනවා.ඒ එක්කම බැලුම් එකත් පුපුරලා යනවා.ඔන්න ඕකයි ප්ලෑන.

එදා අපිට සින්හල තිබුනෙ මුල්ම පීරියඩ් එකේ.අපේ කස්ටිය උදේ පාන්දරම ඇවිල්ලා  වැඩේ ගානට සෙට් කරා.කරල ඉවරවෙලා කෝකටත් කියලා මම බැලුම එල්ලන එක අයින් කරා.හරියට වැඩේ ස්වාභාවිකව සිද්දවුන වගේ තේරෙන්න.කොහොමහරි එදා සර් පන්තියට ආවෙ පරක්කු වෙලා.අපේ කස්ටියත් දැන් බලා ගෙන ඉන්න්නවා කොයි වෙලේ ද වැඩේ වෙන්න කියලා.සර් එදා එකහුස්මට පාඩම කියල දුන්නා.සර් පොඩ්ඩකටවත් පුටුවෙ වාඩි වුනේ නෑ.ඉතින් අපිත් වැඩේ ගැන තිබ්බ බලාපොරොත්තු අතෑරල දැම්මා.කොහොමහරි පීරියඩ් එක ඉවරවෙන්න විනඩි 10ට විතර කලින් අපි ප්‍රශ්න වලට උත්තර ලියලිය හිටියා.එකපාරටම 'චරාස් බරාස් සලාන්' කියල මහ සද්දයක් අවෙ නැතැයි.අපි එකපාරටම ගැස්සිල ගියා.

හුටා බැලින්නම් වැඩේ අපි හිතුවට වඩා සෑහෙන්න දුර ගිහිල්ල.මට සර් ඉන හැටි දැක්කම කට උත්තර නැතිව ගියා.වෙලා තියෙන්නෙ අපි හීනෛන් වත් නොහිතපු දෙයක්.
සර්  එකපාරටම පුටුවෙ වාඩි වෙලා තියනවා .සරුත් සෑහෙන්න මහත නිසා වැල් ටිකනම් අඩුවක් නැතිව කඩාගෙන ගිහිල්ල තියනවා.ඒ විතරක්නම් මැදැයි සර්ගෙ බරට පුටුවත් කඩා ගෙන වැටිලා.ඒක කමක් නෑ කියමුකො හොදම වැඩේ කියන්නෙ සර් පුටුව කඩාගෙන වැටෙනකොයට මේස රෙද්ද අල්ලගෙන එකත් එක්ක ඇදිල ගිහිල්ල මේසෙ උඩ තිබුන වතුර පුරවපු මල් පෝච්චිය සර්ගෙ ඇගේ.සර් නාල.කොරේ පිටට මරේ කිව්ව වගේ ඒ අස්සෙ පරන පුටුවෙ තිබුන ඇනේකට සර්ගේ කලිසමත් ඉරිලා.

දැන් අපේ සෙට් එක එකසිය ගානට බයවෙලා මොනවද කාපු රිලව් වගේ කට ඇරගෙන බලා ගෙන ඉන්නවා.ක්ෂනිකව කට්ටිය එතනට පිරුනා සර්ව එත්නින් අරගෙන ගියා.සරුත් හිතුවෙ පුටුව පරන නිසා එයාට මේක උනාකියලා.එකනිසා අපි බේරුනා කියලා අපි හිතාගත්තා.වෙලාවට මම බැලුම ගැලෙව්ව එක ගැන අපේ එවුන් මට දන් ගහහ වැන්දා.

ඒත් අපේ නරක වෙලාවට නිව්ටන්ගේ තුන්වන නියමය සනාත කරමින් අපි කරපු වැඩේ ප්‍රතිපල අපට හම්බ උනා.ඒ සිද්දිය වෙල දවස් දෙකකට විතර පස්සෙ ඕෆ් පීරියඩ් එකක සින්හල සර් අපේ පන්තියට අවා.එදා නම් සර්ගෙ මූඩ් එක එච්චර හොද නෑ කියල මට තේරුනා.සර් පන්තියට කඟවේන වගේ අතුල් වෙලා අපි දිහා මහ යක්ස බැල්මක් දැම්ම.ඊට පස්සෙ අපේ සෙට් එකේ එවුන්ගේ නම් එකින් එක කියන්න පටන් ගත්තා.

වරෙල්ල තොපි ----ගෙ පුත්තු ඉස්සරහට මම තොපිට කියා දෙන්නම් මම කව්ද කියලා.සර් දැන් සින්හ ගර්ජ්නා දානවා.කුම්බලා මලු කෑවානම් විඳවපන් බලලෝ කියල කතාවකුත් තියනවනේ.ඉතින් අපිත් බල්ලො වගේ පන්තිය ඉස්සරහට ගියා.ඊට පස්සෙ තමයි සර් සන්ග්‍රහය පටන් ගත්තෙ.එදානම් මදිනොකියන්න කෑවා.කිසිම විභාගයකින් තොරවම අපි යස අගේට කෑවා.එත් සර්ගෙ තියන මනුස්ස කමට මොන ජඩ වැඩේ කරත් අපිව ප්‍රින්සිපල් ගාවට දැම්මෙ නෑ.එහෙම උනා නම් ඉතින් ගෙදර තමයි.අපිට මාර ලජ්ජාව.මොනව කරන්නද.

පස්සෙ ඉතින් අපි කස්ටියම බුලත් අතකුත් අරගෙන කරපු අලුගුත්තේරු වැඩේට සමාව ගන්න අපේ සර්ලගේ ගෙදර ගියා.එහේ ගියහම තමයි මට තේරුනේ අපි මේ වගෙ බලු වැඩෙක් කරල තියෙන්නෙ මොනතරම් උතුම් මනුස්සයෙකුටද කියල.සර්ගෙ ගෙදර ගිහාම සර් අපිව පිලගත්තෙ එයාගෙම දරුවන් ටිකක් පිලිගන්නව වගේ.අපේ කවුරුවත් එහෙම දෙයක් බලා පොරොත්තු උනේ නෑ.මම එදා සර් ලඟ දන ගහල වැදවැටිල සමාව ඉල්ලුවා.සර් අපට සමාව දුන්නා.සර් එදා කියපු කතාව මට අද වගේ මතකයි.

"දරුවනේ මට උඹලා මගේම දරුවො ගානයි.දරුවො මොන වැරැද්ද කරත් දෙමව්පියන්ට දරුවොත් එක්ක තරහ වෙල ඉන බෑ.මටත් ඒ වගේමයි. මම එදා උඹලට ගැහුවෙ හිතට ආපු අවේගෙට මිසක් උඹලත් එක්ක තරහකට නෙවෙයි.උඹල අකමැතිනම් කියාපල්ල මම පන්තියට නෑවිත් ඉන්නම් ඒත් උඹලා ගොන්නු ටිකක් වෙනව මට බලාගෙන ඉන්න බෑ දරුවනේ" සර් හැඟීම්බරව කියන කොට මට විතරක් නෙවෙයි අපි ඔක්කොටම අඬුනා.

අපි යන කලින් සර්ගෙන් සමාවත් අරගෙන සර්ට කිව්ව අයෙ අපේ පන්තියට නෑවිත් ඉන්න එපා කියලා.ඒ වගේම අයේ කවදාවත්ම කාටවත්ම හිරිහැරයක් කරන්නෙ නෑ කියලත් පොරොන්දු උනා.

එදැයින් පස්සෙ අපේ කට්ටිය සින්හල වලට පුදුම විදියට ආසඋනා.ඕෆ් පීරියඩ් එකක් අවාහම සර්ව හොයගෙන ගිහිල්ල එක්කගෙන එනතරමට අපි උනන්දු උනා.කොහොම හරි ඒ අවුරුද්දෙ පන්ති 6න්ම සින්හල වලට වැඩියෙන්ම ලකුනු තිබුනෙ අපේ සෙට් එකේ එවුන්ට.

ලමයෙක් වරදක් කරාම ඒ වරැද්ද්ට සමවා දෙන අපේ සමරනයක ගුරුඋතුමා වැනි ගුරුතුමන් තවත් මේ ලොකයේ ඉන්නවා.ඒ උත්තමයන්ට මගේ ප්‍රනාමය.සමරනායක ගුරුතුමනි ඔබතුමන් දිගුකල් ජීවත් වේවා!!!

කියන්න බැරි උනා නෙ සර්ට අපි ගැන කියල තියෙන්නෙ අපේ පන්තියෙම කොල්ලෙක්. ඌ සර්ලට දෙන ජාතිය,හැබැ අපි ඌ ට මුකුත් කරේ නෑ.ඌ නරක හිතින් කරත් අපට කරපු ඒ උදව්ව නම් කියනන්න බැරිතරම් වටිනවා.
-----------------------------------------------------------------------------------------------------------
හප්පේ යන්තම් කතාව ලියල ඉවර කරා.දැන් 11ත් පහුයි.අද සතුටු වගේම දුකකුත් එකතුවුන පුදුමාකාර දවසක්.සතුට නම් අද තම්යි මගේ බ්ලොග් එකට මුල්ම කමෙන්ට් එක හම්බ උනේ.ඒක හුගක් මාව දිරිගැන්නුව නිදිමරාගෙන මේ කතාව ලියන්න.දුක තමයි අද මගේ g.f මාත් එක්ක තරහ වෙලා.ඒ දුක තුනී කරගන්නත් එක්ක තමයි මම මේක ලිව්වෙ.එහෙනම් ආයුබෝවන්.තවත් ලස්සන කතාවකින් අපි ආයෙ හම්බ වෙමුකො.මතක ඇතුව කොමෙන්ට් පාරක් එහෙම දාල යන්න හොදේ.

...........................................................................................................................................................

5 comments:

  1. මොනව උනත් සර් ගෙන් සමාව ගත්ත එක ලොකු දෙයක්...

    ReplyDelete
  2. 'එදැයින් පස්සෙ අපේ කට්ටිය සින්හල වලට පුදුම විදියට ආසඋනා.ඕෆ් පීරියඩ් එකක් අවාහම සර්ව හොයගෙන ගිහිල්ල එක්කගෙන එනතරමට අපි උනන්දු උනා.කොහොම හරි ඒ අවුරුද්දෙ පන්ති 6න්ම සින්හල වලට වැඩියෙන්ම ලකුනු තිබුනෙ අපේ සෙට් එකේ එවුන්ට.'

    මේ ටික නිසා කතාව තවත් ලස්සන වෙලා.

    ReplyDelete
  3. මාවත් අටේ පන්තියට අරගෙන ගිය ලස්සන කතාවක්, මේ හා සමාන අත්දැකීමක් මමද වින්ද ඇත්තෙමි එම මතකයන් අලුත් කල ඔබට ස්තුති !

    ReplyDelete
  4. ඔහොම සර්ල ඕන තරම් ඉන්නවා, එපා කරපු කට්ටියත් දෙතු දෙනෙක් ඉන්නවා. ඉස්කොලෙ තව අවුරුදු දෙකක්වත් තියෙනවනම් කියලා හිතෙනවා. මට තව අවුරුද්දයිනෙ ඉස්කෝලෙ පහස් විදින්න තියෙන්නෙ

    ReplyDelete
  5. මගේ ඉස්කෝලේ ජීවිතේදිත් මම වැඩියෙන්ම ගරු බුහුමන් කල ගුරු තුමා තමයි මට සිංහල උගන්වාපු සර් . සමහරු නම් හිටියා නිකම් ගහලා පොර වෙන ගෑනු ළමයි ඉදිරියේ පොර පාට් දාන ගුරුවරු එහෙමත් ..

    ඒත් සමහරු හිටියා නියමම ගුරුවරු කියන්න ඇහැකි ..ඒ දෙවි වරු නිසා තමයි අදට යන්තම් හරි පොලවේ පයගහලා ජීවත් වෙන්නේ ..

    නියම පෝස්ට් එක .. පොඩි කාලේ මතක් කරා මට

    ReplyDelete