Saturday, December 10, 2011

ෆේස් බුකියෙන් කතාවක්





එක වසරේ පුංචි කොලු ගැටයෙක්ගෙන් පන්ති භාර ගුරුතුමියට පුදුම වදේලු. ඒ නිසාම ගුරුතුමී ඇයව විදුහල්පති තුමා හමුවට අරන් ගිහින්. එතකොට ඇති වුනු දෙබස තමයි මේ...

විදුහල්පති : මොකද ලමයා මිස්ට කරදර කරනව කියන්නේ?
පොඩ්ඩා : අපේ අක්කා ඉන්නේ 3 වසරේ, ඒ වුනාට මට ෂුවර් එයාට වඩා මගේ මොලේ වැඩි කියලා.
විදුහල්පති : හරි, එහෙනම් මම ඔය ලමයගෙන් දැන් ප්‍රශ්න ටිකක් අහනවා. ඒවා ඔක්කෝටම හරියට උත්තර දුන්නොත් ඔයාවත් අපි 3 වසරට මාරු කරනවා. කැමතිද?
පොඩ්ඩා : හරි, මම කැමතියි.
විදුහල්පති : 3x3 කීයද?
පොඩ්ඩා : 9
විදුහල්පති : 6x6 කීයද?
පොඩ්ඩා : 36
විදුහල්පති : මම හිතන්නේ මේ ලමයට 3 වසරේ ඉගෙනුම ලබන්න දැනුම ඇති මිස්. මෙයාව අපි 3 වසරට මාරු කරමු.
ගුරුතුමී : හ්ම්, ඒත් සර් අවසර දෙනව නම් මම කැමති මේ ලමයගෙන් තව ප්‍රශ්න ටිකක් අහන්න. කමක් නෑ නේද?
විදුහල්පති : අහන්න අහන්න, කිසිම ප්‍රශ්නයක් නෑ.
ගුරුතුමී : එළදෙනකට 4ක් තියෙන මට 2ක් තියෙන දේ මොකද්ද?
පොඩ්ඩා : කකුල්
ගුරුතුමී : ඔයාගෙ කලිසම ඇතුලේ තියෙන, මගේ සාරිය ඇතුලේ නැති දේ මොකද්ද?
පොඩ්ඩා : සාක්කු
ගුරුතුමී : පිරිමි අය හිටගෙන කරන, ගැහැණු අය වාඩි වෙලා කරන, බල්ලෝ කකුල් 3න් කරන දේ මොකද්ද?
විදුහල්පති තුමා දෑස් ලොකු කර බලා සිටී...
පොඩ්ඩා : අතට අත දීම.
ගුරුතුමී : හරි මම දැන් තේරවිලි කිහිපයක් අහන්නම්, සූදානම්ද?
පොඩ්ඩා : සූදානම්
ගුරුතුමී : ඔයාගේ ඇඟිල්ලක් මා තුලට යනවා. ඒත් ඔයාට ඇති වුනාම ඔයා මාව ඇඟිල්ලෙන් ඉවත් කරගන්නවා. මම කවුද?
පොඩ්ඩා : කසාද මුද්ද
ගුරුතුමී : මම එක එක ප්‍රමාණ වලින් තියෙනවා, මම ලෙඩ වුනාම මගෙන් දියරයක් ශ්‍රාවය වෙනවා. මම කවුද?
පොඩ්ඩා : නහය
ගුරුතුමී : F අකුරෙන් පටන් ගන්න K අකුරෙන් අවසන් වන ගොඩාක් උණුසුම අන්තර්ගත දේ කුමක්ද?
පොඩ්ඩා : Firework
ගුරුතුමී : F අකුරෙන් පටන් ගන්න K අකුරෙන් අවසන් වන මේ දේ ඔයාට ලැබුනේ නැතොත් අත පාවිච්චි කරන්න සිදු වෙනවා.
පොඩ්ඩා : Fork
ගුරුතුමී : ඔබටත් 1ක් තියෙන්වා, විදුහල්පති තුමාටත් 1ක් තියෙනවා. පාප් වහන්සේ තමන්ගේ 1ක පාවිච්චි කරන්නේ නෑලු. විවාහවෙන කාන්තාවන්ටද 1ක් ලැබේවි. ඒ මොකද්ද?
පොඩ්ඩා : වාසගම
ගුරුතුමී : මිනිසා සතු මෙහි කිසිම අස්ථියක් නෑ. නමුත් විශාල ප්‍රමාණයක් නහර තියෙනවා. ආදරය කරන්න මේක නැතුව බෑ. ඒ මොකද්ද?
පොඩ්ඩා : හදවත
ගුරුතුමී : හරි සර්, මමත් ප්‍රශ්න අහල අවසානයි.
විදුහල්පති : අම්මෝ ඇති යන්තම්. අන්තිම ප්‍රශ්න 10ටම මම හිතපු උත්තරත් වැරදී. මේ ලමයව 4 වසරට නෙවෙයි, විශ්ව විද්‍යාලයට මම නිර්දේශ කරල අදම ලිව්මක් ලියනවා.

-------------------------------------------------------------------------------------------------------------
මේ ලිපිය මූනූ පොතෙන් උපුටා ගන්න ලද එකකි.ටිකක් ලස්සන කියල හිතුන නිසා මම පොස්ට් එකක් විදියට දැම්ම.මෙහි අයිතියනම් මාගේ නොවේය.

5 comments:

  1. හික් හික් ඇම්ඩා වෙන්ටෑ...මගෙං ඇහුවනං කෙලින්ම ගෙදර..

    ReplyDelete
  2. මේක පරණ ඉමේල්-ලිපියක සිංහල පරිවර්ථනයක්

    ලස්සනයි !!!!!!

    ReplyDelete
  3. ....අම්මෝ විදුහල්පතිතුමාට විතරක් නෙමේ මටත් අන්තිම ප්‍රස්න 10 ආවේ මල් විසිවෙන උත්තර ...මේ පොඩි එකා යකෙක්නේ..
    ..මේක තමා මරැ..
    *පිරිමි අය හිටගෙන කරන, ගැහැණු අය වාඩි වෙලා කරන, බල්ලෝ කකුල් 3න් කරන දේ මොකද්ද?*

    ReplyDelete
  4. අනෙ ඇඩෙනවා කොල්ලො. නියමයි. ඌවනම් හරියන්නෙ විශ්ව විදයාලෙටම තමා

    ReplyDelete