Monday, June 18, 2012

ඩෙනිම සහ ගැහැනු ලමයකුගේ සුන්දරත්වය.



ටිකක් විතර අමුතු මතෘකාවක් වගේ නේද?ඒ වුනත් අද මේක ගැන කතා කල යුතුම වන නිසා මම මේ ඔස්සේ ලියනවා.

ගැහැනු ලමයකු යනු ස්වභාවයෙන්ම සුන්දර වූ වස්තුවක් කියලා කාටවත් අමුතුවෙන් කියන්න ඕන නෑනෙ.නමුත් ඒ සුන්දරකම වඩාත් ඔප නංවන්නත් යාමේදී ගැහැනු ලමයා අවසානයේ නතර වන්නේ කොතැනද කියන එක අද විශාල ගැටලුව වී තිබෙනවා.

මෙය ගැටලුවක් වී ඇත්තේ ශ්‍රි  ලංකාව වැනි තවමත් සභ්‍යත්වය පවතින රටක එම සභ්‍යත්වය අභිබවා යාමට වර්තමානයේ ගැහැනු ලමයා ක්‍රියා කිරීමයි.

බටහිර රටවලින් පැමිනෙන විවිධ වූ විලාසිතාවන් අතර අතරමංව සිටින අපේ ගැහැනු ලමයින් තමන්ට අවැසි වන තමන්ට ගැලපෙන විලාසිතාවන් වලට අමතරව ඊට ඔබ්බෙන් වූ විලාසිතාවන් කිරීමට යාමෙන් මෙම තත්වය උද්ගත වී ඇත.

සරල උදාහරණයක් ලෙස අප ඩෙනිම් කලිසම ගතහොත් එය ගැහැනු ලමයකු ඇන්දාට කිසිම වැරැද්දක් නැත.කලිසමක් හැදීම යනු වර්තමාන සමාජ තලය තුල කිසිම ජුගුප්සා ජනක දෙයක් හෝ කිසිම ආකාරයෙ පිලිකුල් දෙයන් නොවේ.එමෙන්ම එය හෙලා දැකීම්ට කිසිසේත්ම ඇවැසි වන්නේද නැත.

නමුත් ගැටලුව වී ඇත්තේ ඇය විසින් හැඳිමට තෝරා ගනුලබන විලාසිතාවයි.බොහෝ පියකරු කඳ බඩ ඇති යුවතියන් තම පශ්චාත් භාගය ඔප්නැංවෙන ආකාරයට ඩෙනිම් කලිසම හැඳිමට වැඩි ප්‍රියතාවක් දක්වයි.මෙහීදී ඇය විසින් මූලිකවම බලා පොරොත්තු වන්නේ සියලු දෙනා අතර කැපී පෙනීමයි.ඕනෑම අයෙක් තම විලාසිතාව යොදා ගනු ලබන්නේ තම පෞරුෂත්වය වඩාත් වර්ධනය කර පෙන්වීමටය.සැබවින්ම ගැහැනු ලමුන් එවැනි අධෝභාගය කැපී පෙනෙන අයුරින් කෙරෙන විලාසිතාවන්ට නැඹුරු වන්නේ පිරිමි ලමුන්ගේ ආකර්ෂනය ලබා ගැනීමට බව කාහටත් නිතැතින්ම අවබෝධ වන කරුනකි.

සැබවින්ම එය එසේ සිදුවේද?පිරිමි ලමුන් තුල ඇය පිලිබඳ ඇතිවන්නේ කිනම් සිතුවිල්ලක්ද?සමාන්‍යයෙන්
කොල්ලන් රොත්තක් සිටින ස්ථානයකින් එවැනි ඇඳුමක් ඇඟලූ කෙල්ලෙක් ගියහොත් නිතැතින්ම ඔවුන්ගේ මුවින් පිටවන්නේ "මාර කෑල්ල නේ බං"
"බලපංකො #ක.දෙතහැකි පලු යන්න"
"අඩෝ මේකනං බ*%වක් වගේ .බලපංකෝ ගමන"
ඔවැනි වදන්ය.
මේවා අසා සිටින වැඩිහිටියන්' මුන්ගේ තියන නැහැදිච්චකම' යනාදී වශයෙන් ඔවුන්ට බැන වැදීම සිදුකරයි.
ඇත්තටම ඒ ඔවුන්ගේ වරදක්ද?ඔවුන් එම වදන් පිට කලේ හිතා බැලීමකින් තොරව ක්ශනිකව හිතට පහල වූ අදහස්ය. එම අදහස් පිටකීරීමට ඉවහල් වූයේ ඇගේ විලාසිතාව හා ගමන් විලාශයයි.ඇය විසින් ඔවුන්ගේ සිත් තුල ක්ශනික රාගාන්විත හැඟීම් උපද්දවා තිබේ.එමගි ඇයට සැලසෙන සෙත කුමක්ද?

මෙහි භයංකරම පැත්ත වනුයේ මෙයයි.පිරිමි ලමයකු තුල ඇය පිලබඳ සරාගි හැඟීම් පහල වීමෙන් පසු ඔහු විසින් කුමක් කරයිද?සමහරවිට යම්තරමේ මානසික ආබාදයක් තිබූ අයෙක් නම් ඇය සමග කෙසේ හෝ රමනයේ යෙදීමට තැත් කරනවා නොඅනුමානය.

ඒ කෙසේ වෙතත් ඇයට කොල්ලන් අතර  බ#^වක් කියා ලේබල් වැටීම නම් අනිවාර්ය වේ.එහි තේරුම ඇය වෘත්තීයෙන් ගණිකාවක් වන බව නොව ඇගේ හැසිරීම අනුව නූතන තරුන සමාජය ඇයට එම ලේබලය අලවයි.
මැහි තවත් පැත්තක්ද තිබේ.එනම් ඇතැම්විට් අතමා ලස්සනයි කියා සිතන ලඳුන් තම අධෝ බාගය කැපී පෙනෙන සේ හිරට හැදීම තුලින් සියල්ලන්ටම ඉතාම පිලිකුල් දසුනක් ගෙන එය.ඒ ගැන මා වැඩිපුර කතා කිරීමට යන්නේ නැත.

නමුත් මෙසේ ඩෙනිම් අදිනවා වෙනුවට ගවොම් ,සායවල් වැනිදෑ හදින්නට කිය මා කියන්නේ නැත.මන්දයත් එම හැදුම් හැදීම ගැහැනු ලමුන්ට තරමක් අපහසු වන බැවිනි.නමුත් අද කාලයේ ලංකාව තුල පවතින සමාජ ක්‍රමය තුල තමාට ගැලපෙන පරිදි විලාසිතාවන් තෝරා බේරාගෙන සිදුකීරීම වර්තමන් පරපුරේ ගැහැනු ලමයින් මෙන්ම පිරිමි ලමුන්ද සිදුකල යුතුය.එමෙන්ම පියකරු යුවතියනි ඇදුම යනු ඔබ ඔබ පිලිබදව බාහිර සමාජයට පනිවිඩයක් ලබාදෙන උපාංගයක් සේ සලකන්න. එලෙසම පිරිමි ලමුන්ටද මෙය අදාල වේ.ඒ ගැන පසුවට කතා කරමු.
------------------------------------------------------------------------------------------------------------
අද ටිකක් වෙනස් දෙයක් ගැන ලිව්වෙ.මේ පෝස්ට් එකෙන් ඔබටත් යම් දෙයක් ලබගන්න් හැකිවුනා නම් මා හට ඇති ලොකුම සතුට එයයි.එමෙන්ම මා පරන හණමිටි කාරයකු සේ නොසලකන්න.


image from:http://www.sodahead.com/fun/why-are-jeans-so-popular/question-2484019/?link=ibaf&q=&imgurl=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh5YKoJ24uwoCTyIQOaMr2UBF1MnJjFodugaNVs6PSHeyCkrT-F9-qtCkJ7zYu9OGGMDi5FbEZpZF_zIgZNJBBTgetrolHk8ywTb4li954JwdQxsp3lQEqDjxiMrsVL5C7c9w0Dal9eT7E/s1600/tight%252Bjeans%252B21.jpg





10 comments:

  1. ලාංකීය සමාජය තුල පවත්නා ගැටළුවක්.

    http://naughtysimpressions.blogspot.com/2011/12/blog-post_19.html

    ReplyDelete
    Replies
    1. ඔබගේ පෝස්ට් එකත් බැලුවා.ඒකනම් සහතික ඇත්ත.

      Delete
  2. වටිනා මාතෘකාවක්!
    අන් අයගේ පහත් මානසිකත්වය, ආකල්ප නිසා තමාට රිසි විලාසිතා කිරිමේ අයිතිය නැති කර ගත යුතුද වැනි තර්කයන් ඔස්සේ මෙම මාතෘකාව බොහෝ දුරකට සංවාදයට ලක් කල හැකිය.
    නමුත් ඔබේ දැක්ම සාධාරණයි!
    ඒ අපි ලෝකේ අනෙකුත් බොහොමයක් සංකර සමාජයනට වඩා ශිලාචාර සමාජක්‍රමයක උරුම කරුවන් වන බැවිනි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සහෝ ප්‍රතිචාරයට.

      Delete
  3. 1.ඇඳුම කියන්නෙ රටේ පවතින නීතිමය රාමුව තුල ඕන කෙනෙකුට ඕන විදියට අඳින්නපුළුවන් දෙයක්.
    2.ඒකෙ සීමාව මොකක්ද කියල අඳින කෙනා දැනගන්න ඒන.
    3.ඇඳුමේ ස්වභාවය අනුව "කරදරයට පත්වෙනව" කියන්නෙ එච්චර සාර්තක නිගමනයක් නෙවේ. මොකද මානසික අසහන කාරයන්ට ගොදුරුවෙන්නෙ ඇඳුම් "නරක යයි සම්මත" විදියට ඇඳල ඉන්න උදවිය විතරක් නෙවේ.
    4.වෙනත් කෙනෙක් ඇඳල ඉන්න ඇඳුම මොකක් උනත් අපේ හිත් පාලනය කරගැනීමේ හැකියාව තිබිය යුතුයි.

    ReplyDelete
    Replies
    1. මතයන් 4ටම මම එකඟයි.නමුත් අදින ඇදුමෙ සීමාව ගැන බොහෝ දෙනා නොසිතීම මෙහි ගැටලුවක් වෙනවා.කොහොම උනත් රාජ් අයියා මගේ බ්ලොගියට කමෙන්ට් පාරක් දැම්ම එකට බොහෝම ස්තූතියි.

      Delete
  4. Lokayak gana nodanna unge dupath (Island) manasikthwaya.
    Hikmeema athi karaganata.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම අපේ බහුතරයක් ඉන්නෙ දූපත් මානසිකත්වයටත් එහා ගිය ලිං ගෙම්බන්ගේ මානසිකත්වයේ.ඔබ ඔහොම නොවුනට අපට සභ්‍යත්වයක් කියල දෙයක් තවම තිබෙන වග මතක තබා ගන්න.
      ඒ කොහොම උනත් ඔබගේ අදහස කාලෝචිත එකක් බව පිලිගන්නව.
      ස්තූතියි සහෝ..

      Delete
  5. වෙනත් කෙනෙක් ඇඳල ඉන්න ඇඳුම මොකක් උනත් අපේ හිත් පාලනය කරගැනීමේ හැකියාව තිබිය යුතුයි. Thanks Raj.

    ReplyDelete
  6. කවුරු මොනව කලත්, තමන් තමාගේ සිත පාලනය කරගැනිමට පුරුදුවිය යුතුය, සිත පාලනය කරගන්නා මහා විරයකු බව බුදුන් වහන්සේම වදාරා ඇත, කාන්තාවන්ට, පිරිමින්ට තමන් තමන් කැමති විලාසිතාවක් කිරිමට නිදහස තිබිය යුතුය....

    ReplyDelete