"ආයුබෝවන්" එන්න අප හා එක්වන්න අපට ලියන්න,අදහස් හුවමාරු කරගන්න අපි "ප්‍රතිභා මාධ්‍ය එකමුතුව pmn.srilanka@gmail.com" https://www.facebook.com/prathiba.media +94412294982

Wednesday, June 27, 2012

සත්‍යම සත්‍ය ඇත්ත කථාවක්....

දරුවන් රටේ හොද පුරවැසියන් කරන්න‍යි මගේ එකම අරමුණ. 1991 කඹුරුපිටිය ගම්උදාව වෙනුවෙන් ඉදිකරපු පොදු වැසිකිලියේ අවුරුදු 7ක් තිස්සේ ජීවත්වන ‍ ආර්. සෝමා කියයි...

මැගේ නම ආර්. සෝමා. වයස අවුරුදු 38 වනවා. රැකියාව ලෙස දෛනිකව කූලිවැඩ කිරිම තමයි ‍තෝරගෙන තිබෙන්නේ. මැය විවාහකයි. දරුවන් 3 දෙනෙක් ඉන්නවා. ලොකු දුව තවම 6 වැනි පන්තියේ තමයි ඉගෙන ගන්නේ. අනිත් පුතාල දෙන්න තවමත් ගෙදර ඉන්නේ. හැබැයි ස්වාමි පුරුෂයා නම් නැහැ‍. ‍මැය අත හැරල ගිහින්. ඒ නිසා තමන්ගෙ දරුවොත් බලාගෙන බොහොම දුක් සේ තමයි මැය ජීවිකාව ගෙවන්නේ.

මැය ජීවත් වෙන්නේ 1991 කඹුරුපිටිය ගම්උදාව වෙනුවෙන් ඉදිකරපු පොදු වැසිකිලියේ. ගම්උදාව කාලේ මෙය පොදු වැසිකිලිය බවට පාව්ච්චිකරත් දැන් භාවිතා කරන්නේ නැහැ. ඒ නිසා සෝමා දැන් අවුරුදු  හතක් තිස්සේ මෙම ගොඩනැගිල්ලෙ තමයි ජිවත්වෙන්නේ. ඉන්න හිටින්න හරිහැටි තැනැක් නැති වුන නිසා හිතේ යම් අකමැත්තකුත් තබාගෙන මෙහි ජීවත් වෙනව කියල තමයි සෝමනම් කියන්නේ‍. ‍තම දෙම්පියන්ගේ අකමැත්ත මත හිතුවක්කාර විවාහයක් කරගත්තු නිසා තමන්ට මේ දුක්බර ජීවිතය උරුම වුනා කියලත් සෝමා වැඩිදුරටත් පැවසුවා.

කොහොම උනත් ගම්උදා භූමියේ ජිවත් වන සෙසු ජනතාවත්, කඹුරුපිටිය ගම්උදා භූමියේ පිහිටල තියෙන යුධ හමුදා කදවුරේ හමුදා නිළධාරීනුත් විටින් විට විවිද උදව් කරන නිසා සතුටින් ජිවත් වෙන්න පුළුවන් වෙලා තිබීම ගැනනම් සෝමා ගොඩක්ම සතුටු වෙනවා.


                                        පොදු වැසිකිලියේ ඉහල ආවරණ යොදා සකස්කර තිබෙන අයුරු‍‍.

කොහොම උනත් සෝමාගේ ලොකු බලාපොරොත්තුවක් තියෙවා. ඒ තමයි කොහොම හරි දුක් මහන්සි වෙලා කියයක් හරි උපයගෙන තම දරුවන් තුන්දෙනාට කන්න අදින දීලා හොට උගන්නලා රටේ හොද පුරවැසියන් බවට පත් කරන්න.

මේ වන විට සෝමාටත්, එම දරුවන්ටත් නව නිවසක් හදල දෙන්න කඹුරුපිටිය ප්‍රාදේශීය සභාවත්, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මාතර දිස්ත්‍රික් කාර්යාලයත් එක්ක එකතුවෙලා නව වැඩසටහනක් ක්‍රියාත්මක කරනව කියල තමයි කඹුරුපිටිය ප්‍රදේශීය සභාවේ සභාපති චන්දන සිරිබද්දන මහතා කියන්නේ.

එම නව නිවස සෝමාට ලැබෙන අතරේ, සෝමාගේ දරුවන්ට ඉගෙන ගන්න උවමනාකරන පාසල් උපකරන ටිකක් ලබාදෙන්න අපේ බ්ලොක්එක කියවන ඔබටත් පුළුවන්නම් ඒක එම දරුවන්ට ඉගෙන ගන්න ලොකු ශක්තියක් ආශිර්වාදයක් බවට පත්වේවි. ඒක නිසා ඔබටත් කරන්න පුළුවන් උපකාරයක් තියෙනවනම් chami.media@gmail.com, pmn.srilanka@gmail.com  කියන ලිපිනයන්ට ඔබව සම්බන්ධකර ගන්න පුළුවන් දුරකථන අංකයක් සමග  අපට ලියන්න. එතකොට ප්‍රතිභා මාධ්‍ය එකමුතුවේ අපි නිර්මානශීලී මාධ්‍ය කලාවක් ඔස්සේ මේ රටට යහපත් සමාජ මෙහෙවරක් කරන අ‍තරේ අදාල සම්බන්ධීකරනය ඇතිකරල දෙන්නම්.

ජීවත් වෙන්න වෙරදරන මිනිසුන්ට අත්වැලක් ශක්තියක් වන්න අපි සූදානම්......


සටහන්කරු
ප්‍රතිභා මාධ්‍ය එකමුතුව

1 comment: