කොන්කිරිට් වනන්තරේ

 http://farm4.static.flickr.com/3437/3361273976_6b7a53406b_o.jpg

කොන්කිරිට් වනන්තරේ මිරිගු සර්පයා
තහනම් ගෙඩියකට රැවටිලා
කාන්දමට ඉබේ ඇදෙන බඹර වර්ගයා
මලක් නොදුටු වුන් වාගේ දැලේ පැටලුනා...

දපනෙ වැටෙන බැල්මෙන් දිගටි නයන කැල්මෙන්
ලොවම මගුල් සක්වලක් කලා.....

හිරි අරීවි හිමේ ළගින පෙම් ආතුරයෝ
පිරිත් දාවි රත්වීලා
ගල් ගැහේවි සීල රකින සාන්තුවරයෝ
ඉඟි මරාවි මත්වීලා

දපනෙ වැටෙන බැල්මෙන් දිගටි නයන කැල්මෙන්
ලොවම මගුල් සක්වලක් කලා.....

ලුහු බඳීවි කරබාගත් හස්තිරාජයෝ
දිෂ්ටි දාවි ලොල් වීලා
ලුහු බඳීවි ගුණ යහපත් බෘන්ග රාජයෝ
පරඬැලේහි එල්ලීලා..
මායම් හැට හතරෙන්..
ලෙලෙදෙන ලැසි ගමනින්..
ලොවම මගුල් සක්වලක් කලා..

කොන්කිරිට් වනන්තරේ මිරිගු සර්පයා
තහනම් ගෙඩියකට රැවටිලා
කාන්දමට ඉබේ ඇදෙන බඹර වර්ගයා
මලක් නොදුටු වුන් වාගේ දැලේ පැටලුනා..//



ගායනය-නන්දා මාලිනී
 https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiRDfZdkErXc0riS3Jy86N6TMIKhq1v5TeQ4AOMWWcdU-pGBn8iJGLvGMjy1y44ohXmtaQ83JaEkV__XF98lHRjC3YzKQtmTAERoIiQK_VxxjrNQIB03lYIc248MOaNSEBdV_3V29Z44qU/s1600/DownloadIcon.gif

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...