twitter
    කසුන්ගේ ඇස් වලින් ලෝකය දකින්න

Thursday, June 21, 2012

අඩුව




සීතම සීත සැඳෑ මදනල
පිසගෙන හමන මා ගත
කොඳුරන්නේ රහසක් මට
හෙමි හෙමින් රහසේම

හමන මුදු මද නල
හිරිගඩු පිපෙන සීතල
පෙළන්නේ  මා ගත
එපමණක් නොව සිතද

නිරුවත්  උඩුකයට 
දරණු බැහැ මේ සීතල
කිලිටි වූ කමිසයට
මඩිනු හැකිවෙද මේ දරුණු සීතල

ජීවිතේ තනිකම
මා වෙලාගත් පාළුව
හමන මේ සැඳෑ මද නල
කියාදෙන්නේ දෝ මට

නැති වෙන්නට මේ සීතල
තුරුළු වෙන්නට උණුසුමට
කෙනෙක් හිටියා නම් මට
මාත් බය නෑ මේ සීතලට 

:D :D :D :D :D :P 
.................................................................................................................................................................

හවසට ජනේලේ ලඟට වෙලා හීතල හුලං වැදි වැදි ඉන්නකොට හිතට ආපු කවියක් මේ....;) :D



18 comments:

  1. Replies
    1. //නැති වෙන්නට මේ සීතල
      තුරුළු වෙන්නට උණුසුමට
      කෙනෙක් හිටියා නම් මට
      මාත් බය නෑ මේ සීතලට //

      හොද බෙඩ් ශීට් එකක් අරගෙන පෙරවගත්තොත් නරකද අයියේ? ;) හික්ස්ස්ස් විහිළුවට කිව්වෙ..

      ම්ම්.. සීතලට බය නැතිවෙන්න ඉක්මනට කෙනෙක් හම්බෙන්න කියලා, ම්ම ප්‍රාර්ථනා කරනවා..:)

      Delete
  2. වෙඩිමක් කියනව.......මෙයා මේ කවියක් පිටින් ඩාල සේප් එකේ කුණුරෙඩි ටික හෝඩගන්න කෙනෙක් හොයන්නෙ

    “කිලිටි වූ කමිසයට
    මඩිනු හැකිවෙද මේ දරුණු සීතල“

    හික්........

    ReplyDelete
  3. Replies
    1. මාත් කියන්න ගියේ තනිකම සැපයි පාළුව හොදයි කියලා බං

      Delete
  4. ඇට මිඳුළු කාගෙන
    දැනෙන මේ හීතල
    උහුලන්න බැ තවත්
    දිරා යන දිවියට

    අනේ ඔබ එනවා නම්
    අයෙමත් පෙර සේ
    තුරුළු වී ගුලි වෙන්න
    සීතලට පිටුපා..

    ReplyDelete
  5. කොහෙද අනේ ඔහොම සීතලක් ඔය පළාතේ . මාත් ඉන්නේ ඔය කිට්ටුවමනේ .

    ReplyDelete
  6. මාත් මේ ටිකේ එහෙම එකියක්ව හොයනවා !
    මේ කවි සෙට් එක මටම කියලා ලිව්වා වගේ. මරු ඈ...

    ReplyDelete
  7. //නැති වෙන්නට මේ සීතල
    තුරුළු වෙන්නට උණුසුමට
    කෙනෙක් හිටියා නම් මට
    මාත් බය නෑ මේ සීතලට //

    හප්පටසිරි නියම විසඳුම :ඩ්
    කවිය ලස්සනයි අය්යේ

    ReplyDelete
  8. සීතල නැතුව යන්න ලැමට තුරුලුවෙන්න කෙනෙක් හොයාගත්තමවත් ඔය කමිසෙ හෝදන්න වෙයි!

    henryblogwalker the Dude

    ReplyDelete
  9. හොද වෙලාවට උඹ ඉන්න පැත්තට හිම වැටෙන්නේ නැත්තේ.. නැත්තම් හීතල දරා ගන්න බැරුව මැරිලා..

    ReplyDelete
  10. ඉක්මනටම ඔය අඩුව පිරෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...:)
    තනිකම වෙලාවකට සැපක්, වෙලාවකට දුකක්..
    බලන්නකෝ එකෙත් හැටි.....:)

    ReplyDelete
  11. ඉක්මනට සීතලට තුරුලු කරගන්න කෙනෙක් ලැබේවා...

    ReplyDelete
  12. එහෙම කෙනෙක් තාම නොලැබෙන හේතුවත් මේ කවියෙම තියෙන්නෙ."කිලිටි වූ කමිසයට" කියලා... ඔන්න ඔය කමිසෙ හෝදලා දාලා පිළිවෙලක් වෙමු බලන්න. ඉක්මනට කෙනෙක් හම්බුවෙයි! :)

    ReplyDelete
  13. ලස්සනයි යාළු........

    ReplyDelete
  14. hmm hmm.. ikmaninma kenek lbenna kiyalaa patanawaa :)

    ReplyDelete
  15. එහෙනම් ඉතින් ඉක්මනට තුරුලු කරගන්න කෙනෙක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ... :D

    ReplyDelete

හිතට එකඟව කියන්න දෙයක් තියනවා නම් කියලම යන්න.