twitter
    කසුන්ගේ ඇස් වලින් ලෝකය දකින්න

Friday, June 15, 2012

බලා හිඳිමි මම

ඇයි ඔච්චර ආඩම්බර
එන්නකෝ මගේ ලඟට
බලන් ඉඳල බලන් ඉඳල
ඇති වෙලා මට දැන් හොඳටම

සති දෙකක් තිස්සේ ඉඳන්
බලාගෙන ඉන්නේ නුඹ ලඟට ගන්න
ඒත් ආඩම්බරකාර නුඹ
යන්නෙම තව ඈතට

දන්නේ නැහැ නුඹ තවම
කෙතරම් වටිනවාද නුඹ මට
මගේ හිත රිද්දන්නමද
යන්නේ තව තව ඈතට

දැන් නම් මට මල හොඳටම
ඉවරයක්‌ කරලා දාල මේ මගුල
ගෙදර යන්න ඉක්මනටම
දැන්වත් වරෙන් විභාගේ උඹ

20 comments:

  1. Replies
    1. විබාගෙට ගිය කලක්.......
      ඉවරයක්‌ නැනේ...:(
      හි හි..මුලින් හිතුවේ කෙල්ලෙක් කියලා අදත්....
      ලස්සනයි...:)

      Delete
  2. විභාගෙට මෙච්චර ආදරේ මනුස්සයෙක් දැක්කාමයි :D

    ReplyDelete
  3. හික්ස්.......පවු ඩෙයියනේ...

    ReplyDelete
  4. අපෝ ...විභාග නම් අභාග‍යක්... ඔය විභාග හොයා ගත්ත එකා හොයලා දෙන්ට ඔනේ රජ කාලේ දඩුවමක් උන්දැට.

    ReplyDelete
  5. හික් හික්.. මම හිතුවේ කසුන් අයියත් වලට වැටිලා ටමා කියලා.. බලන යනකොට විභාගේ ගැනනේ මේ.. :P
    ලස්සනයි!

    ReplyDelete
  6. අහ්... මේ විභාගේ වෙනුවෙන්නේ.. එකට අවුලක් නෑ.. බලාගෙන ඉදපං.. මම හිතුවේ මේ වෙන සින් එකක් කියලා.. ලෙක්චර් එකක් දෙන්න ලෑස්ති උනේ..

    ReplyDelete
  7. ඔක්කෝටම කලින් අනධ්‍යන සේවක ඉල්ලීම් ටික දීලා ඉවර කරන්ඩ වෙයි වගේ !!!

    ReplyDelete
  8. විභාගේ එනකම් නම් කොහොම හරි ඉන්න පුළුවන් ,ප්‍රතිපල එනකම් තමා කොහෙත්ම ඉන්න බැරි ..

    ReplyDelete
  9. හෆ්ෆා... විභාගෙ ගැනනෙ..:D

    ReplyDelete
  10. විභාගේ කල් යද්දි ඔහොම හිතෙනවා නම්... අනිත් එව්වා කල් යද්දි...???

    ReplyDelete
  11. මම නං හිතුවෙම අර අරයා කියලා... අර අර අරයා... :-) :-)

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  12. හපොයි ලංකාවෙ අධ්‍යාපනයට ගිය කලක්. විභාගෙත් ආඩම්බර බලන්න වෙලානෙ.


    henryblogwalker the Dude

    ReplyDelete
  13. හොඳ ළමයා. විභාගෙට ආදරේ ඇති ළමෙක් දැක්කමද කොහෙද?

    ReplyDelete
  14. හ්ම්ම් ඇත්ත යාලු..විභාගෙ ඉවර උනානම් නිදහස්! :)

    ReplyDelete
  15. අප්පේ විභාගෙට තියන ආදරේ .
    ඇත්තටම මහා කරදරයක් හිතට නේද ?

    ReplyDelete
  16. ෂික් වැරදියට හිතුවෙ...කොහොම උනත් මරු ඈ....

    ReplyDelete
  17. අයියෝ මේ දවස් වල මගෙත් තේමා ගීතය ඕකම තමා.. වරෙන්කෝ ඉක්මනට ලියලා ඉවරයක් කරන්න.. :D

    ReplyDelete

හිතට එකඟව කියන්න දෙයක් තියනවා නම් කියලම යන්න.