Friday, June 15, 2012

ලිනක්ස් සඳහා නවතම skype 4 සංස්කරණය මයික්‍රොසොෆ්ට් වෙතින්!

මයික්‍රොසොෆ්ට් සමාගම විසින් skype මිලදී ගත් විට ලිනක්ස් සඳහා ඇති skype සංස්කරණය මෙලොවින් තුරන්වී යනු ඇතැයි බොහෝ දෙනෙකු සිතුවද, අද දින මයික්‍රොසොෆ්ට් සමාගම විසින් මෙහි නවතම ප්‍රධාන සංස්කරණයක් ලිනක්ස් සඳහා නිකුත් කර ඇති බව අපට දක්නට ලැබේ. මෙහි 32bit හා 64bit සංස්කරණයන් ලබාදී ඇති අතර උබුන්ටු, ෆෙඩෝරා, ඩෙබියන් හා opensuse සඳහා ස්ථාපන ගොනු ලබාදී ඇත. මෙහි උබුන්ටු 10.04 සඳහා පමණක් ස්ථාපනය ගොනු ඇති බව දැක්වුනද එය, උබුන්ටුහි නව සංස්කරණ සඳහාද භාවිත කළ හැකිය.

මෙහි නවතම වෙනස් කම් හැටියට,
1. නවතම Emoticons හඳුන්වාදී තිබීම
2. එකම වින්ඩෝවක තමන්ගේ සියලුම chat බලාගත හැකිවීම
3. Audio හා Video ගුණාත්මක භාවය වැඩිකර තිබීම
4. නවතම වෙබ්කැම් සඳහා සහය දැක්වීම
5. ලිනක්ස් තුළදී crash වීම හෝ freeze වීම සඳහා ඇති සම්භාවිතාවය අවමකර තිබීම දැක්විය හැකිය.


මිලියන ගණනක පාරිභෝගිකයින් සංඛ්‍යාවක් ඇති skype මෘදුකාංගය ලිනක්ස් සඳහාද නිකුත් කර තිබීම ඩෙස්ක්ටොප් පරිගණක තුළද ලිනක්ස් භාවිත කිරීම දැන් දැන් බහුලව සිදුවන බවට මයික්‍රොසොෆ්ට් සමාගමද පිළිගෙන ඇති බවට ඔප්පුකළ හැකි ප්‍රධාන සාක්‍ෂියකි.

No comments: