Tuesday, June 12, 2012

ටයිටස් තොටවත්තයිනි ඹබට ගොඩාක් ස්තුතියි

          ඹබත් 80 දශකයේ උපත ලද්දෙක් නම් තොටවත්තයන්ගේ දොරට වැඩුමක් යැයි දුටුවිටම TV එක ලගින් නොසෙල්වී සිටියා ඹබට මතකද? ඒක හරිම සුන්දර කාලයක්....... ඒ සුන්දරතාවය අත්විදින්න අපිට නැවතත් වරම් ලැබිලා.... අපේ වීරයා රොබින් හුඩ්ගෙන් පස්සේ ඹෂින් නැවතත් දොරට වඩියි.   මේවා අපිට  බලන්ඩ සලස්වන SLRC හි සභාපති මොහාන් සමරණායක මැතිදුන් ඇතුළුව සියළුම කාර්ය මණ්ඩලයට බෙහෙවින්ම ස්තුතියි.

       ඹෂින් මීට කළින් යන කාලයේ අපේ ගෙදර තිබුණේ කළු සුදු රූපවාහිණියක්, ඒ කාලේ අපිට විදුලි බලය පෙනෙන තෙක් මානයක නෑ. car බැටරියකිනුයි TV බැලුවේ... කොහොමහරි අපි බැලුවා.. අද මම සතුටුවෙන්නේ Colour TV එකකින් යළිත් නැරඹීමට හැකිවීමයි.  වර්තමානයේ බහුතරයක් නාළිකාවල අපිට දකින්න තියෙන්නේ මනස්ගාත නාට්‍ය... කිසිම හරයක් නෑ.. කොටින්ම කියනවානම් කතාවක් කියලා දෙයක් නෑ.. හෙළිනොවෙන රහස් තොගයක් විතරයි තියෙන්නේ.. වාහනවල ගමන් බිමන් එමටයි. කතාවෙන් භාගයක්ම නැවත මතක්වීම්,   මේවා දකිනකොට නාට්‍ය කලාවම එපාවෙනවා..... තවත්දෙයක් මේ නාට්‍යවල ව්‍යංගයක් කියලා දෙයක් නෑ.... අන්තිමට ඉවරවෙන්නේ පොල්ලෙන් ගැහුවා වගෙයි.  ජීවිතයට ලබාගන්න කිසිම අත්දැකීමක් නෑ.. ඒත් ඹෂින් ඒ වගේද?  

    ඹෂීන් රචනාව තුළ පිටුපසින් දිවෙන වෙනමම කතාවක් තියෙනවා.. එය නිවරදිව තොටවත්තයන් හදුනා ගත්තා... ඔහු සැබැවින්ම විශිෂ්ඨයෙක්...  ඹෂින් කුඩා කාලයේ කෑවේ රාබු බත්  (radish and rice) වෙන කිසිම දෙයක් නෑ... වෙලාවකට මේවාවත් නෑ.. මේ පන්නරය නිසා ඇයට ඹ්නම දුකක් ඉවසාගත හැකියි. මෙය කියවන ඹබත් නරඹනවානම් ඇසට පුංචි ක¬ලක් උනනවා ‍නොඅනුමානhs'''''
  
      නාට්‍යයක් වූවාම නිශ්චිත ආරම්භයක් වගේම නිශ්චිත අවසානයක් තිබිය යුතුයි යන්නයි මගේ අදහස. ඒ වගේම සුදුසුම චරිත තොරාගත යුතුයි.. නෑදෑයෝ, දූදරුවෝ, සත්පුරවැසියෝ, ප්‍රාර්ථනා මල්, ඇබෑර්තු ඇත, බිනරි, සදගලතැන්න, දඩුබස්නාමානය, අකාලසන්ධ්‍යා, කඩුල්ල, වෙදහාමිනේ, මම බලපු සුවිශේෂි නිර්මාණ, සිංහල බසින් රසවත්වුණු ඹෂිනුත් හරිම සුවිශේෂයි..

       ඹෂින් යනු ජපානයේ පෞරාණික පෙළපත් නාමයක්, NHK ආයතනය මගින් නිපදවූවක්, දැනට ඹෂින් රටවල් 59ක ප්‍රදර්ශණය කර තිබෙනවා.. භාෂා නමයකට පරිවර්ථනය කර තිබෙනවා.. ඉංග්‍රිසි, අරාබි භාෂා වලින් උපශීර්ෂ යොදා තිබෙනවා.. you tube තුළින් නරඹන්න හැකියි.  මිනිත්තු 15 බැගින් වූ episode 297 කින් සමන්විතයි....  ඹෂීන් යනු උට්ඨාන වීරයෙන් යුත් සංඛේතාත්මක වීර වරියක් කොච්චර famous කියනවනම් Mogami River   "Oshin Line". ලෙසද නම්කර ඇත. ඹබත් රසවිදින්න ඹෂින්.........




    සැකසුම;- ධනුෂ්ක කෞෂල්‍ය...

No comments:

Post a Comment