Monday, June 11, 2012

නෙට්වර්ක් පන්තිය දොළොස්වෙනි දවස (අන්තර්ජාලය යනු 2 කොටස)

        
        බොහොම කාලෙකට පස්සෙයි blog එකට ගොඩඋනේ.......කියාගන්න බැරිතරමි වැඩ රාජකාරී.. මේක පටන් ගත්තේනම් දිගටම ලියන්න බලාගෙනයි..... ඒත් මොනා කරන්නද අතපසුවීම් උනා.. හරි දැන් වැඩේට බහිමුකෝ.... අන්තර්ජාලය එහෙමත් නැත්නම් Internet ගැනනේ ගියවර කතා කළේ.. තව දුරටත් මේ ගැන කතා කළ යුතුයි.

       ඉන්ටර්නෙට් තනිකරම හැදිලා තියෙන්නේ නම්බර්ස් (numbers) වලින්, තනිතරම අංක තමයි තියෙන්නේ... ඒ කියන්නේ IP address. වෙබ් සයිට් එකක් කියන්නේ සැබෑවටම තියෙන්නේ අංකයක්. ඔන්න දැන් තමයි ලොකුම ප්‍රශ්ණය මතුවෙන්නේ මොකද මිනිසුන්ට මතක හිටින්නේ නම් විතරනේ.... (Google , Yahoo, youtube, gosiplanka,) ඇත්තටම අපි Url එකෙහි type කරන්නේ www.google.com විදිහටනේ.... ඒත් internet වැඩ කරනවා...කොහොමද එහෙම උනේ?

   DNS (Domain Name system) කියලා servers තියෙනවා. ඔන්න ඕකෙන් තමයි නමට අදාලව අංකය (ip address)  සොයලා දෙන්නේ...... මේක හරියට mobile එකක තියෙන phone book එක වගෙයි. හැබැයි මේ වැඩේ සිද්ද වෙන්නේ අපිට හොරෙන්, කොච්චර වැඩ ප්‍රමාණයක් අපිට හොරෙන් සිද්ද වෙනවාද කියලා පහල රූපයෙන් තේරුමි ගත හැකියි.



           මොහොතක් සිතන්න අපිට හොරෙන් කොච්චර step ප්‍රමාණයක් සිද්ද වෙනවාද කියලා..... මේ ලෝකේ කිහිප තැනක පිහිටවපු root servers 13 ක් තියෙනවා.. අපි domain 1ක් මිලදීගෙන host කිරීමේදී dns වලට වෙනම මුදලක් ගෙවිය යුතුයි. එසේ වන්නේ අපේ site එකත් dns database එකට එකතු කිරීමටයි.     

අපේ පරිඝණකයේ DNS වැඩ කරනවාද කියලා බලන්න සරල ක්‍රමයක් තියෙනවා... host name එකකට ping කරලා බලනවා හරිම සරලයි.










මෙහි 173.194.35.184 කියන්නේ google.com හි public ip එක...

මම පාවිච්චි කරන්නේ dialog connection එකක්නේ dialog ආයතනයේ DNS server එකත් චෙක් කරන්න ක්‍රම තියෙනවා..






dns2.dialog.lk කියන්නේ 123.231.0.167 ලු dns1.dialog.lk කියලා තව එකක් ඇති, mobitel වල samanala.mobitel.lk කියලා Dns එකක් තියෙන්නේ address එක සොයා ගැනීම මෙය කියවන ඔබට බාරයි. මට මතක නෑ.....................

 Google DNS = 8.8.8.8 සහ 8.8.4.4
SLT DNS = 203.115.0.46 සහ 203.115.0.47

දැන් තේරෙනවනේ dns නැත්නම් Internet නෑ... යලිත් දවසක ආයෙත් හමුවෙමු......

සැකසුම:- ධනුෂ්ක කෞෂල්‍ය

1 comment:

  1. ele macho hodai ko Ath ethuru toka ai goda dawasakin luwe naththe

    ReplyDelete