Monday, June 4, 2012

කිරි පිඩු දානය

එදා අප මහා බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත්වන්නට කලින් සුජාතා සි‍ටු දුව විසින් පූජා කල කිරි පිඩු පූජාව ගැන බෞද්ධ අපි කුඩා කලදී ඉගෙන ගන්නවා.ඒත්  එම පූජාව අදටත් සමහර පන්සල් වල සිදුකරන බව ඔබ දන්නවාද?  මමත් මේ ගැන දැන ගත්තේ මීට දින කිහිපයකට කලින්ය.අද පොසොන් පොහොය දවසේ උදේ මේ කිරි පිඩු පූජාව මගේ ආච්චිගේ මූලිකත්වයෙන් සකස් කරලා පන්සලට පූජා කලා.

මේ පූජාවට සාදන කිරිබත් සාමාන්‍ය කිරිබත් නෙවේ. එයටම විශේෂ කිරිබතක් තියෙනවා.ඒක හදන්නේ මෙහෙමයි.ගල්, වැලි, වී සම්පූර්නයෙන් ඉවත් කරපු සුදු හාල් තැඹිලි වතුරෙන් සෝදා ගන්නවා. මෙහිදි අපි සාමන්‍යෙන් වතුරෙන් සෝදනවා වෙනුවට තැඹිලි වතුරෙන් සෝදා ගන්නවා.

ඊට පස්සේ සුදු වියනක් ගහපු මඩුවක් ඇතුලේ සඳුන් දර වලින් හදපු ලිපක කිරිබත පිස ගන්නවා. මෙය පිසින අය අනිවාර්යෙන්ම සුදු රෙදි කඩකින් කට ආවරණය කරලා තියෙන්න ඕනේ.අන්තිමට කිරිබත් වලට කජු, වියලි මිදි වගේ ඒවා එකතු කරනවා.

මෙහෙම හදපු කිරිබත් පාත්‍ර 33කට දාලා නෙළුම් මලක් එක්ක සුදු කුඩ යටින් පන්සලට පෙරහැරින් ගෙන ගිහින් අටවිසි බුදුවරුන්ටත් බෝමළුවටත් පූජා කරනවා.

මේ පූජාව නිසා ගොඩක් පින් ‍රැස් කර ගන්න පුළුවන්. මෙවැනි පූජාවක් ඔයාලත් කරන්න කැමති නම් මේ විස්තරේ ප්‍රයෝජවත් වේවි කියලා මං හිතනවා

2 comments:

  1. මම කතෝලික නිසා ඔය ගැන දන්නේ නැති උනාට..අනාගතේට නම් වුවමනා වෙයි වගේ ..මේක රසයි වගේ..

    ReplyDelete
    Replies
    1. මේ බුද්ධ පූජාවට හදපු කෑම අපිට කන්න හොඳ නෑ...ඒත් ඔය කිරිබත කෑමක් විදිහට වෙනම හදන්න පුලුවන්

      Delete