මත් මල් සේනා

 http://thumbs.dreamstime.com/thumblarge_430/125085829548NXpD.jpg

මත් මල් සේනා පාවේ පාවේ - දෑසේ දැවටේ මා
සිත්තම් වීලා මා නෙත් මානේ - සෙනෙහේ සුවසේමා
ලා...ඉරේ රන් ගැවිලා - සදා ස්නේහයේ මල් වැහි වෑහුනා

පිපි හාදු සුළගේ - මුව ගාව ගැවසේ
දෙතොලේ ලැගුම් සොය සොයා...
සඳ රේණු යායේ මුදු සීත පෙනුනේ
ලං වෙන්න මයි නෙත් පියා...

උදා වේ...මා...සැදෑවේ...මුදා..
නෙක ස්වර්ණ රැස් රඟනා වැහිතීරේ...

ඔබ ගාව සිහිනේ - හිත හීන නෙළුවේ
රෑ තුන් යමේ හිත් පුරා...
නොදොඩාම දෑසේ - කවි ගීත මැවුනේ
දෙතොලේ සුසුම් උතුරලා...

උදා වේ...මා...සැදෑවේ...මුදා..
නෙක ස්වර්ණ රැස් රඟනා වැහිතීරේ...

ගායනය:-කසුන් කල්හාර
 
http://images.webassets.eu/sites/ocn/download-button/259x52-download-button.gif

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...