Pages

2012-05-31

ලිනක්ස් ස්ථාපනය

කලින් ලිපියකදි කියල දුන්නේ ලිනක්ස් ස්ථාපනයට පෙර Hard Disk සූදානම් කරන හැටිනේ. අද කියන්නෙ ඒ විදියට සූදානම් කරගත්තු Hard Disk එක සහිත පරිගණකයට ලිනක්ස් ස්ථාපනය කරන විදිය තමයි.

මුලින්ම බයෝස් වලට පිවිස Boot Order එකෙහි පළමු Device එක ලෙස CD/DVD ධාවකය සකසන්න
මේ ලෙස ඇත්නම් මුලින්ම දෘඩ තැටියෙන් Boot වනු ඇත.


එබැවින් එය පහත පරිදි වෙනස් කර ගත යුතුය.
(සැ.යු. පරිගණකයෙන් පරිගණකයට Bios ප්‍ර වේශ වන යතුරු වෙනස් විය හැකියි. සැකසුම්ද වෙනස් ආකාර වලින් පැවතිය හැකි නමුත් සියලුම පරිගණක වල මේවා අන්තර්ගත වේ.)

දැන් F10 යතුර ඔබා හෝ save කර bios වලින් ඉවත්වන්න. පහත පරිදි විමසීමක් කරයි නම් yes යන්න තෝරා enter යතුර තද කරන්න


එවිට පරිගණකය reboot වනු ඇති අතර. ධාවකයට හන්තාන DVD එකක් දමා තිබුනේ නම් එය මගින් පරිගණකය boot වනු දැකිය හැක.  මේ හන්තාන ධාවනයේදී දිස්වන පළමු තිරයයි.


ටික වේලාවක් ගතවූ පසු මෙම තිරය ලැබෙනු ඇත.

සම්පූර්ණයෙන්ම හන්තාන මගින් පරිගණකය ආරම්භ වූ පසු මෙයාකාර තිරයක් ඔබට ලැබෙනු ඇත. එහි දකුණු පස තීරුවේ අවසන් අයිකනය ක්ලික් කිරීමෙන් ඔබේ ස්ථාපන කාර්යය ආරම්භ කල හැකි වනු ඇත.

එහිදී ලැබෙන තිර next කරමින් යන විට Custom Layout තෝරාගත් විට පහත ආකාර තිරයකට ඔබව රැගෙන යනු දැකිය හැක. මෙහිදි කලින් ලිපියේ පරිදි shrink කරගත් පසු ඉතිරි වූ ඉඩ free යටතේ තිබෙනු දැකගත හැක.




එය මත ක්ලික් කර Create බොත්තම ඔබා දෘඩ තැටිය පහත පරිදි සාදාගන්න. මෙහිදී වින්ඩෝස් ස්ථාපනයේදී මේන් කෙලින්ම දෘඩ තැටියට ලියනු නොලැබේ.. මෙම අවස්ථාව පසු කල පසු පමණක් දෘඩ තැටියට අදාල සැකසුම් ආදේශ වේ.

සැකසුම් සියල්ල ඉහත පරිදි සකසා next කල විට පහත පරිදි තිරයක progress එක පෙන්වනු ඇත.
එය අවසන් වූ පසු restart වනු ඇත.
ඉන්පසු පරිශිලක කෙනෙක් සැකසීම සඳහා ඔබගේ තොරතුරු විමසා සිටින අතර ඒවා ලබාදුන් පසු ස්ථාපන ක්‍රියාවලිය සම්පූර්ණ වනු ඇත.

අවසන් වූ පසුව මෙම තිරය නැවත දැකගත හැකි වනු ඇත.

වම් පස ඉහල කෙළවරට mouse pointer එක ගෙන ගිය විට දැනට භාවිතයේ පවතින වැඩසටහන් දිස්වන අතර applications ටැබය පිවිසීමෙන් හන්තාන සතු මෘදුකාංග ලැයිස්තුව දිස්වනු ඇත.


එහෙනම් හන්තාන සමගින් නිදහස අත්විඳින්න. හන්තාන මත සිට වැඩ කරන ආකාරය තවත් ලිපියකින් ලියන්නම්.

4 අදහස්:

  1. ඔය වැඩ නම් මට තේරෙන්නෙ නෑ.. ඔයාම කරලා දෙන්න.

    ReplyDelete
  2. හොද දැනුවත් කිරීමක්!

    ReplyDelete
  3. Disk එක partition කරද්දී, /home වලට වෙනම partition එකක් හදනවා නම් ගොඩක් හොඳයි..

    ReplyDelete
  4. @නෙරංජි
    හලියෝ.. දාලම දෙන්නංකෝ

    @මඩිස්සලේ නිෂාන්
    ස්තූතියි.

    @vishwaje Rajinath
    ඔව්. ඒක නම් හොදයි. ආයේ OS එක reinstall කලොත් userව නැවත ගන්න පුලුවන්ද?

    ReplyDelete

මෙම ලිපිය කියවනකොට හිතුණු දේවල් වලින් ටිකක් මෙතන ලියලම යන්නකෝ