Pages

Thursday, May 24, 2012

ෆොන්සේකා ගබ්සා කිරිම හා පාපයට බියවීම


ඉබේ එළියට එන්න හිටි වීරයා


ගබ්සා කළේ අප මහ රජාණෝ


කලලය ඇවිදිනා අතරේ නගර පුරා


වීදි බසින ජනයා ජය ගොස නගති






උන්නැහේට දීලා ඉඩ පිටු අතර


පත්තර වලින් ඈතට යන එතුමාය


කලින්දා ක්වෙට් එන සතියේ තායි රටේ


එයටත් පහුව ලන්ඩන් වතිකානු යති






බ‍්‍රසිල් යන්නෙ මේ අතරේ කවදාද


නොදන්නා ප‍්‍රශ්නයකි ඇති හිතුවක්කාර


අලාභය ගුවන් සේවේ බිලියන දාහතරයි


පොන්සේකා අනේ ඇතුලෙම හිටියා නං



හිතුවක්කාරයා

No comments: