Saturday, May 19, 2012

බොසා සහ බ්ලොග් එක





බොසාලගෙන් වෙන කරදර නම් නිමක් නෑ. බොසාලත් එක එක වර්ග ඉන්නවනෙ. බඩ තඩි බොසාලා තමයි වැඩිපුර ඉන්නෙ. ඔය බහුතරයක් බොසාලා පාට් දාන්නෙ අහිංසක සේවකයන්ට.
ඔය සේවකයො අතරෙ අයිස් පප්පලත් නැතුවම නෙවෙයි. ඉතිං ඔය කොම්පීතර් වැඩ කරන සේවකයො ඉඳල හිටලා මූණු පොතට ගිහින් එහෙමත් නැත්නම් බොලොග් එකක් කියවලා බොසාට අහුවුනොත් ඉතිං සොරිම තමයි. ඔයවගේ අවස්ථාවලදි එක එක සේවකයන්ට දැනෙන සිතිවිලිවල එකතුවක් තමයි මේ.
 (සේවකයො කියල කිව්වට ඉතිං මේ මට හිතෙන ඒවා තමා)

ඉඳහිට වගේ හැරිලා වටපිට බලලා
බොසා අසුනෙ නැති බව තහවුරු කරලා
ගූගල් දෙයියන්ට පොඩ්ඩක් ඉඟි කරලා
එන්ටද ගොසින් මාගේ බ්ලොග් එක බලලා

කොමෙන්ට් එකක්වත් අද වැටිලා නැද්ද
මේල් එකට එන හින්දා නැහැ සද්ද
රිප්ලයි කරන කල ඇතිවේවිද යුද්ද
බොසා නැති දාට අපහට හොඳ හොද්ද

රිප්ලයි කරන්නට වෙන්නෙම පමාවෙලා
බ්ලොගේ හිතවතුන් යාවිද තරහවෙලා
අනේ මහතුනේ පොඩ්ඩක් සමාවෙලා
පවසමි මගේ දුක මෙලෙසට වැඳ වැටිලා

මූණු පොතට ගියොතින් මම අහුවෙනවා
වැඩ මහ ගොඩක් මා වටකර කැරකෙනවා
දැන්නම් බොසෝ මට පොඩ්ඩක් තදවෙනවා
හිතේ දුකට එතකොට කවි ලියවෙනවා

හිතේ සතුට උතුරන දවසුත් එනවා
එදා බොසා ඔපීසියෙන් පිටවෙනවා
ෆීල්ඩ් එකේ මුලු දවසම ගතවෙනවා
ඔපීසියේ අපි සතුටෙන් හිනැහෙනවා

මූණු පොතද සමගින් බ්ලොග් එකට වැදී
කියවමි ලියමි කෙතරම් ලියවුනත් මදී
සතුටින් සිහින සාගරයක සුවය විඳී
අල්ලපු මේසෙ පොර දැන් හොඳටෝම නිදී

48 comments:

  1. කිව්වත් වගේ.. මමත් වට පිට බලාලා හොරාට බ්ලොග් එක ඕපන් කරලා බලනවා තමා ඔපීසියෙදී.. අපේ බොසා නම් දැක්කත් ගානක් නෑ ඌට සිංහල බෑනේ..

    ReplyDelete
    Replies
    1. අපේ බොසා දන්නෙ මූණුපොත විතරයි. බ්ලොග් ගැන බොසා දන්නෙ නෑ. වෙන දෙයක් තියා අපේ වෙබ් සයිට් එකටවත් බොසා ගිහින් නෑ. මම මේ කිව්වෙ අපේ සෙක්ශන් හෙඩ් ගැන.

      Delete
  2. මෙන්න කවී එළ ඈ

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි සහෝ.....

      Delete
  3. Replies
    1. ගොඩක් ස්තූතියි සහෝ.....

      Delete
  4. මේ මං වගේ වුනානම් කිසි අවුලක් නෑ....මගේ බොසා මම් ම නේ...

    ReplyDelete
    Replies
    1. ඒක තමයි නියම ජොබ් එක. කාගෙන්වත් කතා අහන්න ඕනෙ නෑනෙ.

      Delete
  5. අනේ මූව අහුවෙයන්...බොසාට :-)

    ReplyDelete
    Replies
    1. කොහොමත් අපේ සෙක්ශන් එකම බොසා එක්ක වලි. මම කිව්වෙ සෙක්ශන් හෙඩ් ගැන.

      Delete
  6. කවිනම් කවි... සුපිරි ඈ...

    මමත් ඔය බෝට්ටුවෙම තමා.. හැබැයි අපේ තළපතටත් සින්හල බැරි හින්දා ලොකු අව්ලක් නෑ

    ReplyDelete
    Replies
    1. එහෙනං ඉතිං කේස් එකක් නෑනෙ. එල එල......

      Delete
  7. හෙහෙ පට්ට පොස්ට් එක. අපිත් ඔහොම තමයි ඉතින් :පි

    ReplyDelete
    Replies
    1. බලාගෙන යනකොට හැමෝම එහෙමනෙ........

      Delete
  8. ලස්සන කවි ටික . දැවෙන ප්‍රශ්නයක් නේද

    ReplyDelete
    Replies
    1. දැවෙන තැවෙන ප්‍රශ්නයක් මේක.........

      Delete
  9. විස්වාස කරනවා නං විස්වාස කරපං (නැත්නම් ඒත් විස්වාස කරපං) කිරි පුතා, අපේ ස්ටාෆ් රූම් එකේ හැම මේසෙටම ප්ලග් පොයින්ට් හයි කරලා තියෙන්නෙ ලැප්ටොප් චාජර් ගහගන්න. උගන්නන්නෙ නැති වෙලාවට ඕනෙ තරම් වෙබ් එකේ සර්ෆ් කරන්න Wi Fi දීලා තියෙන්නෙ, ඕෆ් පීරියඩ් වල හැම එකාම එක්කො ෆේස් බුක් නැතිනම් වෙන ඕනැ එකක්. සමහර සයිට් බ්ලොක් කරලා තියෙනවා එච්චරයි. උඹලට ඉරිසියාද? :D

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. මෙහෙ කොහෙද ඉතිං ඔහොම සැප....... :පී

      Delete
  10. Replies
    1. ගොඩක් ස්තූතියි සහෝ........

      Delete
  11. මමයි මගේ බෝසයි එකට බ්ලොග් කියවන්නේ.හැබැයි මට බ්ලොග් එකක් තියෙනවා කියල බොසා දන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. බොසා මේ බ්ලොගට ආවොත් උබේ වැඩේ මාට්ටු‍ වෙනවා

      Delete
    2. ඈ බොල උඹේ බොසා ලංකාවෙ එකෙක්ද ? මම හිතුවා දාර ඔටුවෙක් වෙන්ඩ ඇති කියලා.

      Delete
    3. @අසරණයා
      කොයිවෙලේ හරි උඹ මාට්ටු වෙනවා බොල......

      Delete
    4. @රැඩියා
      අනිවා...... අනිවා........

      Delete
    5. @Senna
      මූ ඌට සිංහල උගන්නලාද දන්නෙත් නෑ...

      Delete
    6. නැහැ නැහැ ඌ ලංකාවේ.මම තමා සන්දරුගේ බ්ලොග් එක දුන්නේ.දැන් හෝ ගාල හැමෝගෙම ඒවාට යනවා.උඹලගේ ඒවටත් එයි.

      Delete
    7. @අසරණයා
      එහෙනම් පරිස්සමෙන් හිටපං පුතෝ. බොසාට විරුද්දව කෙල බිංදුවක් හලන්න එපා.

      Delete
  12. නියම කවිටික ඇත්ත, පට්ට විදියට ලියලා තියෙනව.......

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි සහෝ........

      Delete
  13. උබ බ්ලොගේ නිසා අරෑට එපා වෙලා නිදි ඇති.. පව් බං..

    ReplyDelete
    Replies
    1. ඌ ගොසිප් ලංකා බලලා නිදි......

      Delete
  14. ලෙසටම ලියලා ඈ....! ඉක්මනටම උබේ කෙරුවාව බොසාට මාට්‍ටු වෙන්න (එපා) කියලා මම "කිං අබ්දුල්ලට" පඩුරක් ගැට ගහනවා. ජය...!

    ReplyDelete
    Replies
    1. අපේ බොසා ගූගල් එකටවත් යන්නෙ නෑ. ඉතිං කොහෙ මාට්ටු වෙන්නද.....

      Delete
  15. අන්න ඒකට අපේ බොසා.. කියල වැඩක් නෑ..

    ReplyDelete
    Replies
    1. එහෙම බොසාලත් ඉන්නවා.......

      Delete
  16. Office eke wada tika thamangen hariyata kerena bawa bossla dannawanam auwlak enne naha.Bossla dan dannawa kello,kollo idak labuna gaman okata ringanawa kiyala.Thamange daruwo gedaradi compitharema elligana inna bawa danna bosslath innawane.

    ReplyDelete
    Replies
    1. ow. ehema bosalath innawa. samahara bosala innawa sewakayanwa thalala pelalaa sathutuwena.

      Delete
  17. Replies
    1. ගොඩක් ස්තූතියි තාරෝ.......

      Delete
  18. දෙයක් ඉගෙන ගන්නට ඇත උඹහට මලයෝ
    මම මේ දේ දැක්කේ කලවිට මගෙ පොඩි ඈයෝ
    බලන්නට යමක් ඇති විටි මගෙ කෙලි පැටියෝ
    පුරුදු කරයි ඈ මා හට ඇති සැටියෝ

    නොදැනම බොසත් බ්ලොග් ඇඩියෙක් වේවී
    වැඩ පැත්තකින් තියලා බලනට සෙට් වේවී
    උඹ ලියනා ඒවා බලලා මදි වේවී
    අපි ලියනා එවත් ඌ බලලා යාවී

    ReplyDelete
    Replies
    1. අපේ බොසා ගූගල් වත් යන්නෙ නැත
      ඉන්ටනෙට් එකෙන් ඊ මෙල් බලනු ඇත
      අපට වෙබ් එකක් ඇති බව දන්නෙ නැත
      එහෙව් පොරක් බ්ලොග් බැලුවොත් ලොවෙත් නැත

      Delete
  19. කවිටිකනම් සුපර්...මොකද හොදට හිතට දැනෙන්නේ ඔය බෝට්ටුවෙම අපිත් ඉන්න නිසා...

    ReplyDelete
    Replies
    1. ජොබ් කරන බහුතරයක් ඔය බෝට්ටුවේ තමයි....

      Delete
  20. ආයෙත් අහල සුපිරිම ගණයේ කවි ටිකක් නෙව :ඩ
    අද තමය් මේ පැත්තේ කියවන්නන ආවේ !!

    ReplyDelete
    Replies
    1. ආයෙත් මේ පැත්තෙ ඇවිත් යන්න වරෙං මචං.....

      Delete
  21. මම මේ දැනුත් කරන්නෙ ඕක තමා...ඔෆිස් එකේ කොම්පියුටර් එක එක්කම මගෙ ලැපාවත් තියාගෙන ඉන්නෙ...බොස්ල හිතන්නෙ මම ගෙදර ගිහිනුත් ඔෆිස් එකේ වැඩ කරනව කියල....(එහෙම තමා කියල තියෙන්නෙ.)හික්ස්..දන්නෝ දනිති..

    ReplyDelete
    Replies
    1. බොසාට මාට්ටුවුන දවසට තියෙයි බොලාට..........

      Delete

ඔයාලගෙ අදහස් මට ගොඩක් වටිනවා.කොමෙන්ට් එකක් නොදැම්ම කියල තුන්හිතකින්වත් අහිතක් හිතන්නෙ නෑ.