සිංහල උපසිරැසි FAQ

සබ්ටයිටල් ෆයිල් එකක් කියන්නේ මොකක්ද?

 සබ්ටයිටල් ෆයිල් එකක් කියන්නේ ඊට අදාල යම්කිසි වීඩියෝ පටයක් එක්ක සමකාලීනව ධාවනය වීමට සකසන ලද කාල දත්ත සහ උපසිරැසි දත්ත අඩංගු ගොනුවක්.

මේ උපසිරැසි ගොනු වල srt, ass, ssa, sub, txt, ttxt, aqt, dat, asc වගේ extension එකක් බොහෝ විට දකින්න ලැබෙනවා. මේවායිනුත් බොහෝ විට භාවිතා වෙන්නේ srt කියන extension එක තමයි. ඒකට හේතුව Sub Rip ගොනු  හෙවත් srt ගොනු සරලයි. ගොඩක් player  වල ධාවනය කරන්න පුලුවන්. srt ගොනුවකට වැය වෙන ඉඩ ප්‍රමාණය අඩුයි. ඒ වගේම Substation Alpha හෙවත් ssa ගොනුත් ටිකක් වැඩිපුර භාවිතා වෙනවා.


මීට අමතරව DVD Subtitle හෙවත් .sub extension එක සහිත ගොනු DVD වල භාවිතා වෙනවා. sub extension එක නම් ගොඩක් වැදගත්. ඒ වගෙම සංකීර්ණයි. ඔයගෙල්ලො දැකලා ඇති ක‍ඩේ විකුණන්න තියෙන සමහර DVD වල DVD player එකේ play වෙත්දී පවා උපසිරැසි අවශ්‍ය වෙලාවට දාගන්නත්, අවශ්‍ය වෙලාවට අයින් කරගන්නත් පුලුවන් පහසුකම තියෙනවා. ඒවයේ උපසිරසි හදලා තියන්නේ VOB Sub (.sub + .idx extension) කියන ක්‍රමයට. ඒ විදියට හැදුවම උපසිරසි Image විදියට තමයි Save වෙන්නේ. එතකොට උපසිරසි play වෙන්න සිංහල ‍Fonts අවශ්‍ය වෙන්නේ නෑ.

Adobe encore DVD - .txt
Advanced Substation Alpha - .ass
AQTitle - .aqt
Cheetah - .asc
CPC-600 - .txt
DVD Subtitle/Micro DVD - .sub
Karaoke Lyrics - .lrc
MAC sub - .scr
MPlayer - .mpl
Sub Rip - .srt
Sub Sonic - .sub
Substation Alpha - .ssa
Viplay Subtitle - .vsf
VOB Sub - .sub + .idx


උපසිරැසි ගොනුවක් නිවැරදිව දර්ශණය කරගන්නේ කොහොමද?

සාමාන්‍ය ඉංග්‍රීසි උපසිරසි ගොනුවක් නම් ඕනෙම player එකක play වෙනවා. කොටින්ම windows media player වලත් අවුලක් නැතුවම වැඩ. ඒත් සිංහල උපසිරැසි ගොනුවක් නිවැරදිව දර්ශණය කරගන්න පුලුවන් හොඳම player එක විදියට මම නම් දකින්නේ KM player එක. ඇත්තටම ඕනෙම වීඩියෝ එකක් බලන්න සුදුසුම player එක KM player එක කිව්වොත් ගොඩක් දුරට හරි. මොකද KM player වල ධාවනය වෙන්නේ නැති Video format එකක් නැති තරම්. ඒ වගෙම ඕනෙම Subtitle Format එකක් බොහොම නිවැරදිව දර්ශණය කරනවා. සිංහල සඳහාත් ඉතාම හොඳින් සහය දක්වනවා. මේ ලින්ක් එකෙන් KM player එක බාගන්න ඔයාලට පුලුවන්. පරිගණකයේ මෙහෙයුම් පද්ධතිය Windows Vista හෝ ඊට පස්සේ ආපු එකක් නම් දැන් වැඩේ හරි. සිංහල උපසිරසි බලන්න පරිගණකය සූදානම්.

ඒත් මෙහෙයුම් පද්ධතිය Windows XP නම් ඔයාලට සිද්ධ වෙනවා පරිගණකයේ සිහල ස්ථාපනය කරගන්න. ඒ සඳහා මෙන්න මේ ලින්ක් එකෙන් සිංහල අරගෙන ඒ ලැබෙන Setup File එක නිවැරදිව ස්ථාපනය කරගන්න. දැන් ඒ වැඩේ හරි.

ඊලඟට ඔයාට බලන්න අවශ්‍ය වීඩියෝ පටයත් ඒකට අදාල උපසිරැසි ගොනුවත් Download කරගන්න. දැන් මේ file දෙකම එකම folder එකකට copy කරගන්නහොඳට මතක තියාගන්න මෙතන වැදගත්ම දේ තමයි ඔය රූපයේ තියෙන විදියට video file එකේ නමත් subtitle file එකේ නමත් එකම වෙන්න ඕනෙ.


උදාහරණයක් විදියට,
video file එක Fringe.S03E01.HDTV.XviD-LOL.mkv නම්
subtitle file එක Fringe.S03E01.HDTV.XviD-LOL.srt වෙන්න ඕනෙ. 

දැන් ඔයාලට තියන්නේ ඔය වීඩියෝ එක සාමාන්‍ය පරිදි KM player එකෙන් play කරන්න විතරයි. එතකොට මෙන්න මේ විදියට උපසිරැසි දර්ශණය වේවි.



ගොඩක් වෙබ් අඩවි වල සිංහල උපසිරසි නිකුත් කරන චිත්‍රපටි වල "සිංහල උපසිරසි සහිත DVD" ඊට කලින්ම වෙලඳපොලේ රුපියල් 60ක් වගේ ඉතාම සුලු මුදලකට මිලදීගන්න පුලුවන්. ඉතින් ඇයි අපි මේවා Download කර කර අමාරුවෙන් බලන්නේ?

චිත්‍රපටියක් නිකුත් වෙන්නත් කලින් ඒකට සිංහල සබ්ටයිටල් දානවා. මේක තමයි ලංකාවේ තත්වය. මොකද ඕනෙම කෙනෙක් කැමතියි සිංහල උපසිරසි එක්ක චිත්‍රපටියක් බලන්න.

ඒත් මේ "සිංහල උපසිරසි සහිත DVD" වෙලඳපොලට දාලා විකුණගන්න තියෙන තර‍‍ඟේ නිසාම මේ උපසිරසි තත්වයෙන් බාලයි. ගොඩක් වෙලාවට උපසිරසි ලබා දීල තියන්නේ CAM හරි TS හරි කොපියකට. ඉතින් ඒවා බලන්න බෑ. තත්වයෙන් බාලයි. සමහර ඒවයෙ චිත්‍රපටියේ තැනින් තැන උපසිරසි නෑ. ගොඩක් පරිවර්තන වැරදියි. මේ වගේ අවුල් ගොඩයි. අනික ඉතින් ඔය චිත්‍රපටි වල Sounds ගැන කවුරුත් දන්නවනේ. ගබ්බ චාටර්. ගන්නම දෙයක් නෑ.

ඔන්න ඔය නිසා තමයි ඔයා සිංහල උපසිරසි එක්ක චිත්‍රපටියක් Download කරලා බලන්න ඕනේ. අපි Download links දෙන්නේ තත්වයෙන් උසස් කොපියකට. ඒවයේ වර්ණ හොඳයි. ගුණාත්මක මට්ටමෙන් ඉහලයි. නිශ්පාදන තත්වයෙන්ම තියනවා. කෑලි අඩු නෑ. චස් චුස් ගාන්නෙ නෑ.

ඒ වගෙම සිංහල උපසිරසි ගැන කියනවනම් ඒවායෙ වැරදි නෑ. අපිට පුලුවන් උපරිමෙන් නිවැරදි අර්ථය එන විදියට, කතාව බැලුවම තේරෙන විදියට උපසිරැසි යොදන්න කටයුතු කරනවා. තැනින් තැන අඩු නෑ. නිකුත් කරන්න කලින් දෙතුන් පාරක්ම ආයෙ ආයෙත් පරීක්ෂා කරනවා.

ඒ නිසා මේ විදියට Download කරලා බලන චිත්‍රපටියකින් උපරිම රසවින්දනයක් ලබාගන්න පුලුවන් වගේම කතාව නිවැරදිව තේරුම් ගන්නත් පුලුවන්. මේ නිසා සිංහල උපසිරසි නිකුත් වෙනකම් ඉඳලා ටිකක් පරක්කු වෙලා කතාව බැලුවට ඔයාලට වාසියක් මිස පාඩුවක් නම් වෙන්නේ නෑ.


ඔය නිකුත් කරන උපසිරැසි ගොනු අපේ ගෙදර තියෙන DVD player එකෙත් play වෙනවද?

 මේ වෙනකම් තවම සිංහල උපසිරසි ධාවනය වෙන DVD player එකක් නම් ඇවිත් නෑ. උපසිරසි ගොනු ධාවනය වෙන DVD player තිබුනත් ඒවා එකක් වත් සිංහල සඳහා සහය දක්වන්නේ නෑ.

හැබැයි Android මෙහෙයුම් පද්ධතිය ධාවනය වෙන Sony Ericsson Xperia ෆෝන් එකේ සිංහල හැදුවම ඒකේ නම් සිංහල උපසිරැසි අවුලක් නැතුව ධාවනය වෙනවලු. මම නම් ඒ ගැන දන්නේ නෑ හරියටම.


සිංහල උපසිරසි වීඩියෝ පටයටම එකතු කරලා (ඔය කඩේ තියෙන DVD වගේ) ඒ වීඩියෝ පටය නිකුත් කරන්නේ නැතුව වෙනම උපසිරසි ගොනුවක් නිකුත් කරන්නේ ඇයි? එහෙම කලා නම් ෂෝක් එකට අපිට DVD player එකෙනුත් උපසිරසි බලන්න පුලුවන්නේ?

එහෙම කරන්නැත්තේ මේකයි. කවුරුහරි කෙනෙක් ඉන්න පුලුවන් එයා ලඟ දැනටමත් චිත්‍රපටිය තියෙනවා. ඒත් උපසිරසි නෑ. ඔයා කියන විදියට දුන්නොත් එයාට සිද්ධ වෙනවා ආයෙත් මුලු චිත්‍රපටියම බාගත කරගන්න. වෙනම උපසිරසි දුන්නම ඒ අපහසුව මඟහැරෙනවා.

අනික තමයි අපි දෙන උපසිරසි තියන්නේ Text ආකාරයට. ඒතකොට ඔයාට පුලුවන් ඕනෙ ගානට Font size ලොකු පොඩි කරගන්න player එකෙන්. ඒ වගෙම උපසිරැසි දර්ශණය විය යුතු නිවැරදි තැන සකසන්න පුලුවන්. අනික තමයි බොඳ වීමක් නෑ කොච්චර ලොකු කලත්.

තව දෙයක්, ඔයා කියන විදියට උපසිරසි එකතු කලොත් චිත්‍රපටිය Re-Encode කරන්න වෙනවා. එතකොට චිත්‍රපටියේ තත්වය බාල වීමක් වෙනවා. ඉතින් අපි වෙනම උපසිරසි ලබා දෙන්නේ ඔයාගෙම හොඳට තමයි.


කාරුණික ඉල්ලීමක්...

මේ උපසිරසි ගොනුවක් ඔයාල අතට පත්කරන්න අපි ගොඩක් වෙහෙසක් ගන්නවා. මට නම් විනාඩි 40ක මේ කතාවකට උපසිරසි දා ගන්න සතියකට ආසන්න කාලයක් ගතවෙනවා. අපි අපේ අනික් වැඩ එක්ක තමයි මේක කරන්න ඕනේ. ඒකයි. ඒ වගෙම මේ උපසිරසි දාන අපි කවුරුවත් Professional Type Writers ලා නෙමෙයි. ඒ වගේ අමාරුවෙන් කරන වැඩක් කිසිඳු මුදලක් අය නොකර නිකම්ම ඔයගොල්ලෝ අතට පත් කරන්නේ මේ හැම දෙනෙක්ම අපේම සහෝදර සහෝදරියෝ නිසා. මට විතරක් නෙමෙයි. ඔයගොල්ලන්ට සිංහල උපසිරසි ලබාදෙන ඕනෙම කෙනෙකුට මේ දේ පොදුයි.

ඒ නිසා ඒ උපසිරසි ගොනුවෙන් කර්තෘගේ නම ඉවත් කරන එක හරි කර්තෘගෙ අනවසරයෙන් මොනම හෝ සංස්කරණ කටයුත්තක් සිදුකරන එක හරි මේ උපසිරසි ගොනුවක් යොදාගෙන මුදල් ඉපයීමක් සිදුකරන එක හරි සදාචාර සම්පන්න නෑ. ඔයාට නොමිලේ ලැබෙන මේ උපසිරසි වල කර්තෘ අයිතිය සුරකින එක ඔයාලගෙ යුතුකමක්.

ඒ වගෙම ඔයාලට උපසිරසි ගොනුවක් ලබාදීල අපි ලබන එකම දේ හිතේ සතුට විතරයි. ඒ නිසා උපසිරසි ගොනුවක් Download කරගත්තේ කොතන හෝ වේවා එතන Comment එකක් දාල යන්න අමතක කරන්න එපා. ඒක තමයි ආයෙත් උපසිරසි ගොනුවක් හදන්න ඔයාලගෙන් අපිට ලැබෙන ශක්තිය...
සිංහල උපසිරැසි FAQ සිංහල උපසිරැසි FAQ Reviewed by Unknown on 11:36 AM Rating: 5

21 comments

  1. මචං වැදගත් දෙයක් ගැන කථාකරගන්න උඹේ මේල් ඵක skossinna20@gmail.com ඵකට ඵවපන්.gtalk වලත් ඉන්නවා

    ReplyDelete
  2. එල...නියමෙට ලියල තියෙනවා

    ReplyDelete
  3. නියම වැඩක් මල්ලි දිගටම කරන් යමු. මුල්ම වතාවටද කොහෙද මන් දැක්කේ ටීවී සීරියස් වලට සබ් දානවා. ෆිල්ම්ස් වලට වඩා අමාරුයි මන් හිතන්නේ :)
    ජය වේවා

    ReplyDelete
  4. අහ් අමතක වුනා මේ බ්ලොග් එක බ්ලොග් සින්ඩිකේට් වලටත් දාගන්න :) මාත් මේක ගැන දැනගත්තේ තරිඳු අයියාගෙන් බුක් මාර්ක් කරා

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්... ස්තුතියි අදහසට සහෝ

      Delete
  5. thank you. api hemadama sinhala sub gannava.

    ReplyDelete
  6. අනේ ඔයාට පුලුවන්නං Robin Hood අර 1998 විතර ආවෙ අන්න් ඒඛට සබ් දෙන්නකො....

    ReplyDelete
    Replies
    1. ඒක ටීවී එකෙත් ගියා නේද?
      බලමු බලමු.
      මේ දවස් වල කැම්පස් එකේ වැඩ ගොඩයි අප්පා...

      Delete
  7. අනේ ඔයාට බැරිද රොබින් හුඩ් ටිකට සබ් දෙන්න

    ReplyDelete
  8. හොඳ වැඩක් යාලුවා..
    දිගටම කරන්න..

    ReplyDelete
  9. නියම වැඩක්.. ජයෙව්වා! මමත් බාගන්න ඕන..

    ReplyDelete
  10. ජය වේවා

    ReplyDelete
  11. බොහොම හොඳට පැහැදිලි කරල තියනව. නියමයි. ජය වේවා!

    ReplyDelete
  12. robin hood 2006 tv series akata sub dennako

    ReplyDelete
  13. Superm wedak aiye... onna mamath meka gaththa... very very thanks..

    ReplyDelete
  14. ඇත්ත කියන්නම්... අවසානෙට කිසපු කතාව ගොඩක් හිතට දැනුනා ‍සහෝ ඒක නිසාම comment කරා ජය වේවා.....

    ReplyDelete
  15. ඇත්ත කියන්නම්... අවසානෙට කිසපු කතාව ගොඩක් හිතට දැනුනා ‍සහෝ ඒක නිසාම comment කරා ජය වේවා.....

    ReplyDelete
  16. assassins creed lineage eke kotas 3ida thynne?

    ReplyDelete