Friday, May 4, 2012

ඔබත් බර අඩුද.......?

                                   ඔබටත් සිහින් බවින් මිදෙන්න ඕනැද......? (1)

          (for English text click here)

අපි මීට පෙර අවස්ථාවේ කතා කලා ශරීර ස්කන්ධ දර්ශකය (BMI) ගැන. ඒත් මට දකින්න ලැබුන විදියට බොහෝ දෙනෙක් තමන්ගේ ශරීර ප්‍රමාණය පිලිබඳ සැහීමකට පත්වෙන්නේ නැ. සමහර විට ඒක අපේ සංස්කෘතියෙන් අපට ලැබුන දෙයක් වෙන්න පුලුවන්. කොහොම වුනත් වැඩි දෙනෙක් එහෙම වෙන්නේ අනවශයය විදියට බවනම් පැහැදිලියි. කොහොම වුනත් අනවශයය විදියට බර අඩුනම් ඒ ගැන සැලකිලිමත් වීම හොද දෙයක්.

බර අඩුවෙන බලපාන සාධක මොනවාද..............?

ඔබත් අඩු බර එහෙමත් නැත්නම් සිහින් සිරුරක් තියන කෙනෙක්නම් ඔබට ඒ සදහා බලපාන හේතුවට සම්පුර්ණ වෙනස් හේතුවක් වෙනත් කෙනෙකුට බලපාන්න පුලුවන්.
1.ජානමය ගැටලු (poor genetic potential)
2.ළමා වියේ සිදුවන වර්ධනයේ දුර්වලතා (poor growth during childhood)
3.ආසදන රෝග (inflectious diseases)
4.පෝෂණ උනතා (malnutrition)
5.අධික ශරිර වයයාම (excess of excsercise)
6.මානසික ආතතිය (mental strees)
7.හෝමෝනමය ගැටලු (hormonal problems)

අපට මෙම ප්‍රශ්නයේදී කලහැකි දේවල් මොනවාද............?

බොහෝ දෙනෙක් තමන්ගේ වර්ධනය අඩුවු ගමන් බලාපොරොත්තු වෙනවා තමන්ගේ වර්ධනය අඩු වීමට හේතුව වර්ධන හෝමෝනයේ(Gowth hormone) අඩුවක් කියලා. ඒ වුනත් ප්‍රශ්නය ඊට වඩා බොහෝවිට සරලයි. මේවගේ ගැටලු අඳුනා ගැනීම හා ඊට පසුව කලයුතු දේවල් ගැන අපි ඊලග ලිපි කිහිපයෙන් කතා කරමු.අඩු බර ඇතිවීමට හේතු පුද්ගලයා අනුව වෙනස් වෙනවා. ඒ නිසා වැදගත්ම දේ තමයි තමන්ගේ ගැටලුව හඳුනා ගන්න එක.




ජානමය ප්‍රශ්න කියන්නේ මොනවාද......?

අපි හැමදෙනාම හැදිලා තියෙන්නේ මවගේ හා පියාගෙන් ලැබුන ජාන වලින්. ඒ අනුව අම්මා සහ තාත්තා මිටිනම් ඔබත් බොහෝවිට මිටියි. නමුත් ඊට වෙනස්වන අවස්ථා තියනවා. කොහොම නමුත් අපේ උස, බර වගේ දේවල් ඒ වගේ එක දෙයකට සීමවෙන්නෙ නැ. ඒ නිසා ඔබ ජාන අනුව මිටි පුද්ගලයෙක් වුනත් ඔබ නියමිත පෝෂනයක් හා අනෙකුත් දේවල් සම්පූර්ණ කරනවනම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.

ළමා කාලයේ බර අඩු වීම බලපන්නේ කොහොමද.........?

අපේ ජීවිතේ වර්ධනයට අනුව වැදගත්ම කාලය තමයි ළමා කාලය. ඊටත් එහා ගියොත් ගර්භනී අවධිය. ඒ කාලයේ අතිවන ගැටලු දිගු කාලීනව පවතින්න පුලුවන්.

දීර්ඝ කාලීන ආසාදන රෝග................?

අපට ක්ෂුද්‍ර ජීවීන් මගින් ලෙඩක් හැඩුනම අපේ ශරීරයට ඊට එරෙහිව සටන් කරන්න වෙනවා. එතකොට අපේ වර්ධනයට තියන ශක්තිය ඒ සඳහ වැය වෙනවා. ඒ නිසා අපේ බර අඩු වෙනවා. උදහරනයක් විදියට ක්ෂය රෝගය ගන්න පුලුවන්.

පෝෂණ ඌනතා කියන්නේ මොනවාද..............?

අපි හැමෝම දන්නව අපේ අහාර වේල සමබර අහාර වේලක් විය යුතුයි කියලා. ඒ කියන්නෙ ඒකේ නියමිත තරම් කාබෝහයිඩ්‍රේට (carbohydrate), ප්‍රොටීන (protein), මේදය (fat), විටමින(vitamins), ඛනිජ ලවන(minerals) හා ජලය(water) තිබිය යුතුයි. එහෙම නැත්නම් අපේ වර්ධනය බාල වෙනවා.

අධික වයායාම............?

වයයාම කියන්නේ අපේ ශරීරයේ පැවත්මට වගේම වර්ධනයටත් අතයවශය දෙයක්. ඒත් අධික වයායාම නිසා අපේ ඇගේ තියන ගබඩා කරපු සියලු ශක්තිය නැති වෙනවා. වර්ධනය දුර්වල වෙනවා.


මානසික ආතතිය බලපාන්නේ කොහොමද..........?

 අපි අධික මානසික ආතතියෙන් ඉන්න විට  කෝටිසොල්(Cortisol) වගේ අපේ සමහර හෝමෝන අධිකව ශ්‍රාවය වෙනවා. මේ නිසා අපේ ශක්තිය දහනය වෙලා වර්ධනය අඩු වෙනවා.

හෝමෝනමය ගැටලූ බලපාන්නේ කොහොමද.......................?

හෝමෝන කියන්නේ අපේ ශරීරයේ බොහෝ දේ පවත්වා ගන්න වැදගත් වන දෙයක්. සමහර හෝමෝන වල අඩු වැඩි වීම් නිසා වර්ධනය අඩු වෙනවා.
උදහරන විදියට වර්ධක හෝමෝන(GH), ලිංගික හෝමෝන(sex hormones), වගේ දේවල් සඳහන් කරන්න පුලුවන්.

# එහෙනම් අපි ඊලග ලිපියෙන් මේගැන වැඩිදුර කතා කරමු.......>

5 comments:

  1. ඔබේ ගැටලු හා කමෙන්ට් මෙතනට දාන්න......

    ReplyDelete
  2. මෙහෙම සෞඛ්‍ය පාඩම් ඉදිරිපත් කරන එක වටිනවා

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි ඔබ හැමගේ දායකත්වය මත මෙය ඉදිරියටත් පවතීවි

      Delete
  3. Replies
    1. Thanks malli.. after my exam you will be able to get lot of things from here

      Delete