5.10.2012

අත්හිටවීම....

වියුණු තරු අතර 
නොවන  රන් සළු
විසුරුනද  දෙතොලට  හොරා
රිදුන හිස තුරු  මඩල සනසන 
සුසුම් වැල නොමළ......
මා සිත පුරා.....
මුල්ම දින නුඹ හා බැඳුන..
එදා සිට මේ අද පවා 
සුලඟ කිසි දින කිවේ නැත මට  
මා සෙව්වේ ඒ නුඹ තමා 
සිතට සිත එක තැන්ව ගිය කල 
සිහින රූ සිතුවම් වෙලා 
නුඹ සෙව්ව .. දෑතක ඇඟිලි 
මට මා පවා සීමා කළා
එපා මට එපා නුඹ කියා ඇත නළලේ තබා 
දින ගණන්  මා නුඹ නැතිව..
වෙන අයවලුන් හා නුඹ ගියා
කාලයට වැඩි වන අගය 
නුඹට වන බර වැඩි නිසා 
පමා වෙන්නෙමි මම නොයෙන්නම.
හදට මා අසුවන තුරා........................
සිටින් හැර මා අසලට වෙලා නොයන් සිත සුවපත් කරන්
අසුරු සැනෙකින් එමි ලඟට මා හේතුවක් හිස තුල තබන්

16 අදහස්..:

  • කිරිපුතා says:
    May 10, 2012 at 8:56 PM

    මේ කියන්නෙ බටේ ගැනද?

  • This comment has been removed by the author.
    ලෝකයා... says:
    May 10, 2012 at 9:26 PM

    This comment has been removed by the author.

  • ලෝකයා... says:
    May 10, 2012 at 9:26 PM

    සොරි මොන බටේ ද .... :ඩී

  • උගුසිඤ්ඤො says:
    May 10, 2012 at 10:03 PM

    සිගරට් දුමෙන් ලියු කවි...ශරීරයට අහිතකර විය හැකිය

  • meegodaya says:
    May 10, 2012 at 10:24 PM

    බ්ලොග් එකත් එක්ක සිගරට් ගඳයි....... මං වගේ හොරෙන් ඇදල දාන්න එපැයි

  • sAm (සෑම්) says:
    May 10, 2012 at 11:05 PM

    ප්‍රවේසමෙන් පරිහරනය කරන්න !

  • අසරණයා says:
    May 11, 2012 at 2:33 AM

    එපා ඔබ මට එපා දැන් හෙන ගණන් නේ...

  • ලෝකයා... says:
    May 11, 2012 at 8:24 AM

    නවත්වපු එකෙක් ගැන කිව්වේ

  • නරකයා....!! says:
    May 11, 2012 at 12:22 PM

    "නවත්වපු එකෙක් ගැන කිව්වේ" මං හිතුවා තෝ නවත්තලා කියලා....

  • ලෝකයා... says:
    May 11, 2012 at 3:09 PM

    ඔව් ඔව් මමත් එහෙම තමයි :ඩී

  • වර්ණා says:
    May 11, 2012 at 3:12 PM

    ලෝකයා කාලෙකින් නේද

  • KusH says:
    May 12, 2012 at 8:19 AM

    හේතුවා සැමදාටම වලංගු නම් පට්ට...:D ටික දවසකින් ආයෙම හැරෙනව නම් තමා අවුල :D

  • ලෝකයා... says:
    May 12, 2012 at 2:46 PM

    ඔව් ඔව් මේ පොඩි පොඩි ප්‍රශ්න වගයක් තිබුනා .. වෙල්කම් කියලම අපහු අවා

  • තාරා says:
    May 15, 2012 at 11:22 PM

    ලස්සන අදහසක්... දෙවනි පාර කියෙව්වාම තමයි තේරුනේ මේ කියන්නේ දුම්වැටියක් ගැන කියලා.. හි හි

  • This comment has been removed by the author.
    Dude says:
    May 18, 2012 at 9:04 PM

    This comment has been removed by the author.

  • Dude says:
    May 18, 2012 at 9:08 PM

    මම නං ඕකිට බූට් එක දුන්නා ඕං අවුරුදු පහකට විතර ඉස්සට. ඒ ගැන බ්ලොග් පෝස්ට් එකකුත් ලිව්වා හැබැයි කඩ්ඩෙං.

    http://dude-heydude.blogspot.com/2012/03/how-i-quit-smoking-at-last.html

    henryblogwalker the Dude

Post a Comment

Followers