Thursday, April 26, 2012

අවුරුදු උළෙල - ආෆ්ටර් ඉෆෙක්ට්ස් !!!

දිනය - 2012.04.22
වේලාව - උදෑසන 9.30 පමණ
ස්ථානය - නිවස
අවස්ථාව - බ්ලොග් ලියන කට්ටියගේ අවුරුදු උත්සවයට යන්න ඇද පැළදගෙන ඒ බව අම්මට කියන්න යාම

මම : අම්මේ මම අවුරුදු උත්සවේට යන්න කියලා
අම්මා : මොන අවුරුදු උත්සවේද ?

හෑ..අම්මට මතක නෑ වගේ , මම සති ගානකට කලින් කිව්වනේ මෙහෙම එහෙකට යනවා කියලා..

මම : ඇයි අම්මේ අර මම කිව්වේ , බ්ලොග් ලියන කට්ටියගේ අවුරුදු උත්සවයක් තියෙනවා කියලා..
අම්මා : මොනවා ? බ්ලොග් ??

එනපොට හොද නැත.මා දන්නා විදියට අම්මා දන්නේ නිවාස සෑදීමට ගන්න බ්ලොග් ගල් ගැන පමණි.බ්ලොග් අඩවි , අන්තර්ජාලය සම්බන්ධව අම්මාගේ දැනීම අවම මට්ටමක පවතියි.

මම : ඔව් අම්මේ , බ්ලොග්ස් !! අර ඉන්ටර්නෙට් එකේ තියෙන්නේ..
අම්මා : ඕකේ ඉතින් මොනාද නැත්තේ..ඉතින් ඒකේ මොකක්ද ?
මම : ඒකේ තියෙනවා පොත් වගේ ලියන්න පුළුවන් එකක්
අම්මා : මොකක් ? ඒ කියන්නේ දැන් ඉන්ටර්නෙට් එකෙත් ලියන්න ගත්තද ?
මම : ඉන්ටර්නෙට් එකේ නෙවෙයි , ඒකේ තියෙන බ්ලොග් එහෙක පොඩියට ලියන්න ගත්තා :)
අම්මා : ආ ඒක තමයි , කොයි වෙලාවේ බැලුවත් ඕකෙම නේ එල්ලිලා ඉන්නේ , උදේ ඉදන් රෑ වෙනකන්ම ඉතින් කම්පියුටර් එක තමා..වැඩට ගිහින් ආපු වෙලාවේ ඉදන් ඕකේ , සෙනසුරාදා / ඉරිදත් ඔකේ.මම ඒත් බැලුවා ඔච්චරම ඔකේ එල්ලිලා ඉන්නේ මොකද කියලා..පුළුවන් ඔය එක එක ඒවා ලියලා මොනවහරි කරගන්නවකො .....@*$(#$^&!~$$^$!!$^&))(*%$^@!

කවර කලක කරන ලද අකුසල කර්මයක්ද මේ පල දීමට යන්නේ.මෙතුවක් කල් හැංගි හොර පවත්වාගෙන ආ මගේ කුඩා බ්ලොග් කටුව ගෙදරටද මාට්ටු විය.පුරා වසර විසි හතරක් නොකඩවා ලැබුණු බත් කාඩ් පතෙහි අවසානයද මේ උදා වන්නේ.බ්ලොගයේ තිබෙන දේවල් අම්මා දුටුවහොත් බත් කාඩ් පතෙහි පමණක් නොව ගෙදර සිටීමේ කාඩ් පතෙහිද අවසානය ළගා වනවා සිකුරුය.අහෝ !! අවුරුදු උළෙලක් නිසා මට සිදුවූ විපතක මහත !!

77 comments:

  1. හික්ස්ස්... බත් කාඩ් පත අහෝසි වුනොත්නම් මරුය!!! හික්ස්ස්... :D :D හොද වැඩේ!!

    ReplyDelete
    Replies
    1. මෙයාට තියෙන සන්තෝසේ :P

      Delete
  2. දැන් ඉතින් අවලම් කතා දාලා ඉවරයි

    ReplyDelete
  3. සංතෝසේ බැරුවා..

    ReplyDelete
  4. Replies
    1. අඩේ අප්පෙ..මෙච්චර බ්ලොග් වලින් සෙට් වෙච්ච ඔබා මාමාව එදා සෙට් උනා නේ..හි හි

      Delete
  5. තව පොඩ්ඩෙන් මටත් ඔය දේ වෙන්ට යනවා වාසනාවට මටම මීටර වෙලා එෆ් බී ප්‍රොෆයිල් එකේ තිබ්බ මගේ බ්ලොග් එකේ ලින්ක් එක අයින් කොලා

    ReplyDelete
    Replies
    1. අන්න ඒකනේ පෙර ක්‍රියාමාර්ග අරන් තියාගත්තනම් ඉවරයි මාත් :/

      Delete
  6. තව පොඩ්ඩෙන් මටත් ඔය දේ වෙන්ට යනවා වාසනාවට මටම මීටර වෙලා එෆ් බී ප්‍රොෆයිල් එකේ තිබ්බ මගේ බ්ලොග් එකේ ලින්ක් එක අයින් කොලා

    ReplyDelete
  7. අපි ඒකනෙ බ්ලොග් කියලා නොකියන්නෙ.. වෙබ්සයිට් කිව්වම ඔක්කොම හරි..

    ReplyDelete
    Replies
    1. බොරු කියන්නේ නරක ළමයි බොල :P

      Delete
  8. මගේ නම් අහුවෙලා ඉවරයි අම්මට..
    "කොයි වෙලාවේ බැලුවත් ඕකෙම නේ එල්ලිලා ඉන්නේ , උදේ ඉදන් රෑ වෙනකන්ම ඉතින් කම්පියුටර් එක තමා..කැම්පස් ගිහින් ආපු වෙලාවේ ඉදන් ඕකේ , සෙනසුරාදා / ඉරිදත් ඔකේ.මම ඒත් බැලුවා ඔච්චරම ඔකේ එල්ලිලා ඉන්නේ මොකද කියලා..පුළුවන් ඔය එක එක ඒවා ලියලා මොනවහරි කරගන්නවකො "

    අපේ අම්මා කියන්නෙත් ඔහොමමයි.. :P :P :P :D

    ReplyDelete
    Replies
    1. Welcome to the club ප්‍රාර්ථනා ! :P :P

      Delete
  9. Replies
    1. කැපිටල් නෙවයි සයුරි අක්කේ සිම්පල් වෙලා ඉන්නේ :D

      Delete
  10. තව පොඩ්ඩෙන් බඩු පැනට්ස් නේද........මදැයි ඔයින් ගියා....

    ReplyDelete
    Replies
    1. හික් හික්.. ඔව ඔව ;)

      Delete
  11. බ්ලොගියක්‌ ලියන බව ගෙදරින් දන්නව.. ඒත් කොහොමද ඒකට යන්නේ කියල දන්නේ නෑ! :D :D

    ReplyDelete
  12. අපේ අම්මත් ඔහොම්මමයි බං මගෙනුත් අහන්නෙ... :-)

    ReplyDelete
  13. මම නම් ඔය එක එක උත්සව වලට නොයමි... තියෙන බ්ලොග් කෑල්ල බේරගෙන ඒකට වී සිටිමි....

    ReplyDelete
    Replies
    1. ඒ උනාට දැක්කේ නැති කට්ටිය දැක්කම තියෙන සන්තෝසේත කියන්න බහ අනු !

      Delete
  14. යකො අම්මලට මෙහෙමත් ගින්දර දෙනවද...හික්ස්..

    ReplyDelete
    Replies
    1. හි හි....ඔන්න ඔන්න ඉතින්

      Delete
  15. විලි ලැජ්ජා සන්තෝසේ බැරුවා. අපේ එකෙකුට කෙලවෙනකොට කාටද ආඩම්බර...

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ඔන්න ඉතින් අපේ මිත්‍රයෝ... :p

      Delete
  16. හැක හැක මාත් බ්ලොගෙ ගැන කියලා හොද හොද දේවල් අහගත්තා."මොනවද ඕකෙ ලියන්නෙ? බිල යනවා වැඩි නැද්ද?....." එකී මෙකී නොකී ප්‍රශ්න ගොඩයි....:D

    ReplyDelete
    Replies
    1. බලාගෙන යනකොට හැමෝටම එකම දේ වගේ නේ වෙලා තියෙන්නේ ;) ;)

      Delete
  17. Hale ape ammath ohomayi. Thawa podden matath oya wadema wenawa. Honda welawata amma blog eka dakke na..... :) :)

    ~~~**Daga Malla**~~~

    ReplyDelete
    Replies
    1. හිකිස්‌ අනේ දග මල්ලගේ බ්ලොග් එකත් ළගදීම මාට්ටු වේවා !!! :P

      Delete
  18. වෙන බොරුවක් කිව්වා නම් හොඳයි වගේද ...... ;)

    ReplyDelete
    Replies
    1. අවුලකුත් නෑ බන්..මොකෝ ඉතින් හංගන් ඉන්නද :)

      Delete
  19. කියන්න තිබුනේ "මගේ තරහා කාරයෙක් මගේ නමින් ඉන්ටර්නෙට් එකේ මොනවද වැල් වටාරම් ටිකක් ලියලා. අද උන්ගේ අවුරුදු උත්සවයක් තියෙනව. එතන්ට යන්නේ ඌ කවුද කියල හරියට බලා ගන්න". කියල

    ReplyDelete
    Replies
    1. මගේ අම්මත් ඔහොම තමයි කියන්නේ. ඒ උනාට බ්ලොග් ගැන හොදට දන්නවා.

      Delete
    2. බුදූ අම්බෝ..මෙන්න බොරු කියන්න උගන්නනෝ... :P
      අඩේ සිරාවට ඒක මරු කතාව තමා..

      Delete
  20. ඕව ගැන කියන්න එපා අම්මල තාත්තට. ‍තේරුම් කරන්න අමාරුයිනේ.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත රාජ් අයියා..මාත් ඒකයි වැඩිය කිව්වේ නැත්තේ :)

      Delete
  21. කවුද අවුරුදු උත්සව වලට යන්නේ. අපි නම් ගියේ ක්ලාස් :P

    ReplyDelete
    Replies
    1. අපෝ මුන් ඇවිල්ලා තියෙන්නෙත් බොරු කියලා..කොටියෝම කාපල්ලා :P

      Delete
  22. හික්ස්... බත් කෝප්පයත් නැති වෙන තැන!!

    ReplyDelete
  23. හික්ස්....... බත් කෝප්පෙත් නැතිවෙන තැන!!
    එත් දිගටම ලියමු හරිය!

    ReplyDelete
    Replies
    1. හි හි..අවුලක් නෑ..ලියන එක දිගටම කරනවා :))

      Delete
  24. අයියෝ සල්ලි මගේ අම්මත් ඕක දැනගත්තොත් මටත් ඔය ටිකම වේද මන්දා

    ReplyDelete
  25. හැක හැක හැක හොඳ වැඩේ :පි

    ReplyDelete
  26. අපටනං ඔය වගේ ප්‍රශ්න නෑනෙ. අපේ අම්මට නම් ඕවගෙ වගේ වගක් නෑ.

    ReplyDelete
  27. මට නම් එහෙම ප්‍රශ්නයක් නැත් අහන්නේ ඕකට දාගන්න වෙන නමක් තිබුනේම නැද්ද කියලා විතරයි.. බැන්ක් එකෙත් ඕක බලන්න ගිහින් දැන් හැමෝම වගේ කතා කරන්නේ දේව් කියලා....

    අපි හරි ලකි අෆ්ෆා

    ReplyDelete
  28. මං දන්නෙ නෑ ඔයාගෙ බ්ලොග් එක හොඳද නැද්ද කියල ඒත් ඔය ඉන්න
    වැඩක් නැති විකාර බ්ලොග් ලියන හැමෝටම ඔහොම වෙනව නම් හොඳයි,
    මොකද ගොඩක් බ්ලොග් වල ගන්ට දෙයක් නෑ,
    ජැක් ගහන එක ගැන, ජංගි ගැන, වල් ජෝක්ස් ඕවා තමා තියන්නෙ.
    මෙලෝ රහක් නෑ,
    එකම සෙට් එකක් කමෙන්ට් කරන නිසා හැමදාම බයිලා ගැහුවත් එපා වෙන්නෙ නැතුව ලියනව සමහරු.
    පව් මේ මෝඩ බ්ලොග් ලියන අය.
    අවුරුද්දකට සැරයක් සෙට් වෙලත් නිකං හිස් වැඩ ටිකක් කරල සල්ලි නාස්ති කරල බොරුවට පොර වෙලා වැඩක් නැති වැඩ කරනව.

    ReplyDelete
    Replies
    1. mama obath 1ka akagai..
      wadakata nathi aunta hodai

      Delete
    2. බ්ලොග් එහෙක ලියන්නේ තමන් කැමති දේවල් මිසක් වෙන අය කැමති දේවල් නෙවයි නේ ඇනෝ..අනිත් එක අපි කවුරුවත් කාගේවත් බ්ලොග්වලට බලෙන් එන්න කියලා කියන්නෙත් නෑ නේද ඇනෝ..
      තමන්ට කැමති නම් ඔය ( ඇනෝලා කියලා තියෙන 'විකාර' දේවල් තියෙන බ්ලොග් වලට ) යන්න පුළුවන් අකමැති නම් යන්නේ නැතිව ඉන්න පුලුවන්..තම තමන්ගේ කැමැත්ත ඒක..

      "පව් මේ මෝඩ බ්ලොග් ලියන අය.
      අවුරුද්දකට සැරයක් සෙට් වෙලත් නිකං හිස් වැඩ ටිකක් කරල සල්ලි නාස්ති කරල බොරුවට පොර වෙලා වැඩක් නැති වැඩ කරනව."

      අනේ ඉතින් මේ මෝඩ බ්ලොග් ලියන අය , කරපු වැඩ දන්නේ නැති ඔය ඇනෝලා ගැන හරි දුකයි.. !!!

      කොහොමත් ඉතින් වැඩිය අවුලක් නෑ..මොකද අපි ජිවත් වෙන්නේ ලංකාවේ නේ..වැඩක් කරන මිනිස්සුන්ට නේ 'වැඩක් නොකරන' මිනිස්සු බනින්නේ.. !!!

      Delete
  29. අම්මලා ඔක්කොම එකයි එහෙනම් බලනකොට . . . සේම් හියර්

    ReplyDelete
  30. මගේ නමි දවස් දෙකකට ආහාර සලාකය කපලා සල්ලි දුන්නේ අවුරුදු උත්සවේට එන්න

    ReplyDelete
    Replies
    1. හිකිස්‌..අඩේ උබව මීටර් නැහැ නේ ..අවුරුදු උත්සවේ හිට්යද

      Delete
  31. mee mechara deval gedarata mattu una eke me BLOG eka mokkada ban :P :P :P

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්..ඒකත් ඇත්ත තමයි... :P :P :P
      Mouth marketing :P :P

      Delete
  32. අපේ ගෙදරත් ඔය සෙතේම තමා. අපේ අම්මාත් මගේ බ්ලොග් එක කියෝනවා.

    ReplyDelete
    Replies
    1. අයියට නම් මරු මරු කමෙන්ට් හම්බු වෙනවා ඇති එහෙනම් ;)

      Delete
  33. ඇත්ත කතාව ඔයිට ටිකක් වෙනස් මයෙ හිතෙ. උබෙ කාර් උබෙ පැට්‍රෝල් පාකිං හෙම මෙහෙ බැහැ වගෙ කතාවක් තමා වෙලා තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. හැක හැක..ඔය කිව්වේ කතාවක් :P

      Delete
  34. ඊළඟ අවුරුදු උත්සවේට එද්දි මේකට කොමොන්ටු දාපු අය පෙන්නුව නම් හරි....

    ReplyDelete
    Replies
    1. අනිවා කොරන්න ඕන වැඩක්.. ;)

      Delete
  35. malli karapu pau passen pannawa kiyanne oka thama..
    oba oya anunta depu geneda koheda yako anne

    ReplyDelete
    Replies
    1. ඇනෝ ලොකු අයියේ..මම නම් කාටවත් ගිනි දීලා නැහැ නේ..වෙන එවුන් මට දුන්නට..
      නමක් ගමක් එක්කම සද්දේ දැම්මනම් තමයි හොද !

      Delete
  36. අම්ම ගැහුව කෑල්ල දාන් නැතෙයි....

    ReplyDelete
  37. එතකොට අර රට වටේම මිනිස්සුන්ට වෙඩි තිය තිය යන "සතුරාගේ අඩවිය" ගැන අම්ම දන්නෙ නැතුව වෙන්නැති....

    ReplyDelete
  38. ශික් මගෙත් බ්ලොගේ දාල තියන බීපු කතා සෙට් එකෙන් මේ දවස් වල අත්අඩංගුවට අරන් තියෙන්නේ,. හය්යෝ.. පෙර වැරදි නැතුව හිටිය මම............

    ReplyDelete
  39. මාත් මේ පැත්තේ ආවෝ...හික් හික්...ඔයින් ගියා මදැ.තව පොඩ්ඩෙන් කෑම එකටත් තට්ටු වෙනවා...:D

    ReplyDelete
  40. එච්චර එව්ව අහගෙන ඇවිත්ද උබ කෙල්ලෝ වටකරගෙන පොල් ටෝක්ස් දුන්නේ??

    ReplyDelete
  41. hitapan mama nadata kiyanna ....!!!!

    ReplyDelete

හිතට එන ඕනැ එකක් කියල යන්න... Always Be My Guest !!!!!