twitter
    කසුන්ගේ ඇස් වලින් ලෝකය දකින්න

Friday, April 20, 2012

මෙන්න ගහනෝ...!

අලුත් අවුරුද්දට පළවෙනි පෝස්ට් එක කොටන්න යන්නේ.:) හැබැයි කියන්න වෙන්නේ නම් එච්චර ලස්සන කතාවක් නෙමෙයි. කැම්පස් එකේ සෙට් එකක් ඊයේ අපේ පැත්තේ යාලුවෙක්ගෙ ගෙදර සෙට් වුනා. නුවර, පුත්තලම, කුරුණෑගල වගේ එක එක පැති වලින් 6 දෙනෙක් බයිසිකල් වලිනුයි, තව එකෙක් බස් එකෙනුයි ආව. ළඟ පාත හිටපු උන් 4 දෙනෙක් එකෙක්ගේ තී වීල් එකකින් එහෙට ගියා. මාත් ගියේ තී වීල් එකේ. උන් ටික රෑ එහෙන් කාල එහෙමම දෙනියායේ තව එකෙක්ගේ ගෙදර යන්න සෙට් කරගෙන හිටියේ. දවල් වෙනකොට අපි එහෙට ගියා. ඊට පස්සේ ඉතින් කැරම් ගහල, සළු වෙන උන් සළු වෙලා, නාල, රෑටත් කාලම තමයි ආවේ. රෑ වෙලා තව එකෙක් ආව. ඉතින් ඔක්කොම කරලා එනකොට තමයි සීන් එක ගියේ.

උන්ගේ ගෙදර තියෙන්නේ ප්‍රධාන පාරෙන් ටිකක් ඇතුලේ. දැන් අපි බයික් තුනේ 6 දෙනයි, තී වීල් එකේ 6 දෙනයි ආවේ. මම ආවේ ත්‍රී වීල් එකේ ඉස්සරහ ඩ්‍රයිවර්ගේ සීට් එකෙන් කෑල්ලක් ඉල්ලගෙන. අපි අතුරු පාර දිගේ ඇවිත් ප්‍රධාන පාරට දාන්න හදන කොට එතන ත්‍රී වීල් එකක් නවත්තලා තිබුනා. 15ක් විතර වට වෙලත් හිටියා. අපි අර ත්‍රී වීල් එක පිටිපස්සෙන් නැවැත්තුවා යන්න ඉඩ ලැබෙනකල්. තත්ත්පර ගානක් යනකොට තමයි තේරුනේ එතන රණ්ඩුවක් කියලා. ඊළඟ මොහොතේ ඒක ගුටි කෙලියක් බවට පත්වුනා. අපිව දැන් කරකවලා අත ඇරියා වගේ, කවුද ගහන්නේ කවුද ගුටිකන්නේ කියලවත් හිතා ගන්න බෑ, චට පට ගාල වදිනවා විතරයි පේන්නේ. අපි එතකොටත් ත්‍රී වීල් එක ඇතුලේමයි හිටියේ. මොකෝ අපි මැදට පැනලා නවත්තන්න කියලයැ. අපිත් කරගන්න දෙයක් නැතුව බලාගෙන හිටියා. 

එතකොටම කවුද ගෑනු කෙනෙකුයි, අවුරුදු දහ අටක විස්සක විතර කෙල්ලෙකුයි එතනට දුවගෙන ආව. අර ගෑනු කෙනා ආපු ගමන් මැදට පැනලා වලිය බේරන්න හදනවා. ඊළඟ මොහොතේ අපි දැක්කේ අර ගෑනු කෙනා විසිවෙලා ඇවිත් අපේ ත්‍රී වීල් එක ඉස්සරහ වැටෙනවා. මම නිකන් ඉබේම වගේ ත්‍රී වීල් එකෙන් එලියට පැන්නේ. ඒ මනුස්සයට අවුලක් නෑ, ඒ මනුස්සය ආයෙත් නැගිටලා වලිය මැද්දට ගියා. අපිට තේරුණ විදියට වලිය යන්නේ ත්‍රී වීල් එකකින් ආපු කට්ටියකුයි, පාර අයිනේ හිටපු කොල්ලෝ සෙට් එකකුයි අතරේ. ත්‍රී වීල් එක පාරට දාන්න හදද්දී මොකක් හරි වෙන්න ඇති. පොඩ්ඩක් ගෑවුනත් ඇතිනේ ඉතින් මරාගන්න. කොහොමහරි කොල්ලෝ සෙට් එකේ පිරිස වැඩියි. ත්‍රී වීල් එකෙන් ආපු අයට තමයි වැඩිපුර ගුටි වදින්නේ. අර ගෑනු කෙනෙයි කෙල්ලයි ත්‍රී වීල් එකෙන් ආපු අයගේ කවුරුහරි.

වැඩේ නවතින පාටකුත් නෑ. අර ගෑනු මනුස්සයත් ගේම අතාරින්නෙ නෑ, කොහොමහරි එයාගේ අයව පැත්තකට ගන්න හදන්නේ. අර කෙල්ල හිටියේ මගේ ළඟ. ඒකි හොඳටම බය වෙලා. ත්‍රී වීල් එකෙන් ආපු සෙට් එකේ දහ අටක විස්සක විතර කොල්ලෙක් හිටියා, ඌ නාහෙට අහන්නෙම නැති එකෙක්. ඌ එක පාරටම ත්‍රී වීල් එකේ තිබිලා මොකක්දෝ පොල්ලක් ගත්තා. ඊට පස්සේ ඒකෙන් අර කොල්ලෝ ටිකට ගහගෙන ගහගෙන ගියා. කොහෙන් ආවද මන්ද තවත් පොලු දෙකක් අර කොල්ලෝ සෙට් එක අතට ආව. ඒ පාර දැන් පොලු වලින් ගහගන්නේ. කොහොමහරි ත්‍රී වීල් එකෙන් ආපු අය දැන් හොඳටම ගුටි කනවා. අරුන් පොලු තුනෙන්ම මුන්ට ගහනවා. ත්‍රී වීල් එකේ ආපු අය වැඩේ අත ඇරලා පසු බැස්සා. හැබැයි අර කොල්ලෝ සෙට් එක නැවැත්තුවේ නෑ. උන් පොලු වලින් ගහගෙන ගහගෙන ගියා. අර ගෑනු මනුස්සය මැදට පැනලා අර කොල්ලන්ට පින්සෙන්ඩු වෙවී ගහන එක නවත්තන්න හදනවා. ඒත් උන් නවත්තන්නේ නෑ, ඒ ගෑනු කෙනාව බේර බේර අනිත් උන්ට ගහනවා. 

ත්‍රී වීල් එකේ ආපු අය යන්න හැදුවත් අරුන් යන්න දෙන්නේ නෑ, හොඳටම ගහනවා. අර ත්‍රී වීල් එකේ ආපු කොල්ල තමයි බේර ගන්න බැරි. ඌ ගේමටමයි යන්නේ. කොහොමහරි අර ගෑනු කෙනෙයි තව එකෙකුයි ඌව ඇදලා දාගත්තා ත්‍රී වීල් එකට. එතකොට ටිකක් විතර වැඩේ ශේප් වේගෙන ගියේ. ඌ තමයි ත්‍රී වීල් එක ගෙනත් තියෙන්නේ. ඌ ඒක ස්ටාර්ට් කරන්න හදනකොට එකෙක් ඇවිල්ල අරූව ආයෙත් එලියට ඇදලා අරගෙන ගහන්න ගත්තා. අර ගෑනු කෙනා පැනලා කොහොමහරි අරූව ආයෙත් ඇතුලට දාගත්තා. ඒත් හරි යන්නේ නෑ, ඒ පාර තව එකෙක් ත්‍රී වීල් එක ඇතුලට කකුල දාල ඌට ගහන්න ගත්තා. ඌත් නාහෙට අහන්නේ නැති එකා නේ, ඌත් එලියට බැහැලා ආයෙත් ගහනවා. ඒ වෙලාවේ නම් හොඳටම වැදුනා ඒ කොල්ලට. දැන් අර කෙල්ලත් නලියනවා, ඒකිත් මැදට පනින්න හදන්නේ. මම ඒකිට "ඔයා පැත්තකට වෙලා ඉන්න" කියල කියන්නත් ගිහින් නිකන් හිටියා.

කොහොමහරි ත්‍රී වීල් එකෙන් ආපු අය අර කොල්ලව ඇදගෙන පස්සට ආව. ඌ එන්නෙම නෑ, ගහන්නමයි යන්නේ. එතකොට අර කෙල්ලත් පැනලා අරූව පස්සට ඇදගෙන ආව. ඒ අස්සෙත් අරුන් පොලු වලින් ගහනවා. හැබැයි තව පොඩ්ඩක් එහෙ මෙහෙ වුනා නම් අර කෙල්ලටත් පොලු පාරක් වදිනවා. ඒකිට ඒ පාර වැදුනා නම් ඉතුරු වෙන්නේ නෑ. ඒකි චූටි, කෙට්ටු කෙල්ලෙක්. අරූව කොහොමහරි අපි ආපු පැත්තටම ඇදගෙන ගියා කට්ටිය එකතු වෙලා. ඊට පස්සේ බලනකොට පාර ගාව කෙනෙක් වැටිලා ඉන්නවා. අරූව ඇදගෙන ගියාට පස්සේ ඔක්කොම අර මනුස්සයට ගහලද කොහෙද. අර ගෑනු කෙනා "අනේ අයියේ" කියල කෑගහගෙන එතනට දිව්වා. අර කෙල්ලත් එතනට දිව්වා. ඔන්න එතකොට කොල්ලෝ සෙට් එක බය වෙලා ශේප් එකේ මාරු වුනා. ඒ මනුස්සයට පොලු පාරක් වැදිලා මම හිතන්නේ, සිහිය නැතුව වැටිලා ඉන්නවා. දැන් ගහගත්ත උන් එකෙක්වත් නෑ. අර වැටිච්ච මනුස්සයයි, ගෑනු කෙනයි, කෙල්ලයි, අපේ සෙට් එකයි විතරයි.

ඒ වෙලාවේ තමයි මම ආමාරුවෙන් පියවි සිහියට ආවේ. මම හැරිලා බලනකොට අපේ උන් ගල් ගැහිලා වගේ බලන් ඉන්නවා. මම එකෙක් කතා කරගෙන අර මනුස්සය ලඟට ගියා. ඌ පැන්න ගමන් අර මනුස්සයාගේ නාඩි අල්ලලා බැලුවා පන තියේද කියලා. ඒ මනුස්සය අමාරුවෙන් හුස්මත් ගන්නවා, මූ බැලුවේ පන තියේද කියලා. දැන් අර ගෑනු කෙනා කෑගහගහ එහාට මෙහාට දුවනවා. අර කෙල්ල අර මනුස්සයව බදාගෙන අඬනවා. වටපිට කවුරුවත් ඇත්තෙත් නෑ. අපේ ත්‍රී වීල් එක ගෙනාපු එකාට මම ගිහින් කිව්වා මේ මනුස්සයව හොස්පිටල් එකට අරන් යමු කියලා. ඌ කිව්වා අර මිනිස්සුන්ගේ ත්‍රී වීල් එකේම දාගෙන යමු කියලා. බයික් වල ආපු සෙට් එකේ එකෙක් හිටියා ත්‍රී වීල් ලයිසන් තියන. ඌ ටක් ගාල අර මිනිස්සුන්ගේ ත්‍රී වීල් එක ගත්තා. යතුර බිම තිබුනේ, ලෝක අමාරුවෙන් හොයා ගත්තේ. කොහෙන්හරි තව තව පිරිමි කෙනෙක් ඇවිත් හිටියා අර ත්‍රී වීල් එකේ ආපු අයගේ නෑදෑ වෙන. ඒ මනුස්සයවත් නග්ගගෙන ලෙඩත් ඇතුලට දාගත්තා. අර ගෑනු කෙනා කෑගහනවා ඉවරයක්‌ නෑ "අනේ මල්ලි අපිට උදව් කරන්න" කියලා. ත්‍රී වීල් එක පදින එකා ගම්පහ එකෙක්. ඌ පාරවල් දන්නේ නෑ. මාත් අමාරුවෙන් ඇතුලට රිංග ගත්තා. 

ඊට පස්සේ ඉක්මනට ඒ මනුස්සයව හොස්පිටල් එකට අරගෙන ගියා. වැඩි දුරක් නෑ, කි.මී. 5ක් වගේ තියෙන්නේ හොස්පිටල් එකට. යන අතරේ අර ගුටි කාපු මනුස්සය ඔලුව උස්සලා බැලුවා. කතා කලේ නම් නෑ. මොකද වුනේ කියලවත් කවුරුවත් දන්නේ නෑ. ඊට පස්සේ හොස්පිටල් එකට ගිහින් බාර දුන්නා. මායි අනිත් එකයිම ඒ මනුස්සයව රෝද පුටුවක වාඩි කරවලා අර මනුස්සය එක්ක ඇතුලට යැව්වා. ලෙඩත් එක්ක ආපු මනුස්සයට මුකුත් තේරෙන්නේ නෑ. ඒ මනුස්සය බයවෙලා ඔක්කොටම වැඩිය. "මල්ලි මම ලෙඩාව බාරදීල එනකල් පොඩ්ඩක් ඉන්න" කියල ගියේ. එතන හිටිය දොස්තර ලෙඩාගෙන් විස්තර ඇහුවා. ඒ මනුස්සය හරියට කතා කලේ නෑ. ලෙඩා බාර දෙන්න ආපු එකා පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා. ඊට පස්සේ අරූ ත්‍රී වීල් එක එළියෙන් නවත්තලා යතුර අරගෙන ආව. අපිට කරන්න පුළුවන් ටික අපි කළා නේ. තව එතන අපි හිටියා කියල වැඩකුත් නැති නිසා අපි යතුරත් අර කෙනාට දීල ආව. මම කිව්වා අර මනුස්සයට ඔලුවට පොලු පාරක් වදින්න ඇති කියලා කියන්න කියලා. අපි එනකොට ලෙඩාව රෝද පුටුවේ තියාගෙන වාට්ටුවකට අරගෙන ගියා. ලොකු අමාරුවක් නම් පෙනුනේ නෑ. වැදුන පාරට සිහි නැති වෙලා වගේ තියෙන්න ඇත්තේ. 

ඊට පස්සේ ඉතින් අපි එන්න ආව. මාව ගෙදරින් දාල අරුන් එහෙමම ගියා. ඕක තමයි සිද්ධිය. වලි නම් ඕන තරම් දැකලා තියනවා. හැබැයි ගුටිකාපු කෙනෙකුට උදව් කලේ පලවෙනි වතාවට. හිතට පොඩි සතුටකුත් දැනුනා මනුස්සයෙක් අසරණ වුන වෙලාවට උදව් කරන්න පුළුවන් වුනා නේද කියලා. මට වැඩියෙන්ම දුක අර ගෑනු කෙනා ගැන. ගේම අත ඇරියෙම නෑ. ඒ මනුස්සය හිටියේ නැත්තන් ඕක ඔහොමවත් ඉවර වෙන එකක් නෑ. 

ප.ලි. ඊයේ ලියන්න ගත්තට අද තමයි ඉවර කලේ. එතකොට මේ සිද්ධිය වුනේ පෙරේද රෑ.


37 comments:

  1. වලි ගැන නම් උවමනාවටත් වඩා මතකයන් ඇත. ගහපුවා අඩුයිද මන්දා ගුටි කාපුවා එක්ක බලද්දී.... ලොල්.. :)
    අනුන්ගේ ඒවටත් අත දානවා උඹලගෙ වයස් වලදි මලේ.. ඒ අතින් උඹලා හොදයි..

    අර මනුස්සයාගේ කට්ටිය ළග හිටපු නිසා හොදයි.. නැත්තන් උඹලට ඔච්චර ඉක්මණින් ඉස්පිරිතාලෙන් එන්න වෙන් නෑ.. ඒ වගේ කටුත් මම කාලා තියෙනවා...
    මොනා වුනත් ඒ වෙලාවේ එහෙම උදව්වක් කරපු එක ගැන මටත් උඹලා ගැන ආඩම්බරයි...

    ReplyDelete
    Replies
    1. පොඩි පොඩි ද්වන්ධ සටන් නම් ගිහින් තියනවා, ලොකු වලි නම් සෙට් වෙලාම නෑ. සෙට් වෙලා නෑ කිව්වේ ඉතින් වලි යන විදියට වැඩ කරලා නෑ.:)

      ඔව් අයියේ මට ඒක මතක් වුනා ඒ වෙලාවේ, ඒ මනුස්සයාගේ නෑදෑයෙක් හිටපු නිසා බයක් තිබුනේ නෑ.

      Delete
  2. එච්චර දෙයක් වෙනකම් බලන් හිටියෙ යකෝ... කොල්ලො 12 දෙනෙක් ඉඳල ඕක බේරන්න බැරි වුනාද?...

    ReplyDelete
    Replies
    1. මේ ගැන සෑහෙන කතා කළා නේ අපි දෙන්න.:) හරි ඔන්න අපි චාටර්...! :D

      Delete
  3. ඔයින් ගියා මදැයි......

    ReplyDelete
    Replies
    1. ඒකනේ. අර ගෑනු මනුස්සය නැත්තන් ඔහොම ඉවර වෙන්නේ නෑ!

      Delete
  4. මම බලා හිටියෙ නරඹන්නෛ වන උඹලටත් වැදුනද කියලා. කොහොම හරි ඔයින් ගියා ඇති.

    වැඩේ හරි ට්‍රැක් එකේ ගිය නිසා හොඳයි. අර ලෙඩාගෙ අයිති කාරයා උඹලත් එක්ක නොගියනම් පු‍තෝ උඹලට පොලීසියෙත් ලගින්න වෙනවා. මොකද ලෙඩෙක් මහ රෑ (දවල් වුනත්) ලේ පෙරාගෙන හොස්පිටල් එකකට අරන් ගියොත් ඉස්සෙල්ලා පොලීසියෙ එන්ට්‍රි එකක් දාලා තියෙන්න ඕනෙ. රෝහල් පොලීසියක් තියෙනවනම් ඒකෙ. ඊට පස්සෙ හරස් ප්‍රශ්ණ වලට උත්තර දීල සමහර විට මිනී මැරීමට තැත් කිරීමේ චෝදනා වලට ලක්වෙලා තමයි ලෙඩා බාර දෙන්න වෙන්නෙ නන්නාඳුනන ලෙඩෙකුගෙ භාර කාරයා හැටියට, තමන්ගෙ ID එකේ විස්තර හෙම දීලා. ලෙඩා හදිස්සියෙ මලොත් සොරිම තමයි භාර කාරයට.

    මේක කියවලා වරදවලා තේරුම් ගන්න එපා මම කියන්නෙ උඹලා කරපු වැඩේ වැරදියි කියනවා කියලා. මම උඹලට වඩා අත්දැකීම් තියෙන බුවෙක් හැටියටයි මේ කිව්වෙ. ලංකාවෙ ක්‍රමය මිනිහෙකුට උදව් කරන්න ගිය එකාව අමාරුවෙ දාන එකක්. ඒකා කරපු කැපකිරීම අගය කරන ක්‍රමයක් නෙවෙයි. ඒ ක්‍රමයෙ වෙනසක් නම් තාම වෙලා නෑ. ඔයවගෙ කෙලි මටත් වෙලා තියෙන නිසා මේ අත්දැකීම් කතා කරන්නෙ, මම නෙවෙයි.

    අපිට කරන්න පුලුවන් තව දෙයක් තමයි අර වලිය පිටි පස්සෙන් උඹලා නවත්තාගෙන හිටපු වෙලාව වලිය දිගටම යන බව පේනවා නම් 119 ට කෝල් එකක් දෙන එක. මම හිතන්නෙ අද ලංකාවෙ ගම්බද පැතිවල පවා මේ හදිසි ඇමතුම් සේවය තියෙනවා කියලා, ඕක ෆෝන් එකේ සල්ලි නැතිවුනත්, සමහර විට සිම් එක නැතුව උනත් කරන්න පුලුවන්.

    අවසන් වතාවට, මේ බොක්ක හොඳ කොල්ලො ටිකක් හැටියව උඹලා කරපු දේ විවේචනය කරනවා නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. අනිවා අයියේ, නෑදෑයෙක් නැගපු නිසයි බය නැතුව ගියේ. නැත්තන් අර ගෑනු මනුස්සය හරි දාගෙන තමයි යන්නේ. ඔය වගේ සිද්ධි මම දෙතුන් පාරක්ම අහලා තියනවා.

      සිරාවට ඒක නම් පුදුම කරුමයක් තමයි. උදව් කරන්න ගිහින් නිකන් අමාරුවේ වැටෙනවා. මහපාරේ මිනිහෙක් මරලා දාල ගියත් උදව් කරන්න කවුරුවත් නැත්තේ ඒකනේ.

      119 සීන් එක නම් මතක් වුනෙම නෑ. අපිත් ගල් වෙලා වගේ නේ හිටියේ.

      Delete
  5. කරපු වැඩේනං විශ්ෂ්ටයි. ඒත් ඩියුඩ් කිව්ව වගේ මේ වගේ වෙලාවල් වල කල හොද පස්සෙන් එලවන අවස්ථා වැඩියි කියල කියන්නම ඕන. මදැයි උඹල ගුටිනොකා බේරුනා.

    ReplyDelete
    Replies
    1. ඔව් බං, ඒක ලංකාවේ ජරා ක්‍රමය නේ.

      Delete
  6. ඇහ්...12ඩෙනෙක් ඉඩලට් ඔයාල නිකම්ම බලන් හිටියඩ හලේ.....

    ReplyDelete
    Replies
    1. හරි අපි බය ගුල්ලෝ...:)

      Delete
  7. කරන්න පුලුවන් හොඳම දේ කරා කියල හිතෙනව.....ගමේ කොල්ලො ටිකක් නම් කොහෙන් කොහෙන් තව මතු වවිද දන්නෙ නෑ ඔයාල අතදාන්න ගියා නම්.....

    ReplyDelete
    Replies
    1. අනිවා බං, ඒක වලි වලට බොහොම ප්‍රසිද්ධ පලාතක්‌. වලිය ඇදුනා නම් තව කොහෙන් කොහෙන් ඒවිද දන්නේ නෑ.

      Delete
  8. ඔයාල මැදට පැනලා බේරගන්න තිබුනානේ. මට මැවිලා පේනවා මෙයාලා 12 දෙනා ගල් ඉබ්බෝ වගේ බලාගෙන ඉන්න විදිය. මහිම අයියාත් සුවර් එකටම ඉන්න ඇති...

    ඒ කොහොම වෙතත් පස්සේ කරලා තියෙන්නේ හොඳ වැඩක්. :)

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්ස්..ගල් ඉබ්බො වගේ...:D

      Delete
    2. හරි හරි අපි ගල් ඉබ්බෝ...! :)

      මහිම හිටියේ නෑ, කැම්පස් එකේ සෙට් එකක් නේ ආවේ.

      Delete
  9. අවසානයේ කරලා තියෙන්නෙ හොද වැඩක්..

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ මුලින් කරපු වැඩේ වැරදියි නේද. හ්ම්ම්! :)

      Delete
  10. අසරණ වෙච්ච වෙලාවක කෙනෙක්ට උදව් කරන එකනම් ලොකු පිනක්.. අන්තිමේදි හරි හොද දෙයක් කරපු එක වටිනවා!! ගල් ඉබ්බො ටික :p

    ReplyDelete
    Replies
    1. ඔයා කියන්නෙත් දිනේෂ් අයිය කියපු අදහසමයි නේද. හරි! :)

      Delete
  11. හෆොයි වලි.. :(
    උදව් කල එක ගැනනම් සතුටුයි මලේ... :)

    ReplyDelete
    Replies
    1. බේරගන්න නොගිය එක ගැන අසතුටුයි නේද අක්කේ? ;)

      Delete
  12. හප්පට සිරි...පුදුම වැඩ තමයි අප්පා මෙයලටත් වෙන්නේ...
    වැඩේ ගොඩින් බේරගත්ත ඒක හොඳයි..නැත්නම් ඔයගොල්ලෝ ඇතැ දැම්ම නම් වලිය කොහෙන් නවතියිද දන්නේ නෑ..
    අන්තිමට උදවු කරපු එකත් හොඳයි..
    පරිස්සමෙන්!!!

    ReplyDelete
    Replies
    1. "ඔයගොල්ලෝ ඇතැ දැම්ම නම් වලිය කොහෙන් නවතියිද දන්නේ නෑ.."

      ඔන්න ඔය කතන්දරේ මෙතන ගොඩක් දෙනෙකුට නොතේරුන එකයි ප්‍රශ්නේ බං.

      Delete
  13. පැන්න ගමන් නෙලන්න තිබ්බා උඹලටත් හතර අතේ .. කාගෙද කින්ද මන්ද කියලා හොයන්නේ නැතුව කාගෙවත් පැත්තක් ගන්නේ නැතුව අපක්‍ෂපාතීව දෙපිරිසටම නෙලන්න තිබ්බා

    ReplyDelete
    Replies
    1. මට හොඳටම හිනා ගියා සදරූ මල්ලිගේ කමෙන්ට් එකට . මොකද සදරූට මේක උනානම් අනිවා ඒක තමා කරන්නේ . :D

      Delete
    2. වැඩක් නෑ සඳරුවො කියල...

      Delete
    3. @සඳරු
      :D :D ඒක නම් සිරා කතාව බං. ඇත්ත එහෙම තමයි කරන්න තිබුනේ.:P

      Delete
    4. @Gimhani
      අනිවා අක්කේ, සඳරුවා ඕක තමයි කරන්නේ.:D

      @සාතන්
      හ්ම්ම්, අර වැඩේ කරමු අයියේ. අත ගලක් උලා ගන්න.:D :P

      Delete
  14. හෙහ් හෙහ් පස්ට......
    හොද ළමයි....එහෙම තමා ඉන්න ඕනා.

    ReplyDelete
  15. උඹල අවසාන වශයෙන් හරි ඒ මිනිස්සුන්ට උදව් කරපු එක හොඳයි.
    හැකියාවක් තිබුනානම් ප්‍රශ්නේ දුරදිග යන්න කලින් බේරන්න තිබ්බනම් තමා වඩාත්ම හොඳ,
    ඒත් ඉතින් නොදන්න පලාතක වළි බේරන්න ගිහින් ඉල්ලගෙන කන්න වෙයිද කියල කියන්නත් බැහැනේ.
    ජය...!

    ReplyDelete
    Replies
    1. බේරන්න තිබුනා නම් හොඳයි බං. ඒත් බේරන්න ගිහින් ඊට වඩා වලියක් යන්නත් තිබුනා.

      Delete
  16. අපෝ ඔයාල ඔය වලිය බේරන්න නොගිය එක නම් හොදයි කියලයි මට හිතෙනේ. කොහෙවත් තියන ප්‍රශනයක් විසදන්න ගිහින් අන්තිමේදී නිකන් ඔයාල වැරදි කාරයෝ වෙන්න තිබ්බා එහෙනම්. අන්තිමට පැත්තක ඉදපු අයනේ මේ ලනක්වේ විදියට අන්තිමට වැරදිකාරයො වෙන්නේ නිකන්..මැරෙන්න ගිය මනුස්සෙයෙක් පන් ඇද ඇද හිටියත් පත්තවත් බලන්නේ නැති කාලයක්නෙ මේක.කරපු පින් අතේ වැඩේ නම් ඇත්තටම හොදයි..:)

    ReplyDelete
    Replies
    1. ඒ නිසාම තමයි හිරූ අත දැම්මේ නැත්තේ. ඒත් ගොඩක් දෙනෙකුට ඒක තේරෙන්නේ නැත්තේ මොකද කියන එකයි ප්‍රශ්නේ.

      Delete
  17. ඇති යාන්තන්... ඔයින් ගියා !!!

    ReplyDelete

හිතට එකඟව කියන්න දෙයක් තියනවා නම් කියලම යන්න.