Friday, April 13, 2012

බැංකු , අලුත් අවුරුද්ද සහ වෙනත් කතා

ඉස්සර බැංකු අව්රුද්දට වසා තිබුණි. දැන් ගනු දෙනු සඳහා ඒ අයාතන අලුත් අවුරුද්ද උදා වී ගනුදෙනු කිරිමේ වේලාවට විවෘතය. එක අතකට මෙය හොඳය අවුරුද්දට කලින් ATM මැෂින් වලින් ගත් තමා ඉපයූ සල්ලි මිටි ටික දවස් දෙක තුනක් තමුන් ලඟ තබා ගැනිම වාසනා ගුනයක් යැයි සිතේ.තව අතකට අවුරුද්දක් පමණක් පාවිච්ච කල හැකි ඔරලෝසුව මාරු කරගන්නා දිනයයි. අවුරුදු සහ බැංකු එතනින් ඉවරය.

වෙනත් කතාව නම් මගේ මොළ ගෙඩියට කම්පනා වූ අමු පට්ට සිතුවිල්ලකි. බැංකු නඩත්තු කරන්නේ අපිය. සල්ලි දමන්නේ අපිය. ඉතින් අපිට ඒවහි තිරණ වලට බලපෑම් කරන්නට නොහැක්කේ මන්ද. එක එක කාලවල් වලට එක එක වැඩ සඳහා බැංකු අනුග්‍රහකත්වය දක්වයි. දෙයියනේ මේවා කෝටි ගනං සල්ලිය. අපිට තුට්ටු දෙකේ පොළියක් දී නිකරුනේ සල්ලි නාස්ති කරයි. අපේ සල්ලි වලින් උන්ට ඕන තිරණ ගනියි. මං අහන්නේ නිකමටවත් අපිට යෝජනවාක් ඉදිරිපත් කරන්නට බැරිද? අඩු තරමේ අපේ දෙයකට ස්පොන්සර් සිප් එකක් ගන්නට බැරිද. අපේ සල්ලි ටික උන් ලඟ දමා උන්ට ඕනා දේවල් වලට ඒවා වියදම් කරන හැටි අපි දැක බලා (දුක්) සතුටු වෙමු. හැමදාම මේවා බලා සිටය හැකිද. අපේ අයිතිය අපි ලබාගන්නේ කෙසේද?

අදම බැංකුවෙන් සල්ලිට ටික උස්සන් එන්න හිතෙන්නේ මේ විටය. කරුමයක මහත වෙන එකෙක් මට උඩින් සල්ලි දමා ඇත. ඉතින් මගේ සල්ලි ගැනීමට උගේ සල්ලි ඉවත් කර ගතයුතුය. ඌව දැනුවත් කර සල්ලි ටික ගන්නා ලෙස බොහෝ දැනුවත් කළ යුතුය. ඒ සඳහා ලීෆ්ලට් ගැසිය යුතුය පොස්ටර් දෙක තුනක් ඇලවිය යුතුය. ඊට අමතරව අතුරුදහන් වීමට එකෙකුද සෙවිය යුතුය. ඇත්තටම බැංකුවට බලපෑම් කල නොහැකිද? නිකමට හරි අපි සල්ලි දැම්මේ නැත්නම් උන්ට හුලං බව උන් දැන ගතයුතුය. ඊටත් වඩා මේ බැංකු බොහොමයක් ණය දෙන්නේ තඩි පොලු කාරයින්ටය, අපිට ණයක් ගැනිමට දහසක් තැන් වල අත්සන් කර තව අඳුනන එවුන්ගේද සාක්ෂි දිය යුතුයි. ඉතින් දෙයියනේ අපි දාන සල්ලි වලට මුන් හොඳ පොළියක්වත් නොදෙන එකේ අපේ තිරණ ඒක ඇතුලට දාලා බලන්නට චෑන්ස් එකක් ඇත්තේම නැද්ද?

ලබන්නා වූ අවුරුද්දේවත් මේකට ක්‍රමයක් සොයා ගත යුතුය. අලුත් අවුරුද්දට කලින් මේ ලිපිය දැම්මේ නව අවුරුද්දේවත් හරවත් දෙයික් ලිවීමට ඇස්වහ කටවහ ටික පුච්චා දැමිමටය.

හැමෝටම අපේ යටත ගත හැකි බැංකු දිනයක් උදාවේවායි පතමි

වැප්


11 comments:

  1. හැම මගුලම අපට අයිති, ඒත් එකක්වත් අපිට පාලනය කරන්න බැරි දේවල්නෙ තියෙන්නෙ. අපිව පත්කරන ජනාධිපතිගෙ ඉදල පහලම ආයතනය-පුද්ගලයා දක්වා බලපෑම් කිරිමේ හැකියාව අපෙන් ගිලිහිලා.

    බැංකුවෙ තියන සල්ලි තැන්පත් කරුවන් එකසැරේ ඉල්ලපු වෙලාවට බැංකුව කඩා වැටෙනව(දඩුවම් මුදලාලිට,සෙලාන් බැංකුවට උනා වගේ).

    ReplyDelete
  2. ගොඩක් රා‍ජ්‍ය ආයතන වලත් එහෙම තමයි! ඒ මිනිස්සු පඩි ගන්නේ ජීවත් වෙන්නෙ අහිංසක මිනිස්සුන්ගේ බදු මුදල් වලින්! අන්තිමට රැස්පොට් දාන්නෙත් ඒ මිනිස්සුන්ටමයි! ලංකාවේ මිනිස්සු ඕවා තේරුම් ගන්නකොට බැරියැයි!

    ReplyDelete
  3. ඕක මොකක්ද බන් අපේ චන්දේ අරන් අපිව නියෝජනය කරන්න යන උන් නියෝජනය කරන්නේ අපිද...? බැන්කුවේ දැම්මයින් පස්සේ ඒ සල්ලි අපෙ නෙමේ බැන්කුවේ. බැන්කු පොත අපේ....

    ReplyDelete
  4. පුද්ගලික බැංකු වල රැස්පොට් දාන්නෙ නීති කියන වචනෙ ඉස්සරහට දාගෙන.අනික ඒවායෙ හැම පොඩි දේකටම අය කිරීම් කරනව.ඉතින් උන්ට ගේමක් නෑ..ඉබේම ගණුදෙනුකාරය ctrl වෙනවා.අනිත් අතට රාජ්‍ය බැංකු වලට ආන්ඩුවෙ ෆඩි,පැන්සොන්,අනිත් දීමනා ගෙව්ව කියල ලැබෙන දෙයක් නෑ.මොකද බැංකුවක ආදායමින් 80% කට වග කියන්නෙ 20% පමණ වූ ගණුදෙනු කාරයො.ඒ හින්ද අර සියට 80% විතර වුනු සාමාන්‍ය අෆි වගෙ එවුන්ව private Banks ගනන් ගන්නෙ නෑ.උන් ටාගට් කරන්නෙ අර 20%.නමුත් රජයෙ බැං කුවල ඕක කොරන්න බෑ...හී හී..

    ReplyDelete
  5. ආආආහ් බැංකු!! මේ සුභ දවසෙ කතා කල යුතු දෙයක්ද? ඒක නෙවයි වැප්නි සාන්ත තුමා, අවුරුද්දකට පෝස්ට් කීයක් විතර දානවද මේකෙ?
    henryblogwalker the Dude

    ReplyDelete
  6. @ඩියුඩ් - මේ අවුරුද්දට තාම එකක්වත් දැම්මේ නැහැ :DDD

    ReplyDelete
  7. බැන්කුනම් මොනවද වැප් අයියා .. අපිට වැදලා අපිව ලෙව කාල අපෙන් චන්දෙ අරන් යන උන් , චන්දෙන් දින්නට පස්සේ කරන්නෙත් අපිට ඕන එක නෙවෙයිනේ ... ගණන් ගන්න එපා .. ඕව ඔහොම තමා..

    සුභ අළුත් අවුරුද්දක් වේවා!!!

    ReplyDelete
  8. සල්ලි තැන්පත් කරන අයට බැංකු අයති නෑ. ඒවා අයිති කොටස් කරුවන්ටයි. ගන්න කොටස්.

    බැංකුකාරයෝ නං කොහොමටත් මහ අමාරුකාරයෝ...!!!

    ReplyDelete
  9. ඒ උනාට බන් අපි බැංකුවේ කීයක් හරි දාන්න ඕනා අවුරුද්දට,ඇයි බන් අපිට උන් කුඩික්කි,කුඩ එහෙම දෙන්නේ

    ReplyDelete
  10. ඈ බං..අර ය‍ට උන ගොඩේ සෑහෙන්න තියේද..? ඕනනං අපි අන්නං ස‍පෝට් එකට අර උඩින් දාපු එකාගේ ටික සවල් ගහලා අහක් කරලා උඹේ ටික උඩ‍ට ගන්න උදව් වෙන්න...

    ReplyDelete
  11. හෙහ්.. ඉන්නව නේ... මං උන්නෙ නෑ කියල ;)

    සල්ලි කොහෙද බං අපිට අයිති. අපිට අයිති නං අපිට තියාගන්න පුළුවන් වෙන්න එපැයි. මාසෙ පඩිය එක සතියක් තියාගන්න පුළුවන්ද බලපන්. බෑනෙ.. ඉතිං බැංකු ගැන මොන කතාද. මං නං ලොකුවැයි මුටියක් ගත්ත මුට්ටිකාසි එකතුකරන්න.

    ReplyDelete

හික්කඩුව Sailors' Bay - Hikkaduwa - කොරෝනා

   කොවිඩ් ඇවිත් අවුරුද්දකටත් වැඩියි. ට්‍රිප් නොගිහින් අවුරුදු දෙකකටත් වැඩියි. ඔක්කොමත් හරි බ්ලොග් ඒකට පෝසට් ඒකක් අන්තිමට දාලා තියෙන්නේ 2019....