Sunday, March 25, 2012

ජිනීවා තර්ජනේ...

එල්ටීටීඊ මරුවෝ රැළ
සුදු මහත්හොරුංගෙ
කීකරු බළල් රැළ
උන්නැහෙලා එපයි කියද්දිත්
මරා දැම්මාම
අහන්නත් දෙයක් යැ
(මහත්තුරුංට උණත්) කේන්ති යන එක?

"ලෝක"පාලන සංවිදානෙත් ඉතිං
උන්නැහෙලගෙම එකක් නෙව
ලිබියාවත් දැං ඔය
කීකරු විදියට ඉන්නෙ.
තව චන්ද ටිකක්
එක්කහු කොර ගන්න බැරියැ
ඔය විදියටම? හැහ්!
අම්මප අපේ සම"හරක්"ටත් ඕනැ
රූකඩ වෙලා නැටවෙන්න වෙන්ටැ

ඇල්ටීටීඊ ද ඇල්ඇල්ආර්සී ද
මොක උණත් බොලවු
මේ රටේ කොරන මගුලක්
කොරන්ට ඕනැ මහජන කැමැත්තට මිස
අද්වකාත් උන්නැහෙලගෙ
ආසාවට නෙවෙයි ඕං...

14 comments:

  1. LLRC දාන්න මහජන කැමැත්ත ඇහුවේ නැත්නම් , යෝජනා ක්‍රියාත්මක කරන්න මහජන කැමැත්තක් මොකටද ?

    ReplyDelete
  2. ලූලාMarch 25, 2012

    යුද්ද කලේ මහජනතාවගෙන් අහලාද?
    ඇල් ඇල් ආර් සී පත් කලේ මහ ජනතාවගෙන් අහලාද?
    ඇල් ඇල් ආර් සී එකේ ලොක්කා කවුද? එයා වගකිව්වේ කොයි උත්තමයාටද?

    ReplyDelete
  3. මහජන කැමැත්ත ඕනැ වෙන්නෙ මහජනතාවට බලපාන තත්වෙට (නීතියට වියවස්තාවට) යමක් ගේනකොට. රටේ අර ප්‍රශ්නෙටයි මේ ප්‍රශ්නෙටයි කොමිසං නං කීයක් දාල ඇත්ද? එව්වයෙං යං කිසි දෙයක් ගත්ත නං ඒක ක්‍රියාත්මක වෙන කොටයි මහජන කැමැත්ත ඕනැ වෙන්නෙ.

    ඇල්ඇල්ආර්සී එකට පුළුවං ඕනැ මගුලක් යෝජනා කරන්න. ඒ උදවියගෙ යෝජනා හරිද බලන්න වෙන්නෙ ජනතාවගෙ මතයත් එක්ක සසඳල බලල. එහෙම නැතුව 10 දෙනෙකුට ඕනැ විදියට මගුල් යෝජනා කොරන්ට හරියන්නෙ නෑ.

    ඒ නිසා ඔය ප්‍රශ්නය පදනමක් නැති කතාවක්.

    ReplyDelete
    Replies
    1. මහ ජනතාවගේ නියෝජිතයො තමයි 225ක් පත් කරල යවල තියෙන්නේ , එතනින් 2/3 අරගෙන ව්‍යවස්ථාවට ඕනි සංශෝධනයක් කරන්න බැරි කමක් නෑ , උගත් පාඩම් කොමිසමක් දාන එකේ අර්ථය මොකක් හරි පාඩමක් ඉගන ගන්න තියනවාය කියල ජනතාව පත්කරපු රජය තීරණය කරන නිසානේ , ඉතින් ඒ ජනතා නියෝජිතයින්ට අදාල යෝජනා ක්‍රියාත්මක කරන්න බැරි කමක් නෑ , අනික ඔය කාරණේදි විපක්ෂයත් සහය දෙන්න සුදානම්

      Delete
  4. මෙතැන තිබෙන ප්‍රශ්නෙ රෙෆරන්ඩම් එකකින් විසදගන්න අමාරුයි නේද? බුවයි ලූලයි කියූ දේ හරි. මෙයාලගේ අරමුණ අවංක නැහැ. කළයුතු දේ නොකර බයිලා ගහනවා. කළ යුතුව තිබුනේ අවංකව ප්‍රශෙනෙ විසදීමට ඕනෙකමක් ඇති කර ගැනීම. ලෝකෙ නටන හැටි අපිට වැඩක් නැහැ. අපි හරි වුනා නම් ඔය කාටවත් මුකුත් කරන්න බැහැ. අනික දෙමල මිනිහට ප්‍රශ්න තියනවා. ඒ ප්‍රශ්නම අපිටත් තියනවා. අපි දෙගොල්ලොම ඉන්නෙ ප්‍රශ්න ගොඩක් මැද. පාලකයන්ට ඒවා විසදීමට කිසිම වුවමනාවක් පෙන්නේ නැහැ. ඒ නිසා ජාතීන් වශයෙන් නැතුව අපි කවුරුත් එකට එකතු වෙලා හිතන්න ඕනෙ. එතකොට ලෝකෙත් තේරුම ගනීවි. තව දෙයක් මේ වගේ ලෝක පාලන සමුළු වලට යවන්න ඕනෙ රට ගැන හැගීමක් තිබෙන උගත් මහත්වරු, මෙහෙම හොර යක්කු බඩු කාරයෝ යැව්වම මෙයිට වඩා දෙයක් නිවී නැවතුනා මදෑ.

    ReplyDelete
  5. 18 වැනි සංශෝදනය ගෙනල්ල ජනාධිපති දුර කාලයේ සීමා ඉවත් කරගන්න විට මහජන මතය විමසුවාද?නීතිපති දෙපාර්තමේන්තුවේ බලය ජනාධිපති අතට ගැනීම සඳහා මහජන මතය විමසුවාද?කෙහෙල් ගෙඩි තනියෙන් කනවා, ලෙලි විසිකරන්න ඕන ජනතාව.

    ReplyDelete
  6. තුනෙන් දෙකෙන් පුළුවං උනත් වැදගත් දේවල් ජනමත විචාරණයකට යන්න බාධාවක් නෑ මං දන්න විදියට. එහෙම කළාම තුනෙන් දෙකට වඩා විශ්වාසයි. මොකද මේක රටට රටේ අනාගතේට වැදගත් කාරණයක්.(ඔය කට්ටිය ගැන විශ්වාසයක් තියන්න හොඳ නෑ කිසිම වැදගත් ප්‍රශ්නෙකදි !)

    අපි මොන වැඩේ කළත් ජිනීවා එකේදි ප්‍රශ්නයක් ඇති වෙන්නෙ අපි සුද්දොන්ට ඕන විදියට යුද්දෙ නොකළ හින්දා මිසක් වෙන මගුලක් හින්ද නෙවෙයි. සුද්දොන්ට දෙමළ ජනතාව ගැනවත් සිංහල ජනතාව ගැනවත් ඇති කරුණාවක් නිසා මෙච්චර මහන්සි වෙනවය කියල කවුරුවත් හිතන්නෙ නෑ මයෙ හිතේ. හෙහ්. මේක දෙක දෙකක් විදියට තේරුම් ගන්නෙ නැතුව අපි අයිත් සුද්දංගෙ උවමනාවල් ඉෂ්ටකරන්න යන එක තේරුමක් ඇති වැඩක් නෙවෙයි.

    අනික මේ රටේ මිනිස්සුන්ට ප්‍රශ්න තිබුණෙ අද ඊයෙ නෙවෙයිනෙ? දැං යූඇන් එක හදල තියන්නෙ ඒ ඒ රටවල් ඇතුලෙ දේසපාලන පුරස්න විසඳන්න උදවු කොරන්නද? කවදා ඉඳන්ද ඒ?

    රටේ ප්‍රශ්න විසඳෙන හෝ නොකරන එකයි ඊනියා මානව හිමිකම් ප්‍රශ්නයක් විසඳන එකයි පටලවා ගන්නෙ නැතුව වැඩේට බහින්න කියල තමයි මට කියන්න තියන්නෙ.

    ReplyDelete
  7. රෙෆරන්ඩම් එකක් තියන්නේ මැජෝරිටි එක හිංගල නිසානේ ඒක ඉතින් ජීවීතේට හරි යන්නේ නෑ. මම නම් ඔය බල බෙදිල්ලට කොහොමත් කැමති නෑ. නමුත් ඒ ප්‍රදේශ්ය කොන්කිරීම නම් හෙළා දකිනවා. ඔතනදි දෙමළ අයගෙත් ප්‍රශ්ණයක් තියෙනවා. එයාලත් කෝටි ගනන් වියදම් කරලා කොළඹබින්ම ගෙවල් අරන් මෙහේ බිස්නස් නොකර එයාලා කියන විදියට එයාලගේ නිජ භූමීයට ගිහිල්ලා ඒ පැත්තේ සැටල් උනා නම් ඉවරනේ. ඩයස්පෝරවනම් ගේම අත අරින එකක් නෑ. හිඟන්නගේ තුවාලේ වගේ උන්ට පිට රට ඉන්න නම් මේ ඩ්‍රාමා එක දිගටම ගෙනියන්න ඕන නේ.

    ReplyDelete
  8. මම කලින් වතාවකත් කිවුවා වගේ ඔය පළාත්වලටත් සංවර්ධනේ කරන්න ඕනැ. ඔය තියන තරං හැම එකම ගම් පළාතෙ ගිහින් ඉන්දන එක වෙනුවට තව රටේ තියන දුෂ්කර පළාත්වලටත් තම තමුංගෙ ක්‍රමේකට වැඩකටයුතු කරගන්න පහසුකං සලසන එකයි කරන්ඩ තියන්නෙ. (දැං තියන ක්‍රමේට ගමේ පාරක වලවල් ටිකක් වහගන්නත් හෙන ගේමක් දෙන්න ඕනැ නේද?) එතකොට මිනිස්සු දෙයියනේ කියල ජීවත් වේවිනෙ. නමුත් මෙතන කට්ටිය සෙට්වෙන්නෙ නං වෙන පොල් පැළේකට වැඩක් දෙන්න කියන එක තමා මට පේන්නෙ.

    ReplyDelete
  9. ජනමත විචාරණයකට යමු කියන්නේ සිංහලයාගේ විසඳුමක් දෙමළුන්ට දෙන්න නේද? ඕක අනික් පැත්තට උනා නම් මොකද කියන්නෙ මහත්තයා?

    ReplyDelete
  10. අනිත් පැත්තට උනා කියන්නෙ සිංහල සුළුතරය වෙලා දෙමළ බහුතරය වුණා නම්ද? තාම එහෙම වෙලා නෑනෙ. උනාම බලමුකො එතකොට කරන වැඩේ. (නේද මහත්තයෝ :)

    ReplyDelete
  11. නෑ. ඕන නම් කියන්න පුළුවං ජනමත විචාරණයකට යන්න ඕනැ දෙමළ ජාතිවාදීන්ගෙ සහ ඔවුන්ගේ ගජමිතුරු රැලගෙ ඊනියා විසඳුම් සිංහල ජනතාව මත පටවන එක වලක්වන්න කියල. ඒක තවදුරටත් ප්‍රජාතන්ත්‍රවාදයට සහ ජනතා පරමාදිපත්තයට (අප්ප ඒක කියාගන්නත් බැරුවා !) එකඟයි කියල පෙන්වල දෙන්නත් පුළුවං.

    ReplyDelete
  12. කොටි පරදපු යුද්ධයට, ඉන්දියාව වගේම එක්සත් ජනපදයත් අපට උදව් කළා කියන මතය ගැන ඔබ මොකද කියන්නේ?

    මට හිතෙන්නේ ඒ කතාවේ සත්‍යයතාවක් තියෙනව කියලයි.

    LLRC යෝජනා ක්‍රියාත්මක කරනවද කියල ජනමත විචාරනයක් තිබිබොත් පුද්ගලිකව මට නම් විශාල උහතෝකෝටිකයකට මුහුණ දෙන්න වෙනවා.

    ReplyDelete
  13. ජය ශ්‍රී,
    කොටි පරාද කරන්න ඉන්දියාව බාධා නොකර සිටියා යම් යම් හේතූන් මත. උදවු කළා කීමෙන් වැරදි චිත්‍රයක් මැවෙන බවයි මම හිතන්නෙ.

    ප්‍රශ්නය දිහා පුළුල්ව බලන කෙනෙක් ඇමරිකාවෙන් ලැබුණු උදවුවක් ඇතැයි විශ්වාස කරනවායයි මම හිතන්නේ නෑ. බටහිර රටවල්වලට කොටි පරාද කිරීම ගැන සතුටක් තිබෙනවා කියන්නෙ කුමන සාධක ඇතිවද? තමන් අකමැති දේශපාලන ව්‍යාපෘතියකට උදවු කරන්නේ කවුද?

    ඒ වෙනුවට අපට දකින්න ලැබුණේ අවසන් මොහොත දක්වාම කොටි නායකයන් බේරාගැනීමට විවිධ මට්ටම් වලින් බටහිරයන් විසින් කළ බලපෑම. මේ ප්‍රශ්නයේ මුල සිට අද දක්වාත් තීරණාත්මක සාධකය ඉංගිරිසිකාරයන් ඇතුලු බටහිර රටවල්. ඇමරිකානු යෝජනාව පසුපසින් තිබෙන්නේ ඔවුන්ගේ දේශපාලන ව්‍යාපෘති මිස වෙන දෙයක් නොවේ.

    ReplyDelete

අටුවා ලියන්නට පෙර කියවා බැලීමට
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

ලියන දෙයක් තේරෙන සිංහලෙන් ලිව්වොත් හොඳා. පොඩිගමයගෙ ඉංගිරිස් දැනුම අන්තිමයි. සිංහලෙන් යතුරු ලියන්න බැරි නම් පරිවර්තකේ පාවිච්චි කරන්න.

කාරණාවට අදාල පුරස්නයක් හෙම අහනවා නම් පුළුවන් තරං කෙටියෙන් අහන්න. වැල්වටාරං ලියන්න එපා.

කුණුහරුපෙන් බණින්න හිතෙනවා නම් පරිස්සමෙං ලියන්න. නිසි බලදාරිය මහත්තයා වැඩ.

කාරණේට අදාල නං මිස වෙනත් අඩවිවල දාපු ලියුම් වලට සබැඳි දාන්න එපා. තමංගෙ අඩවියට සබැඳියක් දාගන්න ඕන නම් ඉල්ලීමක් කරන්න.