Pages

2012-03-19

PHP කෙටියෙන් ලියමු.


සමහර වෙලාවට php code කරද්දි අවශ්‍ය වෙනවා HTML කෝඩ් ගොඩක් මැද variable එකක් print කරන්න විතරක් php. ඒ වෙලාවට කෝඩ් කරන්න වෙන්නේ

<?php echo $variable ?>

ඒත් ඒ වෙනුවට ඉතාමත් කෙටියෙන් මේ විදියට ලියන්න පුලුවන්

<?= $variable ?>

තවත් මේ වගේ කරන්න පුලුවන් දෙයක් තමයි if විධානය

සාමාන්‍යයෙන් if එක මගින් var නම් variable එක negative ද positive ද බලන්න ලියන්නේ මේ විදියටනේ.

echo "var is ";
if ($var < 0) {
      echo "negative";
}else {
     echo "positive";
}


මෙහිදී එක statement එකක් විතරක් තියෙන නිසා සඟල වරහන් { } නොමැතිව මේ විදියට ලියන්න පුලුවනි.

echo "var is ";
if ($var < 0)
      echo "negative";
else
     echo "positive";


තව දුරටත් කෙටි කරනවා නම් මේ විධානය පහත විදියටත් ලියන්න පුලුවනි.
echo "var is ".($var < 0 ? "negative" : "positive");

එහෙනම් කෙටියෙන් ලියමු ඉක්මණට කෝඩ් කරමු. ජයවේවා!

7 අදහස්:

  1. ගොක් ස්තූතියි..මේ ලිපිය මට ඉස්සරහට ගොඩක් වැදගත් වෙයි...කොටින්ම කියනවා නම් මට මේ ලිපිය ඒ තරමටම වැදගත්.ඒකට හේතුව. ඒක ලිව්වෙ ඔයා.. නැත්තම් මට මේකෙ තියන අකුරු ටික විතරයි තේරෙන්නෙ..

    ReplyDelete
  2. මටත් ආසයි PHP ටිකක් ඉගෙනගන්න..

    --
    හරී
    http://dreamsofharee.blogspot.com/
    --

    ReplyDelete
  3. අනේ හරී.. ඔයා හරි...

    ReplyDelete
  4. @නෙරංජි
    ඉස්සරහට වැදගත් වෙන්නේ කෝමද? ආසනම් මේව්ව උගන්නන්නම්

    @හරී
    ආසාව තියෙනවනම් එච්චරයි ඉදිරියෙදි ලියන්නම් තව

    @mydomainlk.com
    thanx

    ReplyDelete
  5. මේ ලියනවා නම් දිගටම ලියපං හරිද.. නිකං ගේම් එක බාගෙට ගහලා error එකක් ආවා වගේ කරන්න එපා!!

    ReplyDelete
  6. අහ් උඹත් කියවනවද? මං හිතුවෙ සද්ද දැම්මට කියවන්නැහැ කියලා. හිටපංකෝ ලියල පෙන්නන්න උඹට

    ReplyDelete

මෙම ලිපිය කියවනකොට හිතුණු දේවල් වලින් ටිකක් මෙතන ලියලම යන්නකෝ