Sunday, March 18, 2012

ලිහී ගිලිහී හැලුනු මුතුවක්


දිනක නුගේගොඩ නම් හන්දියක
වීදි නෙත්තියක - මිනිස් වාටියක
ඈ රැදී සිටියාය
දහවල මියයමින් යන හෝරාවක


කෙටි සායකිය සුදු - දනෙන් ඉහලින් ඇරබෙන
රතු බැනියමකිය -  උඩුකය වසා හිරවී බේරෙන
රැලි තියා සිරුවට හැඩ -  කුඩයකිය සුරත මත
නොගැලපුනා කිසි ලෙසකින් එකිනෙකට
අනෙත් අය සමගද ඒ සමව
ඈ රැදී නොරැදී සිටියාය ඔවුනතර
මදක් මඩ රැදුනා උවද
නෙලුම් පතක රැදි දිය බිදුවක් ලෙස

ගැහැනුන් ගියා බලා නොබලා ඇය දෙස
පිරිමින් මාරුවෙති සීරුවට අරපරිස්සමට
වැරදි ඇසකින් නොබලතිය ඔවුන් ඈ දෙස
හරි විදිහටද නොබලතිය ඔවුන් කිසිලෙස

වෙර නොබැන්දා ඇය ඔවුන් වෙත කිසි ලෙස
මුතු හරක ලිහී ගිලිහී හැලුනු  මුතුවක්
මවා අඩුවක්  - තනා හිඩැසක් 
වහා මතු වී කැපී පෙනෙනා බව දන්නාක මෙනි

5 comments:

  1. හැඩට වැඩට හැඳ පළඳින හිඟන්නී
    ලාබ විලවුනට දහදිය පොඟන්නී
    මග දිග රැඳෙන කිසි ගමනක් නොයන්නී
    ආලය බෙදන මුත් ආපසු නොගන්නී

    ReplyDelete
  2. මට මැවිලා පෙනුනා හැමදාම නුගේගොඩ කොහුවල කිට්ටුව කැරකෙන කෙනෙක්ව.

    ගොඩක් වෙලාවට මේ වගේ දුක්බර කතා දිහා අපි බලන්නේ වැරදි කෝණයෙන්

    ReplyDelete
  3. "වෙර නොබැන්දා ඇය ඔවුන් වෙත කිසි ලෙස
    මුතු හරක ලිහී ගිලිහී හැලුනු මුතුවක්
    මවා අඩුවක් - තනා හිඩැසක්
    වහා මතු වී කැපී පෙනෙනා බව දන්නාක මෙනි"

    එහෙම වෙනව නම් කොච්චර හොඳද?

    ReplyDelete
  4. මගේ කවිය මගේ බ්ලොග් එකේ දාන්නම් සුසන්ත. ඔයාට ලින්ක් එකක් එක්ක.

    ReplyDelete