3.16.2012

බස් කතා....


අර කෝස් මේ කෝස් කර කර හිටපු කාලේ ප‍්‍රැක්ටිකල් වලට එක එක සයිට් වලට වාර්ථා කරන්න ඔනේ කාලයක් ඒක.. සෙට් එක සතියක් මේ සයිට් එකේ හිටියොත් ලබන සතියෙ තව එකකට යන්නත් ඉඩ තියෙනවා... එහෙම උණාම සින්නෙක් හරි කවුරු හරි එකෙක්ව එක්ක ගිහින් තැන පෙන්නලා එනිත් එවුන්වත් එක්ක හෙට ඉඳන් එන්න කියන එක තමයි සිරිත...
අපේ කරුමෙට පාර බලාගෙන එන්න ගියේ පොයියා.. මේකත් එක්ක ගිහින් රාජගිරියෙ ඉන්නවා ඌ අපිට නගින්න ඕනෙ බස් එක පෙන්නනකල්.. ඉන්නවා ඉන්නවා "බස් කමිං නෝ කලර්..." 
බැරිම තැන උගෙන් ඇහුවා 
"මොකේද බන් යන්න ඕනෙ...??"
" හිටපංකො හිටපංකො... !!"
ඔං උත්තරෙ... කොළඹ දන්නවා කියලයෑ.. ආයෙත් ඉන්නවා ඉන්නවා... බසුත් හෝ ගාලා යනවා... ම්හු... මූ නගින්නෙ නෑ..
"අඩෙ තාම නැනෙ බං... "
"හිටපං බං හදිස්සි නැතිව..."
" දැං ඉතිං ලොක්කගෙන් බැනුම් තමයි.."
 දැං එක එකා බිම වාඩි වෙලා ඔළුවෙ අත ගහගෙන... සමහරු තාප්පෙට හේත්තු වෙලා.. අනතිමට එකෙක්ට මල පැනලා ජාතිය අමතලා ඇහුවා...
"බල්ලො දන්නැත්තං දන්නෑ කියපිය... මොකෙද තෝ එදා ගියේ... ??"
"එදා බන් නිල් ඉරි ඉරි බස් එකක ගියේ බං ඒක තාම නැනේ...."

පොයියා දැං කොල්ලුපිටියෙ පොලොසියේ ට‍්‍රැෆික් රාළහාමි කෙනෙක් කොහොම රාජකාරි කොරනවද මන්දා... 

අනිකා මීයා... අවුරුද්දට ඔක්කොමලා උංගෙ ගෙදර යන්න සෙට් වෙලා... හැමොම වෙලාවට ටවුමට සෙට්වෙලා සන්කුයික් එකක් කාරිය අරගෙන බස් එකකට නැග්ගා.. දැං බහින තැන දන්නෙ නෑනෙ ඌට කොල් එකක් ගත්තා... 
"මචං අපි බස් එකේ එන ගමන් කොහෙන්ද බහින්න ඕනෙ .. "
"උඹලා නිශ්ශංඛමල්ල පන්සල ගාවට ටිකට් ගනිල්ලා.. පන්සලට හෝල්ට් දෙකකට කලින් බැහැලා කෝල් එකක් ගනිං.... "

ඉතිං අපිට දිවැස් තියෙන්න ඕනෙ උංගෙ ගේ ගාවින් බහින්න.... 

තව ඉබ්බා කියලා එකෙක් ඉන්නවා.. ඌ පළවෙනි දවසේ එකෙක් එක්ක වැඩට ගිහිල්ලා... අරූ කියලා 
"මම හෙට වැඩට එන්නෙ නෑ බහින තැන මාර්ක් එකක් දාගනින් හෙට තනියම එන්න වෙන්නෙ" කියලා... පහුවදා මීයා වැඩට එනකොට 11යි දාඩිය පෙරාගෙන එනවා.. 
"මොකෝ බන් මේ...??"
" පයිං එන්ඩ උනානෙ බන්... මෙතනින් බැහැගන්ඩ බැරි උනා....ඊයෙ එනකොට මං හෙන කටවුට් එකක් මතක තියාගත්තා ඒක පහුවෙද්දි බෙල් එක ගැහුවනම් හරි.. අද එනකොට ඒක හම්බුනේ නෑ... කොන්දගෙන් අහලා බලද්දි පහුවෙලා.."
" මොකද්ද මතක තියාගත්ත කටවුට් එක....??" 
"අර අතන... යශෝධා ඉන්න, ලක්ස් එක.... !!"
මේකා මතක තියගෙන තියෙන්නෙ අර සැරින් සැරේට පින්තූර මාරුවෙන කටවුට් එකක්... අද බලන කොට ඒකේ හිටියෙ සංගීතාලු..

18 අදහස්..:

  • අසරණයා says:
    March 17, 2012 at 2:42 AM

    අය්යෝ... සිරිසේන.උඹටයි උඹේ යාළුවොන්ටයි වෙන දේවල්..

  • Unknown says:
    March 17, 2012 at 3:27 AM

    හික් හික් හික් දෙයියෝ සාක්කී අර පිංතූර මාරුවෙන කටවුට් සීන් එක නං මරු ඈ....හිනා ගියා නිකංම.....

  • අහවලා says:
    March 17, 2012 at 3:41 AM

    අපේ සෙට් එකෙත් එකෙක් ඔහොම පලවෙනි පාරට කොලඹ එන්න ඇවිත්, බම්බලපිටිය හරියෙ ඉඳල කොටුවට එන්න පැයකට වඩා ගියා (ට්‍රැෆික් මුකුත් නැතිව)... අපි නම් කිව්වෙ, මූ කොලඹ කියල බෝඩ් එකක් දැකපු ගමන් එතනින් බස් එකෙන් බැහැල, කොටුවට එනකල් පයින් ඇවිත් කියල... :D

  • ලහිරු says:
    March 17, 2012 at 7:23 AM

    ඇයි දවසක් එකෙක් කොළඹ ඇවිත් සෙනඟ දැකලා "මචන් අද කොළඹට පොළ ද " කියලා ඇහුව...!

  • හිතහොඳ පිස්සා says:
    March 17, 2012 at 9:32 AM

    නරකයියගෙ යාලුවෙක්නෙ ඒ නිසා අවුලක් නෑ.......:))))

  • කිරිපුතා says:
    March 17, 2012 at 10:42 AM

    පොයියා කියද්දි මට මතක් උනේ වෙන එකෙක්. බලද්දි ඌ නෙවේනෙ.
    බස් කතා නම් පට්ට මචං.

  • Tharindu Chathuranga says:
    March 17, 2012 at 10:50 AM

    කටවුට් සරණං ගච්චාමි

  • Observer says:
    March 17, 2012 at 11:14 AM

    එකෙක් ගෙදරට එන පාර හරියටම කියල, දොරට ගහපං කිව්වලු වැලමිටෙන්. ඒ මොකෝ බං වැලමිටෙන් කියල ඇහුවම, ඇයි බං බෝතල් බයිට් අතිං කටිං උස්සන් ආවම වෙන කොහොමද දොරට තට්ටු කොරන්නෙ කියල ඇහුවලු.

  • අඹයා says:
    March 17, 2012 at 1:55 PM

    "අද බලන කොට ඒකේ හිටියෙ සංගීතාලු." හයියූඌඌඌඌඌඌඌ :D හිනා හතයි!!

  • Dude says:
    March 17, 2012 at 7:37 PM

    මාත් ආසාම එක අන්තිම එක. ඔය දෙවෙනි එකේ විදියට එකෙක් මට පාර කිව්වනෙ. මූ කිව්වා. මම බහින හෝල්ට් එකට හෝල්ට් දෙකක් තියෙද්දි බහින්න කියලා.

    පබ්ලිශ් එබුවම කොමෙන්ට් එක ආගිය අතක් නැතුව නන්නත්තාර වච්ච නිසා ආයෙම එබුවා. වඩේ එක ඩිලීට් කරපන් නරකේ
    henryblogwalker the Dude

  • Dude says:
    March 17, 2012 at 7:39 PM

    නොදකින්. වඩේ එක නෙවෙයි වැඩි එක. වඩේ එක හෙම ඩිලීට් කරන්න එපා, වැරදිලා කියවුනේ
    henryblogwalker the Dude

  • Observer says:
    March 17, 2012 at 8:29 PM

    මේ පාර නං ඇත්තටම ඔබා දොයි....

  • sAm (සෑම්) says:
    March 17, 2012 at 10:48 PM

    අන්තිම එක ෆට්ට ඕයි.. තව ඕනේ..

  • සිත්රූ සිහින says:
    March 18, 2012 at 10:17 AM

    :D :D

  • වර්ණා says:
    March 18, 2012 at 1:10 PM

    අප්පා මාර මෝඩ කස්ටියනේ මෙයාගේ යාළුවො :D

  • duliponline says:
    March 20, 2012 at 1:14 AM

    එහෙවු යාලුවෝ සෙට් එකක් ආස්සරේ කරන උඹ වගේ එකෙක් මටත් ආස්සරේ කරන්න උනානෙ හැබෑට :(

  • නරකයා....!! says:
    March 20, 2012 at 9:59 AM

    අසරණයා - ලොවෙත් සීන් වෙලා තියේ... තව සමහර ඒවා ලියන්ඩ අවසර නෑ..

    ඔබ නොදු‍ටු ලොවක් - මේ පැත්තෙ ආවට තැංකුයි ඈ

    අහවලා - අඩෝ සිරාවටම ඔය වැඩේ මං කරලා තියෙනවා

    ලහිරු - හිකිස්

    හිතහොඳ පිස්සා - ඔව් ඉතිං ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්ඩ බෑ..

    කිරිපුතා - නෑ නෑ... ඌ නෙවේ..

    සොඳුරු මිනිසා - සාදු සාදු සාදු....

    Observer - අර අතන හරකෙක් බැඳලා ඉන්න තැනින් වමට හැරිලා වෙන්ඩ ඇති ගෙදරට යන්නෙ

    අඹයා - තැංකුයි මේ පැත්තෙ ආවට..

    Dude - නෑ නෑ... වඩේ එකක් නෑ... මෙක විතරයි තියෙන්නෙ

    sAm - ස්තූතියි
    සිත්රූ සිහින - :D :D
    වර්ණා - ඒකනේ වර්ණා...... ඔයත් මගේ යාළුවෙක් උනේ...

    ඕනයා - තූ තෝ... මං අස්සරේ කරන ඔක්කෝම එකයි....

  • සිතූ - Sithu - says:
    March 23, 2012 at 7:41 PM

    hehehe :)) (Y)

Post a Comment

Followers