twitter
    කසුන්ගේ ඇස් වලින් ලෝකය දකින්න

Tuesday, March 13, 2012

මට ලියනු බැරි කවිය ඔබ




කවියෙක් නොවෙයි මම
සොඳුරු පද වැල් ගොතන්නට
ඒත් ආසයි
ඔබ ගැන කවියක් ලියන්නට

තෙරපෙන හැඟුම් සිත තුල
කවියෙක් කරයි මා සිත
මටත් ආසයි 
ඔබ  ගැන කවියක් ලියන්නට

පන්හිඳ නිසලයි තවම
අසරණයි මගේ කවි සිත
ඔබ ගැන ලියන්නට
වචන මදි මට හොඳටම

නිදි වරා රෑ තුන්යම
වෙහෙසිලා හිත හොඳටම
ඒත් තාමත්
මට ලියනු බැරි කවිය ඔබ

පද ගලපගනු බැරි 
අසරණ වූ කවියා මම
මට ලියා ගනු බැරි
සොඳුරුතම වූ කවිය ඔබ


15 comments:

  1. ඈ නොදකින
    ඈවෙනුවෙන්
    ලියුනු සොඳුරු
    කවි පෙලක්,
    මීට වැඩය
    වටිනවාද
    ඈ හට වෙන
    තිලිණයක්....

    ReplyDelete
  2. සිතේ ඇති පෙම
    එකට කැටි කොට
    පිටකරපන් නුඹ
    වාතලයට,
    ප්‍රාර්ථනාවක් ලෙසට
    ..........
    පද ගලපනු බැරි
    සිතුවිලි,
    එසිතට
    දැනෙන්නට
    .......

    ReplyDelete
  3. කවියෙක් නෙවෙයි කිව්වට හොඳ කවියෙක් වගේ........:)

    ReplyDelete
  4. ලස්සන කටි ටික

    ReplyDelete
  5. හරිම ලස්සනයි අනේ . හොඳට කවි ලියන්න පුලුවන්නේ ඔයාට.

    ReplyDelete
  6. ගොතා ගන්නට බැරි වුනත් අද
    ලියූ මේ කව වටී මාහට
    නුඹේ හදවත මෙමා වේනම්
    එපා කවි කම් එපා මට නම්... :D

    ReplyDelete
  7. කවි ලියන්න බැරි අයත් ඉබේම කවියො වෙන්නෙ ඔහොම වෙලාවට තමා මල්ලි..:))

    ReplyDelete
  8. හුඟ දවසකින් මේ පැත්තෙ ගොඩ වැදුනෙ.. කසුනා කවියෙක් වෙලානෙ

    ReplyDelete
  9. කියා ගන්න බැරි තරම ට....අන්ත අසරනය් මා සිත නුඹට බැඳී පෙමින් ....තුරු තුරු තුරු තුරූ...

    ReplyDelete
  10. කවි පද ටික හරිම අගෙයි.

    ReplyDelete
  11. මේකනෙ කේස් එක. කසුන්ලා කවියෙන් පෝස්ට් ලියනකොට අපි වගෙ කමෙන්ට් එකක් දාගන්න කවියක් හදාගන්න බැරි වුන්ට හිතෙන්නෙ ෂෙහ්, නිකම්ම ලිව්වොත් සෙරෙප්පු දාගෙන මගුල් ගෙදර ගියා වගෙ තියෙයිද කියලා.
    හොඳ නිර්මාණයක්. *****

    henryblogwalker the Dude

    ReplyDelete
  12. ගොතා ගන්නට බැහැ මට මේ කව
    නුඹ වෙනුවෙන් ලියන්නට හැදුව
    ඇරඹුම පමණයි කවියේ පේලි වල
    උපමා නැතුව නුඹ ගැන ලියන්නට..

    කවි ටිකනම් නියමයි කසුනෝ.. දැන් උඹට මේ කවුරු ගැනද ලියා ගන්න බැරුව ඉන්නේ??

    ReplyDelete
  13. බෑ කිය කිය ලියල තියෙන්නේ ,,...

    ReplyDelete
  14. බෑ බෑ කියාගෙන 5කුත් ලියල... ඒ මොනාද එතකොට????

    ReplyDelete
  15. හරිම ලස්සනයි අයියා කවිය.. දැන් කියමුකෝ බලන්න කවුරු ගැනද මේ කියන්නේ කියලා..

    ReplyDelete

හිතට එකඟව කියන්න දෙයක් තියනවා නම් කියලම යන්න.