Sunday, February 19, 2012

කවි සිත 2

(දික්‌)සා මුද්ද..

ආදරය තුරුලු කරන්
මම
ඔයාව එයාට දුන්නා.
එයත් ගොඩක්‌ ආදරෙන් මට
ඔයාව
දුන්නා.
එත්
එක දවසක්
එක පාරටම
ඔයගෙ වටිනාකම එයාට
නැති උනා.
හිත වද දෙනව හුගාරියක්‌.
ආදරයේ සංකේතය උගස්‌ උනා.
ආයෙමත් බේරුවා.
තරහ ගියහම ඔයාව එයා
වීසි කෙරුවා.
ආයෙමත් ලගට ගත්තා.
මම තවමත් නිහඩයි.
අපිව එකතු කෙරුව සංකේතය ඔයා.
ඒත්
ඔයාට වටිනාකමක්‌ දෙන්න තවම
අපිට බැරි උනා.
එක්‌ ආදරයක්‌ ලාච්චුවක හිර වෙලා.
තව ආදරයක්‌ මා ඉදිරියේ..
හ්ම්ම්ම්..
මොනවා කරන්නද??
ඒ දවස ගැන හිතන
හැම මොහොතකම
මගේ පපුව
පිච්චෙනවා.
ඒත්
මම අද ඔයා දිහා බලලා
සතුටු වෙනවා.
ඔයාවත් මට ලන්වෙන්න.
මට රවන්නැතුව
එන්න
ආයෙමත්
මගෙ අතටම.

2 comments:

  1. විරහ කවියක් ඔයා මේ පටන් ගත්තු විදියෙන්ම තේරෙනවා ඔයාට හොඳ හැකියාවක් තියෙනවා කියලා.

    දිගටම ලියන්න බ්ලොග් අවකාශයේ දිගු ගමනක් යන්න මගෙන් සුභ පැතුම්..


    Word Notification නැතිකරලා දාන්න.කමෙන්ට් කරන හැමෝටම එතකොට ලේසියි.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete

මේක කියවල මොනවා හරි කියල යන්න. ඒක මට ලොකු සතුටක්.මොනවත් කිවුවේ නැහැ කියල තරහක් නැහැ ඔයාලා එක්ක.

ස්තුතියි!!..