Wednesday, March 7, 2012

ලංකාවේ හොදම වීඩියෝ එක පොලිසිය ( ද ) ? - "Policiya" Best Music Video or not?

[පින්තුරේ ඉස්සුවේ ගුගල් දෙයියගෙන්]
මිට අවුරුදු තුනකට පමණ කලින් සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී ලංකාවේ සංගීත වීඩියෝ පට ඇගයීමේ උළෙලක් ආරම්භ විය.ඒ Derana Music Video Awards නම් විය.තබන ලද ආරම්භය අති සාර්ථක එකක් නම්  නොවීය.පළමු උළෙල තාක්ෂණික දෝෂ , නිවේදකයන්ගේ දුර්වලතා වලින් අඩුවක් නැති විය.සම්මාන ලැබූවන් පිළිබඳ එතරම් ගැටළුවක් නොවුවත් සමස්ථ උළෙල අසාර්ථක පැත්තට බරය.

පළමු උළෙලේ තිබු අඩුපාඩු මගහරවමින් පැවැත්වූ දෙවැනි සම්මාන උළෙල විශිෂ්ට අන්දමින් පැවැත්විය.සරලවම පැවසුවහොත් ජාත්‍යන්තර සම්මාන උළෙලක තිබිය යුතු ප්‍රමිතිය හැකි පමණ ආරක්‍ෂා කරගනිමින් දෙවැනි උළෙල සංවිධානය කර තිබින.පසුතල අලංකරණය, ආලෝකකරණය ඉතා මැනවින් සිදු කර තිබු අතර ගීත නිර්මාණ අතරට එක්කර තිබු නාට්‍යමය ජවනිකා මගින් උළෙල තවත් අලංකාරවත් කර තිබුනහ.

නොකඩවා තෙවැනි වරටත් මෙවර Music Video උළෙල පැවැත්වුන අතර කණගාටුවෙන් වුවද පැවසීමට ඇත්තේ දෙවැනි වර පැවති සම්මාන උළෙලහි තිබු කික්  එක මෙවර තිබුනේ නැති බවය. දෙවැනිවර තිබු සම්මාන උළෙල තිබු අපුරු හැඩතල කිසිවක් මෙවර තිබුනේ නැත. පසුගිය සම්මාන උළෙලවල් හිදී  ජනප්‍රිය අංගයක් වූ  දුකා - රුක්ෂාන් එකතුව සිදු කරන මඩ ගැසීමේ  අංගය මෙවර තිබුනේ නැත , ඒ වෙනුවට දුකා පමණක් පැමිණ මොනවද සිදු කර වේදිකාවෙන් ඉවත් විය. හාස්‍යෝත්පාදනය සෑම විටම එක ලෙස සිදු කිරීම අපහසු බව සැබෑ වුවත් මෙවර මඩ ගැසීමේ  අංගයට එතරම් සුදානමක් තිබු බවක් නම් පෙනෙන්නට නොතිබින.

සුපුරුදු ලෙසම ගියවර මෙන්ම නිවේදන කටුයුතු සදහා සිටියේ අනර්කලී සහ සාරාංගය.දේශපාලන අනාගැනීම් කුමක් වුවත් ලංකාවේ කඩ්ඩ නිවේදනය සම්බන්ධයෙන් අංක එක අනර්කලීය.ඊටත් අමතරව දැන් අනර්කලී සිටින්නේ වෙනත් නාලිකාවක් සමගය.එසේ තිබියදීත් අනර්කලීට නිවේදනයට ආරාධනා කිරීම සහ ආරාධනාව පිළිගැනීම ගැන දෙරණත්, අනර්කලීවත් අගය කල යුතුය.මන්ද ලංකාවේ මේ තාක් කල් ( නාරද බක්මීවැව හැරුන කොට ) ස්වාධීන මාධ්‍යවේදී  සංකල්පය තිබු කෙනෙක් මා දැක නැති නිසාය. ( මෙහිදී ස්වාධින මාධ්‍යවේදී යනුවෙන් මා අදහස් කරන්නේ එක නාලිකාව සිර නොවී සිටීමය ) .වෙනදා මෙන්ම සාරංගත් තමන්ගේ නිවේදන කාර්‍යය නිර්මාණශිලිව ඉටු කෙළේය. කමල්ගෙන් පසුව නිවේදනය කොපි නොකර කල හැකි පරපුරක් සිටීම ගැන අවංකව සතුටු විය හැක.

ජනප්‍රියම සම්මාන සදහා නිර්දේශිත නාම ප්‍රකාශයට පත් කල දා පටන්ම බලාපොරොත්තු වූ පරිදිම දිගු දෑස දුටුවාම  ගීතයට ජනප්‍රියම වීඩියෝවට හිමි සම්මානය ලැබිණ.ගියවර රම්බරි  ජනප්‍රියම ගීතය වූ අයුරින්ම දිගු දෑස දුටුවාම  ගීතයට ජනප්‍රියම වීමට ඕනෑ තරම් හේතු ඇත.එම වීඩියෝවේ ඕනෑ තරම් අමා ලක්ෂණ ඇත. ;)

සම්මන උළෙලේ කිසිදු සම්මානයක් සම්බන්ධයෙන් මා හට ගැටලුවක් නොමැති වුවත් හොදම වීඩියෝවට හිමි සම්මානය පොලිසිය වීඩියෝවට ලැබිම ගැන නම් ගැටලුවක් ඇත. කසුන් ගේ කදුළු වීඩියෝවත් පොලිසිය වීඩියෝවට වඩා සිය ගුණයක් ඉදිරියෙන් සිටියි.

සමස්ථයක් ලෙස උළෙලේ මා දුටු සුවිශේෂීම අවස්ථාව වුයේ , අහන් ඉන්න - අහගෙන ඉන්න ගීතය ගායනා කරන මේකලා ගමගේ  හොදම නවක නිර්මාණ ශිල්පියාට හිමි සම්මානය ලැබුණු අවස්ථාවයි. කසුන් කල්හාර අතින් ඒ සම්මානය ලබාගන්නා අවස්ථාවේදී උළෙලට පැමිණි සියලු දෙනාම පාහේ  තමන්ගේ අසුන්වලින් නැගී සිට මේකලාට තමන්ගේ ආචාරය පුද කර සිටියහ.

අවසාන වශයෙන් සාම්ප්‍රදායික සම්මාන ආකෘතියෙන් මිදී අලුත් යමක් කිරීමේ උවමානව ඇති දෙරණට සුභ පතන අතරම ලංකාවේ පවත්වන අනිකුත් සම්මාන උළෙලවල් අවම වශයෙන් මේ තත්වයෙන් වත් පැවැත්වීමට සම්මන උළෙලවල් සංවිධානය කරන උදවියට හැකි වේවායැයි ප්‍රාර්ථනා කරමි.

38 comments:

  1. දිගු දෑස දුටුවාම - අන්න නියම වෙළද උපක්‍රම! ඒ වගේ ගොන් පාර්ට් දැම්මාම ලොවෙත් ජනප්‍රිය වෙනවා. ඇයි මිනිස්සු හොය හොය බලනවනේ! ඒ සංකල්පය ඇත්තටම අගය කළ යුතුයි.

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා Marketing Strategies ;)

      Delete
  2. ඇත්ත මේ පාර මඩ වේලිලා තිබුනේ.අවුලක් නෑ ෂෝ එක හොදයි.පොලිසිය ගීතය ගැන තීරණේ ඒ තරම් අප්සට් එකකුත් නෑ. කාලීන ගිතයක් නේ!

    ReplyDelete
    Replies
    1. මඩ නැති එක අවුල් බන්..ඒ උනාට වෙන සිරා සින්දු තිබ්බා..

      Delete
  3. මමත් එකක් ලියන්න උන්නේ. දැන් ඕන නෑ වගේ හිතෙනවා. පොලිසියට සම්මාන් දුන්නා වැඩියි. ඒක හොඳ ගීතයක් උනාට ඊට වඩා ලස්සනයි ඔමාරියාගේ වස්සානයට ගීතයේ වීඩීයෝව. අනර්කලි හොඳයි අනර්කලිගේ ඇඳුම හොඳා......යි. ඇත්තටම ඒකි අපිට ආඩම්බරයක්. අනිත් කෑලි දෙකත් මරු. බාතිය අලි කෙප්පයක් කෙලියා ජැකා කවදාවත් බයිලා කියලා නෑ කියලා. ඌ කියන්නෙම බයිලා නේ. මේකලාගේ සම්මානෙට මටත් කඳුළු ඉනුවා. මම හිතන්නේ දෙරණෙම අයට දෙන්නේ නැතුව සාධාරන විදියකට දෙනවනම් ඔයිටත් වඩා නැගලා යයි. රසික සහබාගීත්වයත් අනිවාර්යයෙන් තියෙන්නේ ඕනමයි. මටනම් හොඳම රෙගේ සින්දුව "තරුමිනි ඔච්චම් පාවී" ඒත් ඒක නිර්දේශවෙලාවත් නෑ.. බලාගෙන ගියාම එකම කට්ටියකට බෙදාගැනිල්ලක් තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. හොඳා......යි. ඒකනං ෆට්ටයි ආ ... :-D

      Delete
    2. වස්සානය අත වනලා ( ඕඩියෝ + වීඩියෝ ) දෙකම හොදයි..ඒක 2012 නේ ආවේ..මම හිතන්නේ ලබන පාර එකට තමයි සෙට් වෙන්නේ.. ( තරුමිනි එකටත් ඒ සින් එකමද මන්දා , සුවර් නැත )
      හිකිස්‌ මාත් භාතිය කියන ඒක අහන් හිටියේ හිනා වේවි තමා...

      Delete
  4. මමත් හරි ආස සිංදුවක්...

    ReplyDelete
    Replies
    1. සින්දුවද වීඩියෝ එකද ;)

      Delete
  5. දිගු දෑස සිංදුව හොදයි.. මම කැමතිම සිංදුවක්.. ඒත්... අවුල ඒකෙ දෙබස් කියන විදිය තමා....

    ReplyDelete
    Replies
    1. හරි හරි දෙබස් අමතක කරන්නකෝ හිතු , ඒ උනාට අමා ලක්ෂණ තියෙනවනේ :P

      Delete
    2. අපෝ..මම ඔය අමා ලක්ෂණ වලටත් වැඩි කැමත්තක් නෑනෙ..;)ඔය සිංදුව ඇහෙද්දිම මතක් වෙන්නෙ අර අමා ඔක්කාරෙට ඇවිත් වගේ කියන දෙබස් ටිකනෙ හෆ්ෆා... අයියෝ සල්ලී!!! ;)

      ප.ලි- අයියාට තලහ යයිද මංදා..;)

      Delete
  6. මේකනේ.. ඉරාජ් ඉතින් දෙරණේ ඉන්න එකානේ .... :P

    ReplyDelete
    Replies
    1. ඒ උනාට පහුගිය වතාවල එහෙමට ඇද්දේ නෑ බන්.. මෙහෙමයි පොලිසිය වීඩියෝ එකේ අවුලක් නැහැ..ඒත් ඊට වඩා හොද ඒවා තිබ්බ..

      Delete
  7. අපිට ඉතින් මේවා බලන්න චාන්ස් එකක් නෑනේ.. නැද්ද මේක බලන්න ලින්ක් එකක් එහෙම..

    ReplyDelete
    Replies
    1. යු ටියුබ් එකෙත් ෆුල්ම ෂෝ එකේ ක්ලිප්ස් තියනවා මචෝ..

      Delete
  8. මම නම් ඇත්තටම දිගු දෑස සිංදුවට අකමැතියි... ඇයි දන්නෙ නෑ... :( හැබැයි අර මාතලන් අයිය කියල තිබ්බ උමාරාගේ සිංදුවට නම් ටිකක් කැමතියි...

    පොලිසියට වඩා හොඳ සිංදු නම් තියෙනවා... නිසි ඇගයිමක් නෑ...

    ReplyDelete
    Replies
    1. මම නම් ඕන එකක් අහනවා අෆ්ෆා..( බුට්‌ ගීත නොවන ඕන දෙයක් )
      අපොයි ඔව් ශානි ඊට වඩා කොච්චර හොද සින්දු තියෙනවද...

      Delete
  9. මට නම් හරිම සතුටුයි...මොකෝ මම ඕකේ බලන් හිටියේ ඉන්ද්‍රචාප අයියට උල්කාපාතයක් කියන සින්දුවට සම්මානයක් හම්බෙයිද නැද්ද කියන එක විතරයි...හොදම වීඩියෝව විදිහට අර වැඩ බැරි ටාසන් ගේ සින්දුවට වඩා දෙන්න හොඳ සින්දු තිබ්බා....

    ReplyDelete
    Replies
    1. ආ උල්කාපාතයක් නම් ෆට්ටම සින්දුවකි...

      Delete
  10. මේ පාර නම් බලන්න බැරි වුනා , අනර්කලී නෝනගේ කඩ්ඩ නිවේදනේ නම් එලම තමා,CIS ගිය කෙනෙක්ගෙ එහෙම නැතුව බෑනේ

    පොලිසිය සිරා සින්දුවක් ඒත් හොඳම විඩියෝව ට නම් ????

    දිගු දෑස නම් අමු චා , සින්දුව හොඳයි අර ගොන් දෙබස් ටිකෙන් වැඩේ කාලා

    ReplyDelete
    Replies
    1. ආ ඒක තමා ගිය පාර බුවා පොස්ට් එකක් දාල තිබ්බත් මතකයි මට..
      පොලිසිය සින්දුව උබට සිරාද බන්..මට නම් අවුල් ( කියන දේවල් නම් ඉතින් වෙනම කතාවක් )

      දිගු දෑස වීඩියෝ ඒක නම් දෙබස් ටික හින්දා භක්ෂණය කරලා කියන එකට මාත් එකගයි.."අනේ පවන් ඔයා මාව දාල යන්නේ නෑ නේද.. " ඇහෙනකොටත් ඇග කිලි පොලා යනවා..

      Delete
    2. සින්දුව සිරා කිව්වේ සංගීතය පැත්තෙන් නෙවෙයි විඩියෝව සහ අර්ථය අනුව , මොකද නියමෙට වදින්න ගහන නිසා . ඉරාජ්ගේ සින්දුවල කොහොමටත් ඉතින් සංගීතයක් කියල එකක් නැහැනේ විඩියෝවෙන් දෙන ආතල් එක තමයි විඳින්න තියෙන්නේ

      අර දෙබස් ටිකට නම් ඇඟ කිලිපොලා යනවා තමයි :) ,

      Delete
  11. මේඛලා ගමගේට දුන්න සම්මානය තමයි සිත් ගත්තෙ ගොඩක්ම......"පොලිසිය" හොඳයි පොලීසියටම......

    ReplyDelete
    Replies
    1. ඒකනේ මේකලා දීපු සම්මානේ තමයි වටිනම එක..

      Delete
  12. මට මතක විදිහට ඉරාජ් ද කොහෙද මඩ ගහන්න ගිහින් සමිතට මල පැන්නා ! හික්ස් :)
    පොලිසිය සිංදුවේ වචන ටික නම් නියමයි. !

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් අයියේ එ වෙලාවේ මම හිතුවේ විහිළුවට කියලා..පස්සේ තමයි ක්ලික් උනේ සමිතට මල පැනලා කියලා...

      Delete
  13. ඔන්න මගෙ අවංක අදහස. අවුරුදු දෙකකට කලිං ඔය ගොඩක් තේරුමක් නැති කෑගහන සින්දු මමත් ඇහැව්වෙ පිස්සුවෙන් වගේ. ඒත් දැන් මට අවංකවම හිතෙනව මම මොන මෝඩයෙක්ද කියල. මට දැන් ඉතිං සුනිල් එදිරිසිංහයන්ගෙන්, ටී.එම්. ජයරත්නයන්ගෙන්, වික්ටර් රත්නායකයන්ගෙන් එහා ලොවක් නෑ. ගොඩක් මියුසික් වීඩියෝත් පේන්න බෑ. හැබැයි අලුත් ඒව අතරෙ හොඳ සින්දුත් නැතුවා නොවෙයි. මගේ අදහසට චම්ම තරහ වෙන එකක් නෑ මං හිතන්නෙ.

    ReplyDelete
  14. මේකලා ගමගේට සම්මානයක් ලැබුන එකට නං සතු‍ටුයි..ඒ වගේ අයව අගයනවා අඩුයිනේ.....

    ReplyDelete
  15. දිගු දෑස වීඩියෝ එක ලංකාවට අලුත් විදියේ වැඩක් වුණාට වුණාට, ලංකාවේ මෙගා නාටියක් බැලුව වගේ පුහු හැගීමක් දැනෙනවා මට...
    මේකලා ගමගේ ඇගයීම නම් සංවේදී අවස්ථාවක් වුණා.. :))

    ReplyDelete
  16. හ්ම්ම්.. මුල් ටික යු ටියුබ් එකේ බලල මට අප්පිරිය වෙලා වහල දැම්ම. බලන් ගියාම ඔක්කොම චා වෙලා අර මේකලාගේ සම්මානෙන් ඔක්කොම වහගන්න හදල වගේ..

    ReplyDelete
  17. ඔය කථා කරන එක සින්දුවක් වත් අහල හෝ එක වීඩියෝවක් වත් දැකල නෑ, ඒ නිසා මොනව කියන්නද ?

    ReplyDelete
    Replies
    1. ඒත් හැම නිර්මාණයක්ම රසවින්දොත් තමා හොද, අනික මොන පචයක්ද මේ කියලා තියෙන්නේ. අහලවත් දැකලවත් නෑ කියන්නෙ. පච ගහනවා ලොකු පණ්ඩිතයා වගේ. ටීවී රේඩියෝ ඉන්ටනෙට් වල නිතරම යන්නේ මේ සින්දු, දැකලා නැහැල්ලු. පුහ්

      Delete
    2. යකෝ! දැනගෙන කතා කරපිය. මෙහේ තියන ඔය කියන කෑ ගහන සින්දු ඕස්ත්‍රේලියාවෙ ටී.වී. වලවත් රේඩියෝ වලවත් යන්නෙ නෑ. උඹ ඒක දන්නෙත් නැද්ද? පුහ්.

      Delete
  18. මටත් පොලිසිය වීඩීයෝවට වඩා අනික්වට දුන්නොත් හොඳයි කියලා හිතුනා! ඉගෙන ගත්තු මේ ගැන දන්න මිනිස්සුනේ ඕව්වා තෝරනවා ඇත්තේ!අපි නොදකින මොනා හරි ඒ මිනිස්සු දකිනවා ඇති!

    ReplyDelete
  19. මමනම් ඔය මලඉලව් සින්දුවලට කැමති නැහැනේ :D

    ReplyDelete
  20. ලංකාවේ ඉන්ටර්නැෂනල් පොර ඉරාජ්නේ බං.ඉතින් උට සම්මානයක් දෙන්නම එපැයි.දෙරණ කරේ අන්න ඒකයි.

    ReplyDelete

හිතට එන ඕනැ එකක් කියල යන්න... Always Be My Guest !!!!!