Sunday, March 4, 2012

සෙල්ලමට අයිති නැහැ...




හැම දෙයක්ම ඒ විදිහටම උනේ නැතිවුනත් සමහර දේවල් ඒ විදිහටම වෙනවා.අනාගතේ දිනක එදා ගත්ත තීරණය හරි කියල තේරුම් ගත්තට, ඒ නිසා අහිමි කරගත්ත දේවල් කවමදාවත් ආයෙ ලබා ගන්න බැරි තරම්ම ඇතට ගිහින් තියෙනවා.ලොකු බලාපොරොත්තු නැති නිසාම කිසිම දේකට ආසවක් නැහැ තමයි.ඒ උනත් හිත කියන දේ රවට්ටන්න අමාරුයි හැම වෙලාවෙම.

 කෙනෙක් ගෙ සතුට වෙනුවෙන් ජීවිත්යෙන් ඔට්ටු අල්ලන මිනිස්සු තව කොච්චර ඇද්ද කියලත් හිතෙනවා.ඕනිදෙයක් වුනාට කමක් නැහැ කියලා ආත්මාර්ථකාමී තීරණ මිනිස්සු ගන්නෙ ඇයි කියලා තේරුම් යන දවසට හිතේ සතුට මගෙන් ගොඩක් දුරට ගිහින් ඈතට වෙලා බලන් ඉන්නවා.ඒ ආයේ කවදාවත් නො එන්න ම ....

එක පාරක් කරපු වැරද්ද ආයෙ පාරක් කරන්නෙ නෑ කියන්න පුලුවන් වෙන්නෙ තවත් වාරයක් එනවා නම් විතරයි.හැබැයි සමහර අයට සමහර දේවල් නැති වෙන්නෙ සදහටම.ඇස් ඉදිරිපිට තිබ්බත් ආයෙ නොපෙනෙන්න.විදවන ජීවිතය විදින්න හැමෝටම වාසනාව නැහැ නේද කියලා  හිතුනා....

ජීවිතය හරියට දාම් ලෑල්ලක් වගෙ.ඉස්සරහට දැම්ම ඉත්ත  එහෙට මෙහෙට පනින එක නවතින්නෙ එක්කො සෙල්ලම දින්නාම නැත්නම් කැපුනාම.ඉස්සරහට යනවා ඇරෙන්න වෙන උත්තරයක් නැහැ.
කව්ද කොතැනද වරද කලේ කියන්න පුලුවන් උනත් , දැන් ඒ කිසිම දෙයක් සෙල්ලමට අයිති නැහැ...

No comments:

Post a Comment

UCSC සිං හ ල එ සැ ණි න් ප රි ව ර් ථ ක ය